IMG-LOGO

පොල් කඩන්නා පොල් ගසකඩා වැටී මරුට

 

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

පොල් කැඩීමට නැගි ගසක කද මැදින් කැඩී අඩි හතලිස් හතක පමණ උසක සිට බිමට වැටුණු පුද්ගලයකුගේ හිස මතට කඩා වැටුණු පොල් ගසෙහි කද කොටසද වැටී ඊට යට වී  එම ස්ථානයේදිම ජීවිතක්ෂයට පත්ව  ඇතැයි කහතුඩුව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මත්තේගොඩ පුබුදු මාවත නො, 51 / 03 හි නිවසේ පදිංචි ගංගොඩවිලගේ දොන් ගාමිණී රණතුංග (62) හැවිරිදි අවිවාහකයෙකු බව පොලීසිය කියයි.

මෙම පුද්ගලයා වෘත්තියෙන් පොල් කඩන්නෙකු වන අතර ඔහු  සියඹලාගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ දම්සැරි උයන ප්‍රදේශයේ දූවිලියා ගහ ඉඩමේ අඩි 47 පමණ උස ගසක පොල් කැඩීම සඳහා නැග තිබේ.

ගසට නැග පොල් කඩමින් සිටියදී ගසෙහි  බිම සිට අඩි 15 පමණ ස්ථානයෙන් කද කොටස කඩා වැටී ඇති අතර එම අවස්ථාවේදී ගස මුදුනෙහි සිටි පුද්ගලයා අඩි 32 පමණ ඉහල සිට බිමට වැටී තිබේ.  එම අවස්ථාවේදී බිමට වැටුනු කද කොටස මෙම පුද්ගලයාගේ හිස මතට වැටී ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබූ බව පොලිසිය කියයි.



අදහස් (0)

පොල් කඩන්නා පොල් ගසකඩා වැටී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 221 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 558 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site