IMG-LOGO

2025 අප්‍රේල් මස 14 වන සඳුදා


හොරණ ද්විත්ව ඝාතනයේ සැකකාර ගුවන් සෙබළා පොලිසියෙන් වෙඩි කයි

(කේ බුද්ධික කුමාරසිරි)

හොරණ මාලොස්ඇල ප්‍රදේශයේ දී ඊයේ (07) දින ත්‍රී රෝද රථයක ගමන් කරමින් සිටි දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බව කියන ගුවන් භටයකු අද (08) අළුයම පාදුක්ක අංගමුව ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරකට ලක්ව මිය ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

බස්නාහිර පලාත් දකුණ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත මියගිය සැකකරුගේ පාදුක්ක මිරියගල්ල ප්‍රදේශයේ පිහිටි නිවස පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂා කර ඇති බවත් එම අවස්ථාවේදී සැකකරු නිවසේ නොසිටි බැවින් පොලිසිය විසින් අංගමුව මංසන්ධියේ මාර්ග බාධකයක් යොදා රථ වාහන පරීක්ෂාවේ යෙදී සිට ඇත.

එලෙස රථ වාහන පරීක්ෂා කරන අතරතුර සැක කටයුතු යතුරු පැදියක් එම ස්ථානයෙන් ධාවනය කර ඇති බවත් එම අවස්ථාවේදී යතුරු පැදිය නවත්වන ලෙස සංඥා කළත් සැකකරු නොනවත්වා යතුරු පැදිය ඉදිරියට ධාවනය කර පොලිස් නිළධාරීන් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදී ආත්මාරක්ෂාව සදහා පොලිසිය ද ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී වෙඩි වැදුණු සැකකරු බරපතල තත්වයෙන් පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක මිරියගල්ල පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ඔහු ගුවන් හමුදා කෝප්‍රල්වරයකු ද වන බව පොලිසිය කියයි

 


උදෑසන 6.04

(කේ බුද්ධික කුමාරසිරි)

ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවකු ලබා දුන් තොරතුරකට අනුව ඒ පිළිබදව විමර්ශනය සදහා සැකකරු සමග  පාදුක්ක අංගමුව ප්‍රදේශයට අද (08) අළුයම ගිය අවස්ථාවේදී සැකකරු පොලිස් නිළධාරීන්ට වෙඩි තැබීමට උත්සහා කළ අවස්ථාවේපොලිසිය  එල්ල කරන ලද ප්‍රති ප්‍රහාරකින් බරපතල තුවාල ලැබූ සැකකරු පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන්  පසු මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගුවන් හමුදා සෙබළකු බව කියන 26 හැවිරිදි පුද්ගලයෙකි.

 



අදහස් (14)

හොරණ ද්විත්ව ඝාතනයේ සැකකාර ගුවන් සෙබළා පොලිසියෙන් වෙඩි කයි

Bamunuarachchi Monday, 08 April 2024 08:06 AM

අපේ කිසීම විරුද්දත්වයක් අවලාදයක් පව් කියා කීමක් නැත.

:       10       129

RifanMonday, 08 April 2024 12:37 PM

ඇත්ත මේක දැන් දුරදිග ගියා වැඩි දැන්වත් මේ සෙල්ලම අවසාන කරන්න අවශ්‍යයි

:       1       57

nimal mirihanaTuesday, 09 April 2024 12:30 AM

ගොඩක් හොඳයි..

:       0       0

රටවැසියා Monday, 08 April 2024 11:05 AM

මේ වැනි අපරාධයක දි, අපරාධකරුවා පැහැදිලිවම හඳුනාගත් පසුව ක්ෂණිකවම දඩුවම් දීම ප්‍රායෝගිකයි

:       1       53

රංබොඩ Monday, 08 April 2024 11:09 AM

මෙසේ සිදුවිය යුතුමයි. නැත්නම් රට වැටිලා තියෙන තත්ත්වයෙන් ගොඩ එන්නට බෑ. හිර ගෙවල් පුරවලා වැඩක් නෑ. ඇතුළට යන කෙනා එළියට එන්නේ හිටියටත් වඩා නරක් වෙලා.

:       0       38

සෙනෙවිරත්න Monday, 08 April 2024 01:16 PM

බමුණු, ඇයි සනීපද?

:       36       1

මංජුල Monday, 08 April 2024 01:19 PM

වරදට දඬුවම නීතිය අනුව දිය යුතුයි, නොනවත්වා ධාවනය කිරීමට දඬුවම මරණයද?

:       43       10

බීරංග කුමාර Monday, 08 April 2024 01:54 PM

මෝටර් පදවන ගමන් කොහොමද වෙඩි තියන්නේ...?

:       27       7

Nihal Monday, 08 April 2024 02:16 PM

වෙල්ඩන්... !

:       3       10

ප්‍රභල Monday, 08 April 2024 04:09 PM

සෙනෙවිරත්න, මන්ජුල, බිංග යන තිදෙනාම එක් අයෙක්ලෙසයි මට නම් හැඟෙන්නේ. ඒ කෙසේවෙතත් සෙනවිරත්න නම් ජා.ජ.බ ප්‍රබල සාමාජිකයෙක්...!

:       2       5

Ruwan Monday, 08 April 2024 08:16 PM

ජෙප්පෝ මේවාට විරුද්ධයි. මොකද ඔවුන් ඉන්නේ මිනීමරුවාගේ පැත්තේ. මරණ දඬුවම නැති රටේ මෙයයි විය යුත්ත...

:       0       0

ධනුෂ්ක Monday, 08 April 2024 09:51 PM

මෙතන අදහස් දාලා තියන කෙනෙකුටත් දවසක අර නාරම්මල මනුස්සයාට වගේ වෙඩි තියලා මේ වගේ දෙයක් කිව්වොත් කොහොමද? එදා ඒක වැරදුනා කොල්ලෝ වීඩියෝ කරපු නිසා.

:       0       0

ධනුෂ්ක Monday, 08 April 2024 09:55 PM

දවසක කොහොමද බමුණාටත් පුද්ගලික තරහකට හරි වැරදීමකින් හරි අර නරම්මල මනුස්සයාට වගේ වෙඩි තියලා, කුඩු අරගෙන ගියා, ආයුධ අරගෙන ගියා, මිනීමරලා ගියා, පාතාල කාරයෙක් කියලා කතාවකුත් ගෙතුවොත් ආසා හිතෙයි...

:       0       0

Bamunuarachchi Wednesday, 10 April 2024 02:54 AM

සෙනවිරත්න වෙඩි කෑවේ බාප්පාද? උන් වෙඩිකන කොට ඔහෙට උණ ගත්තාට අපිට නම් සනීපයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පුණ්‍ය කාලය උදා වෙයි
2025 අප්‍රේල් මස 13 263 0

පස්වරු 08.57 සිට හෙට පූර්වභාග 09.45 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන ඉරිදා අපරභාග 08.57 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු


පාස්පෝට් සේවාව සීමිත වෙයි
2025 අප්‍රේල් මස 13 649 0

ආගමන විගමන දෙපාර්තමේන්තුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා දෛනිකව ලබා දෙන ටෝකන් ලබන 15, 16 සහ 17 යන දිනවල මධ්‍යාන 12.00 දක්වා පමණක් නිකුත් කරන බවත් එම දින ත


ත්‍රස්ත පනත අහෝසියට කමිටුවක්
2025 අප්‍රේල් මස 13 217 0

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ නිර්දේශ ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යාංශය විසින් විශේෂ කමිටුවක් පත් කරනු ලැබීය.


‘‘සෝලා නිසා අනුරට ගෙදර යන්න වෙයි ද?
2025 අප්‍රේල් මස 13 1483 0

සිංහල අවුරුද්ද උදා වෙද්දි අවුරුදු තෑග්ගක් ලෙස ආණ්ඩුව සෝලා කර්මාන්තයට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් ව්‍යවසායකයින්ට රුපියල් මිලියන පන්සිය පනහක් ද, රජයට මි


යුක්රේන නගරයකට රුසියන් මිසයිල ප්‍රහාර
2025 අප්‍රේල් මස 13 1008 0

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පැවැසුවේ, එම මිසයිල ප්‍රහාරයෙන්, යුක්රේන වැසියන් 31 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.


ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් භාණ්ඩ කීපයක් නිදහස්
2025 අප්‍රේල් මස 13 1266 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය, චීන භාණ්ඩ සඳහා පැනවූ සියයට 125 ක තීරුබදුවලින් භාණ්ඩ කීපයක් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවස


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 88 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 232 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 797 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site