IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


පොලිස් ස්ථානාධිපති නිවාඩු ලබා යාමට එකඟ වීමෙන් එජාප මන්ත්‍රීගේ විරෝධතාව අවසන්

(රංජිත් රාජපක්ෂ)

නාවලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා නිවාඩු ලබා සේවයෙන් බැහැරව සිටීමට එකඟ වූයෙන් මහනුවර දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා නාවලපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට  මාර්ගය හරස් කරමින් කළ විරෝධතාව අද පස්වරු 2 .00 ට පමණ අවසන් කළේය.

නාවලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වහාම මාරු කර යවන්න‘යි ඉල්ලමින් මහනුවර දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා අද (10) අලුයම 5.00  සිට මාර්ගය හරස් කරමින් විරෝධතාවක නිරත විය.

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එම් .ටි .එ මුතාලිෆ් මහතාත්, මන්ත්‍රී සහ නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාත් අතර පැවැත්වූ සාකච්ඡාවකින් පසු  ඇති කර ගත් එකඟතාවක් මත  විරෝධතාව අත් හැරීමට තීරණය කර තිබේ.

නාවලපිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද රාජපක්ෂ මහතා පවසන්නේ  තමන් කිසිදු වරදක්  කර නොමැති බවත්  පොලිස් කොමිසමෙන් තීරණයක් ලබා දෙන තුරු අද සිට නිවාඩු ලබා  පොලිස් ස්ථානයෙන් බැහැරව යන බවත්ය.



අදහස් (35)

පොලිස් ස්ථානාධිපති නිවාඩු ලබා යාමට එකඟ වීමෙන් එජාප මන්ත්‍රීගේ විරෝධතාව අවසන්

lusena Saturday, 10 March 2018 10:56 AM

දේශපාලකයෝ එළිපිට මෙසේ පොලිසියට කරන තර්ජන සමග අපට සිහිවන්නේ 88 - 89 අඳුරු යුගයන්ය.

:       15       868

සමන් - ඕමානයSaturday, 10 March 2018 01:20 PM

දේශපාලකයින්ගේ අවශ්‍යතාවයන් අනුව පොලිසිය නටවන එක සම්පූර්ණ වැරදියි. කෝ මේ යහපාලනයෙන් පොලිසියට දෙනවා කී ස්වාධීනත්වය? මේවා දේශපාලන බලපෑම් නෙවෙයිද? ඔහොම මන්ත්‍රීලාට ඕනෑ විදිහට පොලිස් නිලධාරීන් මාරු කරන්න දෙන්න එපා! මෙම සිද්ධියේදී පොලිස් කොමිසම නියම ලෙසට තීරණයක් ගත යුතුයි.

:       0       679

sam Saturday, 10 March 2018 11:27 AM

මේ වගේ අයද මන්ත්‍රීලා වෙලා නාවලපිටිය නියෝජනය කරන්නේ. මෙයා කොහොමද පොලිසියේ කටයුතුවලට ඇඟිලි ගහන්නේ.

:       0       53

Third umpair Saturday, 10 March 2018 11:31 AM

පොලිසියට දේශපාලන බලපෑම් කිරීම වහා නවතනු. මන්ත්‍රීවරයා ධූරයෙන් නෙරපනු

:       0       67

susantha Saturday, 10 March 2018 11:32 AM

උගත්කමක්, හැදියාවක් නැති අය මන්ත්‍රීවරු ඇමතිවරු කරලා යැවුවම වෙන විනාස අද ඇස් පනාපිට පේනවා ලංකාවේ!

:       0       53

දීපාක් Saturday, 10 March 2018 11:43 AM

ඇයි මේ වගේ වැරදි ආදර්ශ රටට දෙන්නේ.

:       0       41

Ivan uk Saturday, 10 March 2018 01:36 PM

අපේ රටේ මේ දේශ පාලුවන්ට නීතිය රියාත්මක නොවේ.

:       0       1

Laksitha Saturday, 10 March 2018 01:46 PM

මෙයාල ඉන්නකන් රට හදන්න බැහැ. හදිසි නිතිය ඉවරද?

:       0       0

Perakum Saturday, 10 March 2018 02:11 PM

පොලිස් ස්ථානාධිපති වරදක් කර නැති නම් පොලිස් කොමිසමෙන් තීරණයක් ලබා දෙනතුරු මේ ගනු ලැබූ තීරණය මුළු මහත් පොලිස් සේවය පමණක් නොව රාජ්‍ය සේවයම පාවා දීමකි. දේශපාලකයින් ඉදිරියේ පොලිස් කාරයින්ගේ කොන්ද කඩාවැටෙන බව අපි දනිමු. චික්කේ ලැජ්ජයි...!

:       4       445

b.d.s.wijewardana Saturday, 10 March 2018 02:27 PM

මෙහෙම ගියොත් ඕ.අයි.සී. ට දෙයියන්ගේම පිහිටයි.

:       0       248

Chandra Saturday, 10 March 2018 02:30 PM

පොලිස් කොමිසම ස්ථාපිත කරන්න මේ මන්ත්‍රීතුමා අත ඉස්සුවේ පාරේ නිදියලා පොලිස් ස්ථානාධිපති තුමාව මාරු කරන්නද? රට යහපත් දේශයක් කරන්න, ඕකද ක්‍රමය, පොලීසියට අඩු ගානේ මේ ක්‍රියා පිටුපස කව්ද ඉන්නේ කියලවත් හොයන්න දෙන්නේ නැතුව, මේ කරපු වැඩේ බාලාංශ වැඩක් නේද? කරන්න තියෙන්නේ කව්ද මේක පිටුපස ඉන්නේ කියල රටට හෙළි කරන එකයි. දැන් රටේ නම ජාත්‍යන්තරවත් හෑල්ලු වෙලයි තියෙන්නේ. මොකද්ද මේ ඔබතුමාලගේ දේශපාලනය? මේවායින් ලෝක ප්‍රසිද්ධ ත්‍රස්තවාදී රැළක් රජ කරවන්න පාර කපලා දෙන එක තමයි වෙන්නේ...

:       0       547

Mahee Saturday, 10 March 2018 02:55 PM

තමන්ගේ පදයට නටන්නේ නැති පොලිස් නිලධාරීන් උපවාස මගින්, තර්ජන මගින්, විරෝධතා මගින් මාරුකර යැවිය හැකි නම් "කුමට එරට අධිකරණය, නීතිය සහ විනිසුරුවන්"

:       0       471

ROSHAN Saturday, 10 March 2018 03:10 PM

මෝඩ මන්ත්‍රී කෙනෙක්. පාර මැද මැරෙන්න කියලා නිකන් ඉන්නයි තිබුණේ...

:       1       731

ජාන්වී Saturday, 10 March 2018 05:43 PM

ඔව් ඇත්තටම මෝඩයෙක් තමයි ...

:       0       12

Nimal Saturday, 10 March 2018 03:55 PM

මෙන්න අපේ පාලකයෝ, මෙන්න අපේ රට. අනේ අනාගත දරුවෝ...? හරක් රැළක් තමයි අපේ රට පාලනය කරන්නේ..

:       0       332

antan Saturday, 10 March 2018 06:19 PM

මේ ශ්‍රී ලංකාව කියන රටේ මන්ත්‍රීලා කියන උන්ට තියෙන්නේ වෙනම නීතියක්ද ? සාමාන්‍ය කෙනෙක් ඔයදේම කලානම් පොලිස් ස්ථානාධිපති ගන්නේ ඔය තීරනයමද ?අනේ ශ්‍රී ලංකාවේ නීතියට ගිය කල .

:       0       1

Roshan Saturday, 10 March 2018 07:46 PM

යහපාලනය යනු දෙපැත්තේම අය අනිකට විරුද්ධව වැඩ කර ඇති විට එක් පාර්ශයවයකට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමයි. අද අපේ රටේ මාධ්‍ය සහ දේශපාලකයන්ගේ හැසිරීම අනුව අපිට එළඹිය හැකි නිගමනය වනුයේ සිංහල ජනතාවට කිසිදු ආකාරයේ හානියක් ඇතිවී නැති බවයි. ඉතින් ජාත්‍යන්තර මාධ්‍ය ගැන කුමන කතාද. පොලිසිය තමන්ත අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කර ගැනීම ද දැන් යහපලන පුරුද්දක් බවට පත්වී ඇත.

:       0       0

chris Saturday, 10 March 2018 09:51 PM

පුජිත නීතිය නැමුවද .

:       0       28

Tissa Bandara Saturday, 10 March 2018 10:54 PM

මෙහෙමත් හරක් ලංකාවේ පොඩි ජනයාගේ නියෝගිතයන් වෙලා ඉන්න එක සමස්ත ජාතියකටම නිගාවක්. මෙයාල හරි නම් පොදු ජනතාවට ආදර්ශයක් වෙලා නීතියට ගරු කරලා තම රාජකාරිය ඉටු කරන මේ වගේ පොලිස් නිලධාරීන්ට තම රාජකාරිය කර ගෙන යන්න ඉඩ සලසන්න ඕන. පොලිස් කොමිසම එවිට හොඳ තීරණයක් ගනීවි කියල අපි බලා පොරොත්තු වෙනවා. මේවා අපි ඔක්කොගෙම වැරදී. මේ වගේ අමන මොට්ට හරක් පාර්ලිමේන්තුවට යවන්න කතිරය ගැහුවට අපි අපිටම ටොකු ඇන ගන්න ඕන. රොෂාන් ලියල තියෙනවා වගේ ඕකුන්ට පාරේම මැරෙන්න ඉඩ සලසන්න තිබුනේ.

:       0       23

ajith Sunday, 11 March 2018 12:47 AM

සාමාන්‍ය මිනිහෙක් මෙහෙම කරාමත් පොලිසියේ අය නිවාඩු යවනවද?

:       0       0

ලුම්බිණි Sunday, 11 March 2018 12:52 AM

මේක ඉතාම වැරදි ආදර්ශයක්.

:       0       24

jaya Sunday, 11 March 2018 01:39 AM

මාර්ගය හරස්කිරීම නි තිවිරෝධියි. ඒකයි ඔය පොලීසිය විරෝධතාකරුවන්ට ජල ප්‍රහාර, කදුළු ගෑස් ප්‍රහාර, බැටන් ප්‍රහාර එහෙම එල්ල කරනව ඇත්තෙ. ( ඒව මෙයාලට වලංගු නැතිව ඇති.)

:       6       6

lal Sunday, 11 March 2018 03:37 AM

මුන්ට පිස්සු .... මුන්ට චන්දෙ දීපු උන්ටත් පිස්සු

:       1       26

indika Sunday, 11 March 2018 03:43 AM

බලමු මෙම මන්ත්‍රී වරයාගේ නායකයා මෙයට මොකද කරන්නේ කියල

:       0       27

ගලබොඩ අත්තේ චමින්ද Sunday, 11 March 2018 03:46 AM

වෙන රටක නම් කනට දෙකක් දීල කූඩුවට දානවා. නීතියක් නැති ලංකාවක් අනේ අපොයි.

:       0       14

dasun Sunday, 11 March 2018 04:04 AM

මේ මන්ත්‍රීවරයාගේ හැසිරීම ගැන ඔහුගේ පක්ෂ නායකයන් කුමක්ද කරන්නේ. පොලිසිය හරි හෝ වැරදි හෝ එය තීරණය විය යුත්තේ මෙහෙම නෙවෙයි. පොලිස්පති සහ විෂය භාර ඇමතිවරුන් පවා ඇස් පියාගෙන සිටින්නේ ඔවුන් සියලුම දෙනා මේ මන්ත්‍රී ප්‍රශ්න විසඳන්න හදන ක්‍රමය ගැන ඔවුන් එකඟ නිසාද.

:       0       0

Sisi Sunday, 11 March 2018 05:39 AM

මෝඩ දේශපාලකයෝ රටට බරක් ලැජ්ජයි. හැසිරිම ස්ථානාධිපතිට බලපෑම් කිරීම හා ඔහු පැවසු දේ නොකිරීම නිසා මේ දැක්වූ හැසිරිමෙන් මන්ත්‍රීගේ මොලේ තරම තේරෙයි. කරුණාකර මෙවන් අය පාර්ලිමේන්තුවට හෝ ප්‍රාදේශීය සභාවටවත් නොයවමු

:       0       0

Ramendra Sunday, 11 March 2018 06:53 AM

මන්ත්‍රීවරු පාරමැද අරගල කරාම විසඳුම ලැබෙනවා............. කම්කරුවෝ අරගල කරොත් ජන ජීවිතයට බාධා කියල අධිකරණ නියෝග ගන්නවා පොලිසිය සහ පාලකයෝ මොකක්ද්ද? මේ නීතිය ?

:       0       1

malith Sunday, 11 March 2018 06:56 AM

සාමාන්‍ය මිනිහෙක් ඔහොම හිටියනම් පොලිසියෙන් කොහොමට සලකාවිද ..පොලිසිය ඉස්සරහ පාර මැද්දේ නිදාගෙන ඉන්න එක දිහා ලජ්ජා නැතුව පොලිසියෙන් බලන් ඉන්න ලස්සන.

:       0       0

Chanak Los angeles Sunday, 11 March 2018 07:23 AM

මටනම් දැනෙන්නේ ලංකාව ළදරු පාසලක් වගේ කියලයි ..

:       0       53

kalani Sunday, 11 March 2018 08:55 AM

මේ තරම් බලවත්ද දේස පාලක හිතා ගන්නට බැරි නිසා - මම ගියා නිදියන එවුන්ටත් බලය දෙන මිනිසා සොයා

:       0       0

ruwan Sunday, 11 March 2018 10:45 AM

මේ ගොන් දේශපාලකයෝ අතුගාල දාන්න

:       0       0

LAKSITH Sunday, 11 March 2018 11:26 AM

අනේ මෙහෙම මී හරක්

:       0       0

sampath Monday, 12 March 2018 11:22 AM

ශ්‍රී ලංකාවේ ඉපදෙන එකත් පවක්... දැන් බලනකොට ඇත්ත තිත්තයි.

:       0       0

wijiha yapa Monday, 12 March 2018 10:10 PM

ඉන්දියාවේ මෙහෙම එකක් වුණා. ඒක වුනේ දැනට වසර 20 කට පෙර. දැන් ලංකාවේත් මෙහෙම වෙනවා. හපොයි මගේ රටට ගිය කලක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 551 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 2143 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 4815 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1218 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1876 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1269 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site