IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘පොලිස් ලොක්කකුගේ ෆිනෑන්ස් කසිප්පු මුදලාලිගෙන්‘

‘මම මාවනැල්ලට එන විට පොලිසියේ ලොක්කා වාහන දෙකක් අරගෙන තිබුණා. එම වාහන දෙකට ෆිනෑන්ස් ගෙව්වේ කසිප්පු මුදලාලීලා. එදා පොලිස්පතිට කිව්වා. විභාගයක් පවත්වා ඔහු වෙන තැනකට මාරු කළා. මිනිහා මං හමුවන්න ආවා මට විශ්‍රම යන්න තව දවස් කීපයයි තියෙන්නේ කීවා. මම වෙන තැනක් හොයලා දෙන්නම් කියා තිබුණත් මිනිහා කාට හරි කියලා ඒක හදාගෙන තිබුණා.‘ යැයි ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා මාවනැල්ල ප්‍රදේශිය ලේකම් කාර්යාලයයේ රැස්වීමකදී පැවසීය.

සෙනෙවිරත්න මහතා මෙසේ ද පැවසීය.

‘අද අපේ දේශපාලඥයන් ළග කසිප්පු කාරයන් ඉන්නවා. මැතිවරණ කාලවලදී ඔවුන්ගේ සහාය ගන්නවා. ඔවුන් හාල් මිටියක් දෙකක් ගෙනත් දෙනවා. ඒ නිසා පොලිසියට කියනවා ඔවුන් අල්ලන්න එපා කියලා. මම මාවනැල්ලට එන කොට තිබූණේ එහෙම තත්ත්වයක්.

අද සමාජයේ බොහෝ දෙනා ආගම දහමට ලැදි නැහැ. භික්ෂුන් වහන්සේලා දහම් පාසල පමණක් පවත්වාගෙන ගියාට මදි. ගමටත් ගිහින් මිනිස්සු ගැන බලන්න ඕනෑ. අනුශාසනා දෙන්න භික්ෂුන් වහන්සේලා ගමට ගියොත් මිනිස්සුන්ගේ මනස පෑදේමි. ගමේ අය අඩු තරමින් පෝය හතරටවත් පන්සලට කැදවා ලන්න ඕනෑ. අද සමහරු ආගමික මුවාවෙන් වැරදි වැඩ කරනවා. වෙසක් දින තොරණ ළග කානිවල් වැනි විකාර කරනවා.‘

 

 



අදහස් (0)

‘පොලිස් ලොක්කකුගේ ෆිනෑන්ස් කසිප්පු මුදලාලිගෙන්‘

කමල් Wednesday, 04 June 2014 05:02 AM

බැරිද පාර්ලිමේන්තුවේ මේ ගැන මතයක් හදලා නීතිය ක්‍රියාත්මක කිරීමට ශක්තිමත් යාන්ත්‍රණයක් හදන්න? (නි)

:       0       0

කුමාරතුංග Wednesday, 04 June 2014 05:04 AM

ඔන්න අද රටේ තත්ත්වය... (නි)

:       0       0

රාජුන් Wednesday, 04 June 2014 05:04 AM

මෙම පොලිස් නිලධාරියා කර තිබෙන්නේ පොලිස් නීති පොතේ හා චර්යා ධර්ම වලට විරුද්ධව බරපතල වැරැද්දක්. කසිප්පුකාරයන්ගේ පගාගන්න පොලිසියේ අය යන්තම් කොහේටහරි මාරු කරනවා. ඒකට දේශපාලකයනුත් අනුබල දෙනවා. දඬුවම ඒකයි. (නි)

:       0       0

සුරංගි Wednesday, 04 June 2014 06:47 AM

හනේ හනිච්චන් රටට ගිය කලක්......අපේ කාලෙ මෙහෙම ඒවා දකින්න තිබුනේ නැහැ නොවැ. ඇමති තුමාල තමන්ගේ මඩිය ගැන බලාගන්නවා වගේ පොලෝසියේ උත්තමයෝත් එයාලගේ මඩිස්සලේ ගැන බලාගන්නවා. හරියට කොන්ද ඇති කෙනෙක් නැති හැටි මුන්ට පාඩම් උගන්වන්න (නදී)

:       0       0

ඇල්බට් Wednesday, 04 June 2014 06:53 AM

අපටද කියන්නේ ආයිබෝන් ! (නදී)

:       0       0

ජයරත්න Thursday, 05 June 2014 02:19 PM

මාවනැල්ලේ විතරක් නෙමෙයි හැමතැනම ඔහොම තමයි.(නදී)

:       0       0

දිමුතු Wednesday, 04 June 2014 07:46 AM

හිටපු සම සමාජ කාරයෙක්. අපේ ගරු ඇමති තුමෙක් ඇත්ත කතා කරයි. (නදී)

:       0       0

ප්‍රදීප් Wednesday, 04 June 2014 04:33 PM

දවසේ පුවත !. (ස)

:       0       0

නිලන්ගා Thursday, 05 June 2014 04:58 AM

කසිප්පුකාරයන් නෙමෙයි නියම දොළ පිදේනිය දෙන්නේ. ඒවා මේ වගේ වැදගත් තැනක ලියන්න අමාරුයි. (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 04 June 2014 08:54 AM

අර කියපු පොලිස් ලොක්කව මාරු කලාට පස්සේ ඒ කසිප්පු මුදලාලිලා ආධාර කලේ කාටද දන්නේ නෑ නේද? (ස)

:       0       0

සෝමරත්න Thursday, 05 June 2014 05:29 AM

සමහර පොලිස් ලොක්කන්ගේ නව නිවාස දැක්කාම නම්, හිතාගන්න බැහැ.... (නි)

:       0       0

ශාන් සෞදි Thursday, 05 June 2014 06:15 AM

මම මාවනැල්ලට එන විට කසිප්පු කාරයෝ විතරයි හිටියේ දැන් බලන්න කුඩු මුදලාලිලාත් ඉන්නවා (නදී)

:       0       0

ලලින්ද්‍ර Wednesday, 04 June 2014 09:14 AM

මේ කරුණ සම්බන්ධයෙන් පොලිසියෙන් යම් වරදක් සිදුවී ඇත්නම් පැමිණිල්ලක් කළහොත් ඒ ගැන පරීක්ෂණයක් කර තරාතිරම නොබලා දඩුවම් කරනවාද? (නි)

:       0       0

හසිත Wednesday, 04 June 2014 10:22 AM

බටුවත්තේ මැද්දෙගොඩ ඉන්නවා කසිප්පු මුදලාලි කෙනෙක්. එයත් රාගම පොලිසියේ මහත්තුරුන්ගේ අනුග්‍රහයෙන් කසිප්පු විකුනනවා. මෙයාගේ පුත්තු පොලිසියේ හයියෙන් ගමේ චන්ඩි පාටුත් දානවා. කාට කියන්නද මෙව්වා. (නදී)

:       0       0

සේන Wednesday, 04 June 2014 10:38 AM

ඔබ තුමා ඕක අපිට කියල ඇති වැඩේ මොකක්ද? ඔබ තුමා නීතියේ ආදිපත්‍ය ගැන එක වචනයක් පාර්ලිමේන්තුවීදී කතා කරල තියෙනවාද? (ස)

:       0       0

අර්ජුන රනවන Tuesday, 03 June 2014 08:53 PM

අද මගේ ළග කසිප්පු කාරයන් ඉන්නවා. මැතිවරණ කාලවලදී ඔවුන්ගේ සහාය ගන්නවා. ඔවුන් හාල් මිටියක් දෙකක් ගෙනත් දෙනවා. ඒ නිසා පොලිසියට කියනවා ඔවුන් අල්ලන්න එපා කියලා. අද මාවනැල්ලේ තියෙන්නේ මෙහෙම තත්ත්වයක්. දැනගන්න (නදී)

:       0       0

මහින්ද වික්‍රමරත්න කැලිෆෝර්නිය Wednesday, 04 June 2014 10:49 AM

මාවනැල්ලට පුදුම ආදරයක්නේ තියෙන්නේ .කසිප්පු කාරයෝ තමා මාවනැල්ල දුවවන්නේ. (ස)

:       0       0

ශාන සෞදි Wednesday, 04 June 2014 10:56 AM

මෙයාලට කසිප්පු කාරයන් ගෙන් වැඩක් නෑ. මොකද මෙයාලට කුඩු මුදලාලිලා ඉන්නවනේ. (ස)

:       0       0

පිටිගල Tuesday, 03 June 2014 09:23 PM

ඕක සාමාන්‍ය දෙයක් අද හැමතැනම.! (නදී)

:       0       0

ලලින්ද්‍ර Wednesday, 04 June 2014 11:19 AM

ඕක මොකද්ද කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇමති ලොක්කෙකුත් ඉස්සර කොරියාවේ යැව්වා කියන්නේ ලක්ෂ 2-3 අරන්. පුතා තමයිලු වැඩේ කළේ.(නදී)

:       0       0

ෂෙරිෆ් Tuesday, 03 June 2014 09:23 PM

ඔබ වැනි ඇත්තම ඇත්ත කතාකරන දේශපාලඥයන් මම කවදාවත් දැකලා නැහැ (නි)

:       0       0

සමි Wednesday, 04 June 2014 11:25 AM

මාවනැල්ලෙ ඉන්න අපි ‍ඔය කාගෙ කාගෙත් වැඩ ගැන දන්නවා. සුදනො එකෙක් වත් නෑ. (ස)

:       0       0

දුමින්ද Wednesday, 04 June 2014 11:33 AM

මෙහෙම පත් කරන දේශපාලකයො හැමදාම කියන්නේ මගේ ජනතාව බුද්ධිමත් කියලා. මොකද ඒ අය දන්නවා මේ වගේ ඡන්ද දෙන ජනතාව මෝඩයෝ තමයි කියලා. ඒත් ඒක දැනගන්න එක වලක්වන්නයි එහෙම කියන්නේ. (ස)

:       0       0

සන්ජය Tuesday, 03 June 2014 09:57 PM

කවුද දන්නෙ නැහැ මේ ලොකු ලොක්කා? (නි)

:       0       0

සිල්වා Tuesday, 03 June 2014 10:02 PM

හරිනම් කරන්න තිබුණේ පැමිණිලි කරලා අදාල ක්‍රියාමාර්ග ගන්න එක නොවේද? (නි)

:       0       0

ගාමිණී -සිරි Tuesday, 03 June 2014 10:14 PM

නීතිය රැකීමේදී ,නීතිය කඩන්නන් ගැනද විමසිලිමත් වීම ඇමතිවරයෙකුගේ වගකීමකි (නි)

:       0       0

මහේෂ්‍ Tuesday, 03 June 2014 10:35 PM

ඔන්න ඕකයි ඉතින් ඇත්ත... (නි)

:       0       0

කුමාරි Tuesday, 03 June 2014 10:37 PM

ඔය කොයි කොයි අයත් කරන්නේ ඔයටිකම තමයි මහත්තයෝ.... අපි අපේ අත සෙළෙවුවොත් අපිට තුන් වේල කාලා ඇඳලා ඉන්න පුළුවන් (නි)

:       0       0

වරුණ Tuesday, 03 June 2014 10:42 PM

ඉතින් කො‍හොමද නීතිය රකින‍්න‍ේ? (නි)

:       0       0

ගමගේ Tuesday, 03 June 2014 10:58 PM

ඔන්න පේනවනේ ඉතින් අපේ අයගේ තරම! (නි)

:       0       0

මලීන් Wednesday, 04 June 2014 01:08 PM

අනේ මහත්තයෝ ඔයාගේ අනුසාසනා අපිට වැඩක් නැහැ,ඔබතුමා ධර්මය උගන්වන්න කලින් ඔබතුමා හරි මාර්ගයේ ගිහින් පෙන්වන්න, ඔබ තුමා කරපු වැරදී කියන්න ගියොත් දවස් ගානක් ලියන්න පුළුවන්. (ස)

:       0       0

පෙරේරා Tuesday, 03 June 2014 11:35 PM

ඔය වගේ වැදගත් උගත් දේශපාලඥයන්ව කව්ද බලයට පත් කරන්නේ, අපේ බුද්ධිමත් ජනතාව!! (ස)

:       0       0

ජගත් Wednesday, 04 June 2014 12:20 AM

දන්නෝ දනිති .... අපි ඔයාවත් හොදටම දන්නවා...(ස)

:       0       0

සුජිත් Wednesday, 04 June 2014 01:04 AM

එදා බයිසිකලය වත් නැති අය කොටි ගණන් වටිනා වාහන වල යනවා. අපි නොදන් චෙස් (ස)

:       0       0

නිර්මාල් Thursday, 05 June 2014 12:07 PM

ඔන්න පේනවනේ ඉතිත් වැඩ (නි)

:       0       0

ඩගී Wednesday, 04 June 2014 08:57 PM

මමත් දවසක් වැල්ලවත්තේ වෙරළේ ඉන්නකොට එතනට කඩා වැදිච්ච පොලිසියේ නිලධාරියෙකුගේ ලයිට් බිලක් ගෙවල තියෙනවා. (නදී)

:       0       0

දිමුතු Wednesday, 04 June 2014 03:14 AM

ඔන්න ඉතින් පේනවා නේද රට යන අත? (නි)

:       0       0

ටෙරාන් Wednesday, 04 June 2014 03:17 AM

අද අපේ රට ගැන අපිටම හරි දුකයි.අනාගතය පිළිබඳ හරිම භයංකාර පෙරනිමිති පෙන්නුම් කරන්නේ. (නි)

:       0       0

සම්පත් Wednesday, 04 June 2014 09:29 PM

අනේ මෙහෙමත් දේවල්! (නි)

:       0       0

සීලා Wednesday, 04 June 2014 03:30 AM

ඇයි දෙවියනේ, අපි මේවාට මොනවා කරන්නද? සමාජය හදන්න පෙර ඔහෙලා හැදෙනවා නම් තමයි හොඳ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 1 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 675 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 224 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 611 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 441 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 2549 4

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37075 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24422 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 606 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site