කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයයේ සමූපාකාර අළෙවිහළේ ලාච්චුවේ තිබූ රුපියල් ලක්ෂ 13ක් සොරා ගෙන ඇතැයි පොලීසිය කියයි.
පොලිස් සාමාජිකයන් මේ අළෙවි සැලෙන් ණයට බඩු ගන්නා බව ද, ඉරිදා බොහෝ දෙනෙක් එම ණය පියවා ඇති බව ද, එම මුදල් සහ පසුදින බඩු මිලදී ගැනීමට තුබූ මුදල් මෙලෙස සොරා ගෙන ඇති බව ද පොලිස් ආරංචි කියයි.
සිද්ධිය වන අවස්ථාව වන විට එහි ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දෙදෙනකු යොදවා සිට ඇත.
මුදල් සොරාගත් අය කිසිදු දොරක් හෝ ජනේලයක් කඩා නැති බව ද, යතුරකින් දොර විවර කර ඇතුළට ගොස් ඇති බවට සැක කරන බව ද, මෙතරම් මුදලක් සේප්පුවේ නොදමා ලාච්චුවේ දැමුවේ ඇයිදැයි විමර්ශනය කරන බව ද උසස් පොලිස් නිලධාරියෙක් ‘එසැණට‘ කීවේය.
සිද්ධිය සම්බන්ධයෙන් 13 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී රොෂාන් සිල්වා මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරී සුගත් ගලගමගේ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදු කරති.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිස් සමූපෙත් කඩයි
සිල්වා Tuesday, 26 March 2013 12:23 AM
පහුගිය කාලේ කොළඹ මංකොල්ල ටික මතක් වෙනකොට මගේ සිතට එන්නෙම පොලිසිය.(නදී)
හේවාවිතාරණ Wednesday, 27 March 2013 04:26 AM
පිට රට පොලිසි සමග සසදා බැලුවම අපිට ලංකාවේ පොලිසිය ගැන හරිම ලැජ්ජයි.(නදී)
දිසානායක Tuesday, 26 March 2013 04:13 AM
මම නම් හිතන්නේ මේක හොරා පොලිස් ගේමක් වගේ.(නදී)
අමිල Tuesday, 26 March 2013 06:11 AM
ඉතින් මේ ගොල්ලෝ කොහොමද අපිට ආරක්ෂාව දෙන්නේ?(නදී)
හේරත් Tuesday, 26 March 2013 07:47 AM
යකඩ මල්ලත් ගුල්ලෝ ගැහුවා නම් හාල් මල්ල නොබලම විසිකරපියෝ කිවුවලු. (නි)
කිවි Tuesday, 26 March 2013 07:57 AM
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ නව මුහුණුවරකින්වද්ද? (නි)
පිටිගල Tuesday, 26 March 2013 08:02 AM
ඌරාගේ මස් ඌරාගේම පිටේ තියලා කපනවා කියන්නේ මේකට තමයි. (නි)
නසාර් Tuesday, 26 March 2013 08:53 AM
රට ආපස්සට යනවා, අපි වයසට යනවා... (නි)
ලලිත් Tuesday, 26 March 2013 10:00 AM
කට්ටිය හොරා පොලිස් සෙල්ලමවත් කරලද? (නි)
ලලිත් Tuesday, 26 March 2013 10:12 AM
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව? (නි)
සනත් Tuesday, 26 March 2013 11:28 AM
මේක ඉතින් අළුත් ශ්‍රී ලංකාවක් නෙ කොල්ලෝ. හෙහ් හෙහ් හෙහ්... (නි)
නලින්ද Tuesday, 26 March 2013 12:18 PM
පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුවීමක්ද දන්නෙ නැහැනේ. (නි)
අරුණ Tuesday, 26 March 2013 01:50 PM
අපේ වාහන පාරෙදි අල්ලලා බොරු වැරදි පෙන්නලා පොලිසිය අපෙන් ගන්න දඩ වලට මේවා හොද පාඩම්. (නි)