(මනෝප්රිය ගුණසේකර)
කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් මංසන්ධියේදී පොලිස් පරීක්ෂකවරයකු ගමන් කළ යතුරු පැදිය අනතුරකට ලක් කොට පොලිස් පරීක්ෂකවරයාට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වරද පිළිගත් උසස් පොලිස් නිලධාරියකුගේ පුත්‍රයකුට අත්හිටවු සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳට රුපියල් ලක්ෂ 26 ක වන්දියක් ගෙවීමටද නියම කළේය.
වසර 04කට පෙර සිදුවු වරදක් සම්බන්ධයෛන් වු චෝදනාවන්ට වරද පිළිගත් උසස් පොලිස් නිලධාරියාගේ පුත්‍රයාට වසර වසර 02ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කොට එය වසර 15 ක කාලයකට අත්හිටුවු විනිසුරුවරයා අනතුරට ලක්වූ පොලිස් පරීක්ෂකවරයා පැදවු යතුරුපැදිය වෙනුවෙන් රුපියල් 1 50 000/- වන්දියක් රජයට ගෙවීමටද විත්තිකරුට නියම කළේය.
චෝදනාවන්ට වරද පිළිගැනීම හේතූවෙන් මෙලෙස දඬුවම් නියම වුයේ නවිඳු උමේෂ් රත්නායක නමැති තරුණයකුටය.
2019 වසරේ පෙබරවාරි මස 10 වනදා කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් මංසන්ධියේදී පොලිස් නිලධාරියකු ගමන් කළ යතුරු පැදිය අනතුරට ලක් කිරීම එම පොලිස් නිලධරියාට බරපතල තුවාල කිරීම යන චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබිණී” මෙම අනතුරින් බරපතල තුවාල ලැබු පොලිස් පරීක්ෂක ආනන්දසාගර සරත්චන්ද්‍ර මහතා එම තුවාල සම්බන්ධයෙන් ප්‍රතිකර ලබමින් සිටියදී මිය ගොස් තිබිණී.
මෙම නඩුව කැඳවු අවස්ථාවේදී අදාළ චෝදනාවන්ට විත්තිකරු වරද පිළිගන්නා බව අධිකරණයට දැනුම් දුන්නේය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලිස් නිලධාරියා යට කළ පොලිස් ලොක්කාගේ පුතාට ලක්ෂ 26ක් ගෙවන්න වේ
පප්ප Thursday, 08 June 2023 05:20 PM
මේ වගේම සිද්ධියක් බොරැල්ලේ වූ බව මතක් වුණා මතක විදියට නාවලපිටියේ අපතයගේ පුතා වාහනේ හප්පලා පොලිස් බටයෙක් වල පල්ලට ඇරියා... නමුත් පුතා දවසක්වත් කුඩුවේ හිටියේ නැහැ. කාටත් එක වගේ නීතිය බලපාන කොමඩි ලන්තයක් වන අප රටේ එක නඩුවකුත් නැතිව ගෙදර ගියා...
නිහාල් Thursday, 08 June 2023 07:28 PM
ලක්ෂ 26ක් තියෙනවා නම් අච්චු නැතුව බේරෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය මිනිහෙක් වුණා නම් තමයි වැඩේ....
de silva Thursday, 08 June 2023 10:25 PM
ලොකු පොලිස් නිලධාරියෙකුගේ පුතෙක් වුණාම මුදලාලි ගෙවලා හිරේ නොගොස් ගොඩයන්න පුළුවන්...
Nimal Friday, 09 June 2023 01:57 AM
සභාතොමෝ සතුටින් විසිර ගියහ...
Donald G Friday, 09 June 2023 07:28 PM
රක්ෂණයෙන් නම් ගෙවයි...!
M Saturday, 10 June 2023 12:33 AM
මීට වසර 4කට පෙර වුණු විදිහට ලක්ෂ 26ක මුදල් සෑහෙයිද? අනික මේ අයට මීට වැඩිය සිර දඬුවම් දිය යුතුයි. පොලිස් නිලධාරියාගේ වටිනාකම ලක්ෂ 24ද? මේ වගේ අසාධාරණ කරන්න එපා.
Upasena Saturday, 10 June 2023 09:43 AM
අපේ හිටන් ලොක්කා අර වන්දිය ගෙව්වාද?