(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, මොරගහහේන කේ. බුද්ධික කුමාරසිරි, අතුරුගිරිය ගුණවතී ඉලංකෝන් මැණිකේ)
දකුණු පළාතේ ප්‍රබල පාතාල නායකයකු ලෙස සැලකෙන ඩුබායි රටට පලාගොස් සැඟවී සිටින මාකඳුරේ මධුෂ් නමැත්තාගේ ගෝලයකු සහ පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් අතර ඔරුවල වානේ සංස්ථාව ආසන්නයේදී ඊයේ (04) දහවල් සිදුවූ වෙඩි හුවමාරුවක දී පොලිස් වෙඩිකා බරපතළ තුවාල ලැබූ පාතාලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිස් මූලස්ථානය කියයි.
පාතාල සාමාජිකයා එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට හානියක් සිදුවී නොමැත.
පොලිසියට වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය ද එම ස්ථානයේ තිබී පොලිසිය බාරයට ගෙන ඇත.
මෙලෙස රෝහල්ගත කරන ලද්දේ බණ්ඩාරගම-ගම්මන්පිල ප්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ අසිත නොහොත් බණ්ඩා (32) නමැති පුද්ගලයකු බව පොලිසිය කියයි.
පොලිසි ගණනාවකට අවශ්‍ය කරන පාතාල සාමාජිකයකු ඔරුවල ප්‍රදේශයේ සැරි සරන බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව දින ගණනාවක් තිස්සේ එම ප්‍රදේශයේ සැරි සරමින් සිදුකළ සෝදිසි කිරීමෙන් අනතුරුව ඊයේ (04) එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා යාමේදී ඔහු පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කර ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී බරපතළ තුවාල ලද එම පාතාලයේ අපරාධකරු ඔරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව ඔරුවල රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
එම පුද්ගලයා මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
විදේශගතව සැඟවී සිටින මාකඳුරේ මධුෂ් නමැත්තාගේ ගෝලයකු වන මෙම පුද්ගලයා රත්නපුර මැණික් ව්‍යාපාරිකයකුට හා ඉකුත්දා මාතර සිදුවූ රන් භාණ්ඩ කොල්ලයේ වෙඩි තැබීමට සම්බන්ධ වූවකු බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වීමෙන් පසු මොහු අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටිය දී මෙම සිද්ධිය වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
මීට මාසයකට පමණ ඉහත දී මෙම පුද්ගලයා පදිංචිව සිටි බණ්ඩාරගම ගම්මන්පිල නිවස වැටලූ පොලිසිය එහිදී ටී 56 ගිනි අවියක් හා උණ්ඩ ද සොයා ගැනීමට සමත්විය.
හිසට වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලද පාතාල සාමාජිකයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
අතුරුගිරිය පොලිසියේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලිස් වෙඩි කෑ මධුෂ්ගේ ගෝලයාට බරපතළයි
sarath Friday, 05 October 2018 05:03 AM
සාක්ෂි වහනවද ? හදිස්සියේම මදුෂ් ගේ ගෝලයෝ මැරෙන්න පටන් ගත්තේ
Bamunuarachchi Friday, 05 October 2018 05:56 AM
අයියෝ එතනදීම තවත් එකක් ඔලුවට තිබ්බානම් වැඩේ ඉවරයි. දැන් මේකව රකින්න ජනතා මුදල් අපරාදේ වැය කොරනවා.
arachchciFriday, 05 October 2018 06:47 AM
නොමග ගිහින් අතරමන් වෙන්න එපා
BamunuarachchiFriday, 05 October 2018 07:57 AM
බොහොම ස්තූතියි... ඒ අදහස පලකළාට. මෙවැනි රටවල් හදන්න නම් ඒ වගේ තීරණ අරාබියේ වගේ ප්‍රසිද්ධියේ ගත යුතුයි. දුටුතැන සර්පයා අතනාරිනු මෝඩයා.
BamunuarachchiFriday, 05 October 2018 07:52 AM
මේගොල්ලන්ව හදලා සමාජ ගතකරන්න සක්රයාගේ පුතා වයිමාටවත් බැහැ. වෙන්නේ මෙයා නිසා සමාජයේ තව නිලධාරී කොටසක් පොහොසත්වීමයි යතාතත්වය ඒකයි. මෙරටට හරියන්නේ ජෝසප් ස්ටාලින්ගේ ක්‍රමයයි. නැතිනම් අරාබි ක්‍රමයයි.
Chanak Los Angeles Saturday, 06 October 2018 03:45 AM
කීවොත් කියන්නේ මැටි කතාවක්ම තමයි ...
අමා Friday, 05 October 2018 06:27 AM
දැන් අර අහවල් ඇමතිට මල් පනියි .
janatha Friday, 05 October 2018 07:03 AM
පොලිසියෙන් මහජනයාට වෙඩි තිබ්බොත් උන් එක පාරම මැරෙනවා, පාතාල උන්ට වෙඩි තිබ්බම උන්ට බරපතල වෙනවා නමුත් මැරෙන්නේ නෑ. ඊට පස්සේ මහජන මුදල් වියදම් කරනවා පාතාලය බේරාගන්න. එක්කෝ මැරෙන්න යන එකා ඉස්පිරිතාලේ ගෙනියන එක පරක්කු කරලා මැරෙන්න අරින්න තිබ්බනේ. එහෙම උනානම්, අපේ බදු සල්ලි ඉතිරි කර ගන්න තිබ්බා සුදු අඳින ගොනෙක්ට බෙහෙත් ගන්න සිංගප්පුරු යවන්න.
RUCHIFriday, 05 October 2018 08:47 AM
මිනිහව මරල හරියන්නේ නැහැ. කොහොමහරි ජීවත් කරවන්න ඕනෑ. මිනිහගෙන් ගන්න පුළුවන් තොරතුරු ටික ඉතාමත් වටිනවා.
nimalSaturday, 06 October 2018 11:17 AM
තොරතුරු නම් ඇති පදමට නැතෑ. අල්ලගත්තත් හැමදාම පැය ගණන්වල ප්‍රශ්න කිරීම් කරයි. අවසානෙට අහු වෙන කෙනෙක් නෑ. මිනිස්සු ඕවට රැවටෙන්නේ නෑ
ඩී. ජයදේව Friday, 05 October 2018 07:08 AM
අනිත් එවුන්ටත් පේන්න පාරේම පැය 2-3 පණ ඇද ඇද ඉඳලා මැරෙන්න අරින්නනේ තිබ්බේ. දැනට ලංකාවේ මිනිස්සුන්ට විතරක් මානව හිමිකම් තිබ්බාම හොඳටම ඇති
සතයපාල Friday, 05 October 2018 07:11 AM
සත්තුවගේ මිනිස්සු මරන්න බැහැ ,කර තිබෙන වැරදී වලට උසාවිය හරහා නිසි දඞුවම් ලබා දිය හැකිය.යහා පාලනය හා වහල් පාලනය අතර වෙනස සමහරුන් නොතෙරේ.
BamunuarachchiFriday, 05 October 2018 07:59 AM
දැනටම බය වෙලා 2020න් පස්සේ වෙන දේවල් මතක් වෙලා...
bandaFriday, 05 October 2018 08:06 AM
දඬුවම් දෙන්නේ ලංකාවේ උසාවියෙන්ද මහත්තයෝ?
ඩී. ජයදේවFriday, 05 October 2018 08:17 AM
යහපාලනය කියන්නේ සත්තුන්ට මිනිස්සුන්ට වගේ සලකන එකත් නෙමෙයි
Shanaka Friday, 05 October 2018 08:18 AM
කෝ බලන්න කටින්ද කතා කරන්නේ කියලා... යහපාලනය? කොහෙද එහෙම එකක්...
ParaFriday, 05 October 2018 08:18 AM
එසේ කල හැක්කේ නීතියක් බල පවත්වන රටක පමණි. ගෝත්‍රික රටක එසේ කල නොහැක. මෙසේ කල හැක.
sumithSaturday, 06 October 2018 11:19 AM
ඔය කියන විදියට දඬුවම් දුන් එක නඩුවක් පෙන්වන්න බලන්න. දැනගන්න අහන්නේ.
Nuwan Friday, 05 October 2018 08:16 AM
මෙගා නාට්‍ය කියන්නේ මේවට තමයි.
himal Friday, 05 October 2018 08:18 AM
දැන් මෙතනත් සමහරු තර්ක කරනවා මෙවැන්නන් එකවර මරා දැමිය යුතුයි කියලා. ඊට පස්සේ තවත් වෙලාවක කියනවා මේවා මෙහෙයවන මහ මොළ කරුවන් අල්ලන්නේ නැද්ද කියලා... මේවා පිටුපස ඉන්නා මහ මොළකරුවන් අල්ලන්න නම් මේ වාගේ ඉත්තන්ගෙන් සාක්කි ලබාගත යුතුයි. අනෙක් අතට පාතාලය බිහිවෙන්න තියෙන හේතු වළක්වන්නේ නැත්නම් මොනවා කරත් වැඩක් නෑ. බලන්න අද ටෙලි නාට්‍ය කීයක් මිනී මැරුම්, කප්පම් ගැනීම්, මංකොල්ලකෑම්, වංචාවන්ට උල්පන්දම් දෙනවාද කියා...
bandaraSaturday, 06 October 2018 11:20 AM
මිනී මැරුම්, කප්පම් ගැනීම්, මංකොල්ලකෑම්, වංචාවන්ට උල්පන්දම් දෙන විශාලම නාට්‍යය දේශපාලනයයි.
saman Friday, 05 October 2018 08:21 AM
මැරයෙක් වුණත් මනුස්සයෙක්නේ.. පාතාලය මැඩිය යුත්තේ ප්‍රතිපත්තිමය වෙනසකින්..
BamunuarachchiSaturday, 06 October 2018 11:44 AM
මනුස්සකම නැති කෙනා මනුස්සයෙක් වෙන්නේ කොහොමද?
මල Friday, 05 October 2018 08:22 AM
පොලිස්පති අස්වෙන්න.
මල Friday, 05 October 2018 08:27 AM
පොලිස්පතිට විශ්වාස භංගයක් ගේන්න.
sujeewa Friday, 05 October 2018 08:36 AM
මේ අය පාතාල නායකයින් ලෙස හැඳින්වීම වැරදියි. ඒ වෙනුවට මේ ගොල්ලෝ අපරාධකරුවන් හෝ ඊට සම්බන්ධ අය ලෙස හැඳින්විය යුතුයි.
lakmal Friday, 05 October 2018 09:44 AM
මෙවැනි සමාජයට පිළිලයක් වන කාලකන්නින් ගැන කතාකිරීම කාගේත් කාලය කා දැමීමක්...
lakmal Friday, 05 October 2018 09:44 AM
මෙවැනි සමාජයට පිළිලයක් වන අය ගැන කතාකිරීම කාගේත් කාලය කා දැමීමක්...
janahitha Sunday, 07 October 2018 03:04 PM
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු... මෛත්‍රී කරමු. මොහු අපේ බැංකු බින්දේ නැහැ.
lagath Vickramanayaka Monday, 08 October 2018 03:51 AM
මේ අය නැතිකරලම දන්නා ඕනි ..........
Saman Monday, 08 October 2018 11:08 AM
අහිංසක මිනිස්සු පොල් ඇට්ටියක් ඔළුවට වැටිලත් මැරෙන රටේ වෙඩි තියලත් මේ වගේ උදවිය මැරෙන්නේ නෑනේ.