(ජේ.ඉඳුරුවගේ )
පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ කන්ඩායම සඳහා අලුතින්ම එක්වූ ගැබ්බර බැල්ලියන් දෙදෙනකු පැටවුන් 13 දෙනෙකු ප්‍රසූත කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
මෙසේ පැටවුන් බිහිකර ඇත්තේ පොලිස් නිල සුනඛ කන්ඩායම සඳහා එක් කිරීමට ඉකුත් 05 දා නෙදර්ලන්තයෙන් මෙරටට ගෙන්වූ Belgian Malinois, German Shepherd, English Springer Spaniel වර්ගයේ නිල සුනඛයන් 35 දෙනා අතර සිටි English Springer වර්ගයේ ටෙන්පර්ඩ් සහ ලියා යන ගැබ්බර සුනඛ දෙදෙනා විසිනි.
මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ මූලස්ථානයේදී උපත ලද මෙම පැටවුන් මෙන්ම බැල්ලියන් දෙදෙනා පොලිස් නිල සුනඛ කොට්ඨායේ පශු වෛද්‍ය අමල් දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.
මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.
එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ
කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිස් සුනඛ කොට්ඨාසයට අලුත් සාමාජිකයන් 13ක් එක් වේ
ගමේ එකාලා Friday, 12 July 2024 02:57 AM
පොලිසියේ ඉන්නෙත් වැඩි හරියක් පොලිස් කියන වචනයේ තේරුමවත් හරියට නොදන්න සුනඛ යෝ .පැටවුන්ට දාන්ඩ නම් නැත්නම් පොලිසියෙන් සහ දියවන්නාවෙත් හොයාගන්ඩ බැරිවෙන එකක් නැහැ .
Lalla Friday, 12 July 2024 07:44 AM
මෙතරම්ම පැහැදිලිව පේනවා පොලිසිය හෝ රටේ වගකිවයුතු කිසිම කෙනෙක් අවශ්‍ය විශේෂ බල්ලන් අභිජනනය කිරීමට පියවර ගෙන නැතිව ආනයනය කරන්න පොලඹවන බව. තිත්ත ඇත්ත අත යට ගානට යටවීම සහ විදෙස් සංචාර වලට කෑදර කම.... දැන්වත් විශ්ව විද්‍යාල පශු වෛද්‍ය පීඨ වලට මුදල් වෙන්කර සත්ත්ව අභිජනනය ලංකාවේ ව්‍යාප්ත කරන්න...
Rupika Friday, 12 July 2024 11:27 AM
පෙරහරේ අලි ඇත්තු ගෙනයාමට විරුද්ධව එන්ජිඕ කදුලු හෙලන අයියලා දැන් මේ ගැන මොකුත්ම කියන්නෙ නැද්දෝ
විපරමා Friday, 12 July 2024 04:32 PM
පැටව් වැඩිනම් ඔවුන්ව මැදමූලනේට ගිහින් දාන්ඩයි තියෙන්නේ .. බල්ලෝ එක්ක ලැගලා හොඳට පුරුදු කට්ටිය එහේ ඉන්නේ...