IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


පලා කඩන්න ගිහින් මඩේ එරිලා:දවසකට පසු සොයා ගනී

(සිසිර කැලේගම)

පලා කැඩීමට පොල්පිතිගම හාතිගමුව මහ වැවට ගිය පුද්ගලයකු  එරී සිටියදී  බේරාගෙන රෝහල්ගත කළ බව   පොල්පිතිගම පොලිසිය කියයි.

එම ප්‍රදේශයේ පදිංචි  මෙම තැනැත්තා අතුරුදන් වී ඇති බවට පවුලේ ඥාතීන් පොලිසියට පැමිණ පැමිණිල්ලක් කර තිබුණි. ඒ අනුව පොලිසිය පැමිණ සොයා බැලුවත් හමු වී නැත.

මෙම තැනැනත්තා 42 වන වියේ පසුවන අයෙකි. කලක් හමුදා සේවයේ සිටි නිලධාරියෙකි.

දැනට මානසික අසනීපයකින් පසුවන ඔහු හාතිගමුව මහ වැවට කංකුන් දලු කැඩීම සඳහා ගිය අවස්ථාවේ  මඩේ එරී ඇත. 

ඔහුගේ අතක් කිසියම් සතකු විසින් සපා කා තිබෙන අතර එය කිඹුලකු විසින් සපා කා ඇති බවට අනුමාන කරන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

තුවාලකරු ඒ මොහොතේම වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත. 

ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් සේවකයෙක් පැවසීය.

 



අදහස් (2)

පලා කඩන්න ගිහින් මඩේ එරිලා:දවසකට පසු සොයා ගනී

Bunny Preena Saturday, 02 September 2023 09:56 AM

මානසික රෝගියකු සිටින පවුල්වල අය මුලදී එවැනි රෝගීන් ගැන හොඳ අවධානයෙන් සිටියත් පසුකාලිනව එම තත්වයෙන් මිදී කටයුතු කිරීම මෙවැනි දේවල් සිදුවීමට ප්‍රධානතම හේතුවයි.

:       1       16

සීලරතන Sunday, 03 September 2023 12:30 AM

ඉතිං මඩේ එරෙනකන් කන්කුන් කැඩුවාද, අනික ගෙදර හරි කාටහරි call එකක් දෙන්න තිබුනේ නැද්ද? ගෙදර නොකියා කන්කුන් කඩන්න ගියාද? මේ වගේ අසනීප අය කංකුන් කඩන්න යවන්නේ ඇයි. ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා.

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි
2024 ඔක්තෝබර් මස 13 2784 0

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන


වැස්ස බස්නාහිර පාසල් වහයි
2024 ඔක්තෝබර් මස 13 2952 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 5413 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 800 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1369 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 916 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26109 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 333 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 421 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1364 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site