IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පොලිස් පරීක්ෂක ලොකු පිංකමක් කරයි

කෑගල්ල, නෙලුම්දෙණිය නගරයේ ජිවත්වන ඉද්දෙමල්ගේද විරේලාගේ ලුසියා වයස අවුරුදු 60ක කාන්තාවකි. අවිවාහක ලුසියා වසර 40ක සිට වෙළදාමක් සිදු කළ ඇය එයින් දිනකට රුපියල් දහස් ගණනක් ඉපැවුවාය. මාස දෙකක සිට ඇය ඉන් ඉවත්ව සිටින්නීය. ඒ වෙනුවට ලුසියා නෙලුම්දෙණිය ව්‍යාපාරිකයකු යටතේ රුපියල් 15000ක වැටුපකට රැකියාව කරමින් තම ජීවිතය ගැටගසා ගනිති. අැගේ වෙනසට හේතුව කුමක්ද? ලංකාදීප එසැණ එය සොයා කෑගල්ල පොලිස් වසමට අයත් දැදිගම පොලිස් ස්ථානයට ගොඩවිය.

පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමනසේකර මහතා අපව ඉතා සුහදව පිළිගනිමින් ඒ පිළිබඳව මෙසේ පැවසිය.

ඇත්තෙන්ම ලුසියාගේ කතාව ඔයාලට කොහොම ආරංචි වුනාද කියලා මම දන්නේ නැහැ. නමුත් කතාව ඇත්ත. ඇය අවුරුදු හතළිහක් පස්වැනි සිල්පදය කැඩීමට සම්බන්ධ රැකියාවක නිරතවෙලා තියෙනවා. පොලිසියට කොටුවෙන වාර අනන්තයි. ඒ වගේමයි අධිකරණයට දඩ මුදල් ගෙවන වාරත්. දඩුවම් ලබලා ඇවිත් නැවත කරන්නෙත් ඒකමයි. මම පුද්ගලිකව ලුසියාට කරුණු කාරණා පහදලා දුන්නා. කාන්තාවක් වශයෙන් තවත් කාන්තාවන් කී දෙනෙක්ගේ පවුල් ජිවිත විනාශ කරවද කියලා ඇහැව්වා. ඒ විදියට අගේ මනසට මම කතා කළා. කියන්න සතුටුයි. ඇය එම වෙළදාම නවත්වන්න පොරොන්දු වුනා. ඒ වෙනුවට ඇය මගෙන් ඉල්ලීමක් කළා. ජිවත් වෙන්න රැකියාවක් හොයලා දෙන්න කියලා. නෙලුම්දෙනියේ මම දන්නා ව්‍යාපාරික මහත්තයෙකුට මේ ගැන කිව්වාම එයා ලුසියට රැකියාවක් දුන්නා. තවත් එක කාන්තාවක් පොලිසියට නිතරම ඇවිත් පැමිණිලි කරනවා තමන්ගේ සැමියා බීලා ඇවිත් තමන්ට පහර දෙනවා කියලා. ඒ නිසා ළමයට අධ්‍යාපනය ලබන්න විදියකුත් නැහැ කියලා. අපි නීතිමය කටයුතු කළා. නමුත් ප්‍රශ්නය ඒ විදියමයි. පන්සලේ හාමුදුරුවොත් එක්ක මම මේ ගැන කතා කරලා සැමියාට නොදන්වා ඒ ගෑණු කෙනාටත් පුතාටත් රැකියාවක් එක්ක තැනක් හොයලා දුන්නා. ළමයව පාසලකටත් ඇතුලත් කළා.දින කිහිපයකට පස්සේ ඇගේ සැමියා හොදටම අසනීප වුනා. ඇය ඔහු බලන්න ගියා. ඔහුට සැලකුවා. දැන් ඇගේ සැමියා බීම නවත්වලා ඇය ඉන්න තැනම රැකියාවක් කරමින් තුන්දෙනා එකට ජිවත් වෙනවා. තවත් එක් කාන්තාවක් තමන්ගේ දරුවට හොද අධ්‍යාපනයක් ලබා දෙන්න මේ ව්‍යාපාරයම කරනවා. ඇය කියන විදියට ඇය හිටපු අභ්‍යාස ලාභී නැටුම් ගුරුවරියක්. මිට වසර ගානකට පෙර රැකියාව නැතිවෙලා. සැමියත් ඇය අතහැරලා ගිහින්. ළමයා හොඳ සරසවියක ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගත්තා. දක්ෂතාවය නිසාම දියුණු රටකට ශිෂ්‍යත්වයක් ලැබිලා ඔහු එම රටේ ඉගෙන ගන්නවා. ඇයත් දැන් මේ වෙළදාම නවත්වන්න සුදානම්.රැ කියාවක් හොයලා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා.

මේ හැමදේම කරන්න මගේ ඉහළ නිලධාරීන්ගේ සහයෝගය මට ලැබෙනවා. සමාජ සුබසාධන අමාත්‍යංශය වගේ රජයේ ආයතනයක සහයෝගය අපිට ලැබෙනවා නම් නැතිබැරි කමට නීතිවිරෝධී මේ වගේ වැඩ කරන අහිංසක මිනිස්සුන්ව යහමගට ගන්න ගොඩක් දේ කරන්න පුළුවන්. කියන දේ අහන්නේ නැතිව නීතිවිරෝධී කටයුතු කරන කිසිම කෙනෙකුට මගෙ පොලිස් බල ප්‍රදේශය තුළ  බුරුලක් නැහැ. දේශපාලන බලපෑම් වලටත් මම යටත් වෙන්නේ නැහැ.

වසර 40ක් පුරාවට එමවෙළදාමේ යෙදුනු ලුසියා නමැති කාන්තාව සොයා ඇය සේවය කරන ස්ථානයට ද  අප ගියේය.

ප්‍රශ්නය, ඔබේ ඡයාරුපයක් සමග ඔබ ගැන පුවත් පතකට ලිව්වට කමක් නැත්ද?

ලුසියා,  නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ. මම කරපු දේවල් ගැන මම පසු තැවෙනවා. නමුත් මම දැන් ඒ වැරදි වැඩ නවත්තලානේ.

ප්‍රශ්නය,  ඔබ නිතිවිරෝධිව ලොකු ආදායමක් ලැබුවා. දැන් ඔබ ලබන්නේ සුළු වැටුපක් මොකද වෙනස ගැන හිතෙන්නේ?

ලුසියා,  මම ලොකු මුදලක් හෙව්වට ඒවා ගියේ උසාවියටයි, මම වෙනුවෙන් පෙනී හිටපු නීති මහත්වරුන්ටයි. මම මහන්සියෙන් හොයන මේ සුළු මුදල මට හොදටම ඇති.

web1 web2



අදහස් (0)

පොලිස් පරීක්ෂක ලොකු පිංකමක් කරයි

භද්‍රා Friday, 31 July 2015 11:34 AM

මහතාණෙනි, ඔබට මේ ජීවිතයේදීම මේ පිනෙහි ආනිසංස ලැබෙනවා සත්තයි (නි)

:       0       0

ක්‍රිස්ටි Saturday, 01 August 2015 01:24 AM

ඔබතුමාට පින් (නදී)

:       0       0

රමීල් Saturday, 01 August 2015 01:57 AM

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත (නි)

:       0       0

ජගත් Friday, 31 July 2015 12:22 PM

ඔබ ඉතා වටිනා උතුම් කාර්යක් කළ නිලධාරියෙක්. දුරුරටක ඉඳලා මෙය ලියන්නේ ඔබව තවත් දිරි ගන්වන්න සහ අනෙක් පොලිස් නිලධාරීන්ට ඔබ ගැන සිතන්නත් එක්කයි. (නි)

:       0       0

ජයන්ත Saturday, 01 August 2015 02:32 AM

මම ජීවත්වන්නේ ඇමෙරිකාවේ. අපේ රටේ පොලිස් නිලධාරීන් ගැන යම් යම් අඩුපාඩු ඇතත් අගයකරනවා. හොඳ වැඩ කරන නිලධාරීන් එමට සිටියත් ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ (නි)

:       0       0

බොනී Saturday, 01 August 2015 02:40 AM

ඔබට තවත් මෙවැනි උතුම් කටයුතු කිරීමේ ධෛර්යය ශක්තිය ලැබේවා! (නි)

:       0       0

සුසිල් Friday, 31 July 2015 01:58 PM

ඉතාම ප්‍රශංසනීය සේවයක නිරතවන මෙම පොලිස් නිලධාරීයා අනිත් පොලිසීයේ අයට හොඳ ආදර්ශයකි. එතුමාට අපි ආචාර කරමු. ඔහුට උසස්වීමක් දෙන්න. (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 01 August 2015 04:28 AM

අහන්නත් සතුටුයි මෙවැනි නිලදාරීන් ගැන. රටට වාසනාවන් ඔබත් ඔබගේ අනාගත පරපුරත්.(නදී)

:       0       0

ජනේෂ් Friday, 31 July 2015 02:18 PM

මෙන්න කරනවා නම් වැඩ (නි)

:       0       0

විජයබාහු Friday, 31 July 2015 02:22 PM

මෙන්න කරනවා නම් පින් අතේ වැඩ (නි)

:       0       0

විල්සන් තිලකරත්න Saturday, 01 August 2015 04:48 AM

උදාහරණයට ගත යුතු පොලිස් චරි්‍තයක් (නදී)

:       0       0

අරවින්ද Friday, 31 July 2015 02:23 PM

නීතියට වඩා ගොඩක් දේ මනුස්සකමට කරන්න පුළුවන් බව නිලධාරීතුමා පෙන්වාදීලා තිබෙනවා. එතුමා වගේම වරද තේරුම් ගත් කාන්තාවත් හැමට ආදර්ශයක්. සුබ පැතුම්! (නි)

:       0       0

තිලක් Friday, 31 July 2015 02:27 PM

හොඳ වැඩක් කරලා තියෙන්නේ. ගොඩක් පින් ලැබෙයි (නි)

:       0       0

පෙරේරා Friday, 31 July 2015 02:34 PM

පොලිස් නිලධාරින් කියන්නේ මේ වගේ අයටයි. (නි)

:       0       0

කේ.ආර් කුමාරි Saturday, 01 August 2015 05:01 AM

ඔබ ගැන සැබවින්ම ආඩම්බරයි ලක් පුතුනේ (නදී)

:       0       0

නිලූ Friday, 31 July 2015 03:30 PM

ඉතාම ශ්‍රේෂ්ඨ චරිතයක් (නි)

:       0       0

ගීත් සමන්ත Friday, 31 July 2015 05:01 PM

නියමයි ! (නදී)

:       0       0

ලහිරු Friday, 31 July 2015 05:26 PM

ඔබගේ උත්සාහය අගය කරනවා. ඔබ මුළු රටටම ආදර්ශයක් (නි)

:       0       0

සලීම් Friday, 31 July 2015 05:40 PM

දැදිගම පොලිස් ස්ථානාධිපතිතුමා රටටම ආදර්ශයක් (නි)

:       0       0

ඩයස් Friday, 31 July 2015 08:58 PM

මොනතරම් හොඳද? ඔය විදිහට දිගටම වැඩ කරන්න සර් (නි)

:       0       0

ගයාන් Friday, 31 July 2015 09:57 PM

මේ වගේ අය තමයි පොලිසියට ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 6 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 9 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3268 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2462 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3053 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5888 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18709 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site