IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පොලිස් නිල සුනඛ අංශයට සුනඛයින් 35ක්

( ටී.කේ.ජී.කපිල )

පොලිස් නිල සුනඛ අංශය සදහා රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් වටිනා   සුනඛයන් 35 දෙනෙකු නෙදර්ලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළට අද(05) අලුයම රැගෙනවිත් තිබේ .

බෙල්ජියම් මැලිනොයිස් ( Belgiam Malinois ) වර්ගයේ  සුනඛයන් 13 දෙනෙකු , ජර්මන් ෂෙපර්ඩ් ( German Shepherd ) වර්ගයේ  සුනඛයන්        12 දෙනෙකු සහ         ඉංග්ලිෂ් ස්පැනියෙල් ( English Spaniel ) වර්ගයේ සුනඛයන් 10 දෙනෙකු ද මෙම සුනඛයන් අතර සිටින අතර ඔවුන් නෙදර්ලන්තයේ K.- 10 Working Dog  නැමැති පෞද්ගලික සත්ව ගොවිපළකින් මිළදී ගෙන තිබේ .

මෙසේ රැගෙන විත් තිබූ සුනඛයන් අතරින් 21 දෙනෙකු ගැහැණු සතුන් වන අතර ඉතිරි 14 දෙනා පිරිමි සතුන් වේ .

මොවුන් අතරින් ඉංග්ලිෂ් ස්පෑනියෙල් වර්ගයේ ගැහැණු සතුන් දෙදෙනෙකු මේ වනවිටත් ගර්භණී තත්වයේ පසු වන අතර තවත් බෙල්ජියම් මැලිනොයිස් වර්ගයේ බැල්ලියක එම ගොවිපළේ සිටි ශක්තිමත් බල්ලෙකු හා අභිජනනය කර රැගෙන විත් තිබුණි .

මීට පෙර 2018 වසරේ දී ද මේ ආකාරයට පොලිස් නිල සුනඛ කොට්ඨාසය සදහා සුනඛයන් විදේශයකින් ආනයනය කර තිබුණි .

මෙම සුනඛයන් භාර ගැනීම සදහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,  නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කටුනායක ගුවන් තොටුපොළ සත්ව නීරෝධායන ආයතනය වෙත පැමිණ සිටියේය .

මෙම සුනඛයන් එම ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ  පර්යන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ සත්ව නීරෝධායන ආයතනය වෙත රැගෙන විත් , එහි පශු වෛද්‍ය නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් පසුව පොලිස් නිල සුනඛ අංශය වෙත රැගෙන යාම සදහා එම සුනඛයන්ගේ පුහුණුකරුවන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .

 

 



අදහස් (4)

පොලිස් නිල සුනඛ අංශයට සුනඛයින් 35ක්

Perera Friday, 05 July 2024 09:55 AM

ඕකේ කොමිස් එක කීයද ගියේ, කාට කාටද ?

:       7       19

pakeer Friday, 05 July 2024 11:23 AM

බටහිර රටවල ඉන්න ආරක්ෂක අංශ නිලධාරින්ගෙයි අපියි අතර මාරම වෙනසක් තියෙනවා

:       0       2

පිටරටවැසියා Friday, 05 July 2024 12:45 PM

කාලෙන් කාලෙට, පොලීසියට බල්ලෝ, බැල්ලියෝ ඩොලර් දීල ආනයනය කරනවා. ඇයි ආනයනය නතර කරලා, අභිජනනය මෙරටම කරලා ඩොලර් ඉතුරු කරගන්න බැරි...කොමිස් නැතිවෙනවටද? කොහොම වුණත් ගෙන්නපු බල්ලෝ, බැල්ලියෝ අභිජනනය කරලා බිහිවෙන පැටව් පොලිස් ලොක්කන්ගේ ගෙදර තමයිනතර වෙන්නෙ....ලංකාවට අබ සරණම තමයි.....

:       4       4

ගමේ එකාලා Friday, 05 July 2024 05:21 PM

පොලිසිවල ඉන්නෙත් වැඩිහරියක් සුනඛ. වැඩ කරන අය නිසා හොන්දා

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 375 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 843 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 539 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 874 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1366 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 570 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37640 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site