IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


පොලිසි 18ක ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉවත දමයි

(නිමන්ති රණසිංහ)

‘ජන බල වේගය කොළඹට’ යන මැයෙන් සමගිජන බලවේගය විසින් හෙට (16) කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය නවතා ලෙසට වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි පොලිසි 18ක් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (15) ප්‍රතික්ෂේප කළේය.

උද්ඝෝෂකයින් සෞඛ්‍ය නිති රිතී උල්ලංඝණය කරන්නේ නම්, පොලිස් බලතල ප්‍රකාරව ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියම කළ අධිකරණය පොලීසිය කළ ඉල්ලීම ඉවත දැමීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාව ප්‍රකාරව උද්ඝෝෂණයේ අයිතිය මහජනතාව සතුව ඇති බවත් කොරෝනා රෝගයට අදාළව සෞඛ්‍ය ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව යමෙකු එය උල්ලංඝණය කරන්නේ නම් ඒ සදහා පොලිස් බලතල පාවිච්චි කළ යුතුව ඇති බවත් අධිකරණය සදහන් කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ අටකින් පොලිස් ස්ථාන 20ක් මෙම ඉල්ලීම සිදුකර තිබූ අතර, ඉන් පොලිස් ස්ථාන 18කින් ඉදිරිපත් කළ ඉල්ලීම් එසේ ප්‍රතික්ෂේප විණී.

ඒ අනුව, බ්ලූමැන්ඩල්, කිරුළපන, නාරාහේන්පිට, බම්බලපිටිය, වේල්ලවිදිය, වැලිකඩ, ගොතටුව, මුල්ලේරියාව, මාලිගාවත්ත, වැල්ලම්පිටිය, බොරැල්ල, මෝදර, කුරුදුවත්ත, දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, මට්ටක්කුලිය, කෙසෙල්වත්ත යන පොලිස් ස්ථාන 18න් කළ ඉල්ලීම් එලෙස ප්‍රතික්ෂේප විය.

 



අදහස් (6)

පොලිසි 18ක ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉවත දමයි

කිරි පුතා Monday, 15 November 2021 04:41 PM

තවත් කොවිඩ් රැල්ලක් හදලා රට නැත්තටම නැති කරලා දාමු නේද? ඡන්ද බලාගෙන කරන මේ මගඩිවලට රැවටෙන ජනතාව ඉන්නතුරු අපේ රටට ගොඩඒමක් නෑ. මොන පක්ෂය කළත් මෙවැනි දේ හැමදාම කළේ බොරුවෙන් ජනතාව මුලා කරලා බලයට ඇවිත් හොරා කාගෙන කාගෙන යන්න. එච්චරයි.

:       20       20

පුටු පොලිෂ් Monday, 15 November 2021 04:47 PM

අම්මෝ පොලීසියට තියෙන උනන්දුව... අහිංසක මනුස්සයෙක් මිනී මැරුමක් ගැන පැමිණිල්ලක් දාන්න ගියත් කිසි වගක් නෑ... මිනීමරුවා එක්කගෙන වෙන දවසක එන්න කියනවා. මහජනතාවගේ බදු මුදලින් පඩි ගන්නේ කියලා හිතිලා වෙන්න ඇති මහජන ආරක්ෂාව ගැන මේ තරම් වදවෙන්නේ.

:       6       29

සමරේMonday, 15 November 2021 06:12 PM

මේ පාරත් කොරෝනා රැල්ලක් හැදීමේ වගකීම සජිත් බාරගන්නවා නම් ඔය උද්ඝෝෂණ කරාට කමක් නෑ. මිනිස්සු ලෙඩ වෙලා ආයිමත් ලොක්ඩවුන් කරන්න වෙන්න තියන්න එපා. සිංගප්පූරුව මේ වෙලාවේ හොඳට බැට කනවා දවසට 3000කට වඩා කොරෝනා හැදෙනවා. අපේ සජිත්ට ලංකාව, සිංගප්පූරුව වගේ කරන්න වෙන විදිහක් නැති නිසා මෙහෙමවත් කරන්න බලනවා ඇති...

:       15       10

Rohana Monday, 15 November 2021 05:35 PM

මහේස්ත්‍රාත් තුමා නියම තීන්දුවක් දීලා තියෙන්නේ.... ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරුද්ධව නැගීසිටීමේ ප්‍රජාතාන්ත්‍රිය අයිතිය ලබාදී තිබෙනවා. උසාවි නැත්නම් මේ උද්ඝෝෂණ අයිතියටත් හරස් කපන්නයි ආණ්ඩුවේ වුවමනාව. හැබැයි සෞඛ්‍ය නීනිරීති අනුගමනය කිරීම උද්ඝෝෂණය කරන්නන්ගේ වගකීමක් බවද දැනගත යුතුයි.

:       4       13

Bamunuarachchi Monday, 15 November 2021 06:20 PM

ඔහේ කෑගහගහ ගියදෙන්.. කවදාද ගණන් ගන්නේ? අපි නොදන්නා සජබයින්..!

:       17       8

කැනඩා දිසා Monday, 15 November 2021 10:40 PM

ආන්ඩුව නිකම්ම පිිචං වෙලා ඉවරායි .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1268 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1095 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1040 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 676 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 582 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 5243 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25394 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 369 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site