IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පලා කොළ විකුණා දරු පවුල රකී

දෙහිඕවිට හිඟුරලකන්ද දීගලවත්තේ තමා පදිංචි ඉඩම දෙහිඕවිට ප්‍රාදේශීය සභාවෙන් කොම්පොස්ට් ව්‍යාපෘතියකට ගැනීමට යන බවත්, ණය වී හදාගත් තම නිවස අහිමිවීමෙන් යන එනමං නැතීවන බවත් තුන් දරු මවක වන එදිරිසිංහ ආරච්චිගේ පත්මා (37) මහත්මිය කියන්නීය.

ඇයට හෝ අන්කිසිවකුටත් නිවාසයක් හදා නොදී මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන බව දෙහිඕවිට ප්‍රාදේශීය සභාපති අමිල රුවන් කන්දේආරච්චි මහතා කියයි.

තම සැමියා පිත්තල බඩු ඔබ දැමීම කරන බවත්, එයින් ලැබෙන මුදල් දරුදෙදෙනා නඩත්තු කිරීමට ප්‍රමාණවත් නොවන බවත්, ඒ නිසා පලා වර්ග කඩා පොළට ගොස් විකුණා ජීවත් වන බවත් ඇය පවසන්නීය.

පත්මාගේ   ලොකු පුතා 11 ශ්‍රේණියේ  ද, වැඩිමල් දියණිය හය වැනි ශ්‍රේණියේ ද ඉගෙන ගනිති. අවුරුදු හතරක් වූ අනෙක් දියණිය පෙරපාසල් යන්නීය.

ඔවුන් දීගලවත්තේ පදිංචියට පැමිණ ඇත්තේ 2002 වසරේය. ණයක් ගෙන කාමරයක් සහ කුස්සියක් පමණක් සහිත කුඩා නිවසක් සාදාගෙන ඔවුහු ජීවත් වෙති. ගෙදරට යෑමට නිසි මාර්ගයක් නැති අතර ගෙය සෑදීමට ගල් ගෙනැවිත් ඇත්තේ කර මත තබාගෙනය.

උඳුපියලියා, ගොටුකොළ,බරු ආදී පළා වාර්ග සොයාගෙන ඇහැලියගොඩ පොළට ගොස් විකුණා නැවත නිවසට යෑමට ගමන් වියදම පමණක් රුපියල් 80කි.

මාතර කිරින්ද පුහුල්වැල්ලේ උපන් ඇය අපොස උසස්පෙළ දක්වා උගෙන ගත්තේය. 

‘අපි ඉන්න හැටි කන හැටි දන්නේ අපි විතරයි. අපි හරි දුප්පත්. පලා කොළයි කුළී වැඩයි නැත්නම් අපට පණ ගැට ගසා ගන්න ක්‍රමයක් නැහැ.‘ යැයි පදිංචි ඉඩම වෙනුවෙන් ප්‍රාදේශීය සභාවේ සිට ජනපති දක්වා ලියූ ලියුම් කිලෝ බාගයක තරම් ලිපි ගොනුවක් පෙන්වමින් ඇය කීවාය.

‘මට සබන් හදන්න පුළුවන්. ඒත් අච්චු ආදිය මිලට ගන්න වත්කමන් තැහැ‘යි ඇය කියන්නීය.

මුල්‍ය ආයතනයක ණයක් ගැනීමට 2012 ජනවාරි 16 වැනිදා ඇය යොමු කර ඇති අයදුම්පත්‍රයක දේහිඕවිට ප්‍රාදේශීය ලේකම් නාලිකා පියසේන මහතා විසින් ඇගේ ස්ථිර පදිංචිය තහවුරු කර ඇත.

කොම්පෝස්ට් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් උන් හිටි තැන අහිමි වී තමනට සිදුවන අවැඩ ගැන පත්මා මහත්මිය ජනපති, ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති, ප්‍රාදේශීය ලේකම් ඇතුළු වගකිවයුත්තන්ට දැනුම් දී ඇත.

දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල රුවන් කන්දෙආරච්චි මහතා පැවසුවේ කොම්පොස්ට් ව්‍යාපෘතියට ආරම්භ කරනුයේ එම ඉඩමේ පදිංචිකරුවනට වෙනත් ස්ථානයට නිවාස ඉදිකර දීමෙන් පසුව බවයි.

‘මේ ඉඩමේ පවුල් තුනක් ඉන්නවා. ඉන් පවුල් දෙකක් අනවසර පදිංචිකරුවෝ. මේ ඉඩම අක්කර තිස් ගානක ඉඩමක්. ඒකේ මැනුම් කටයුතු දැන් ඉවරයි. අපි මේ පවුල්වලට නිවාස හදලා දෙන්න පිඹුරුපත් සකසලයි තිබෙන්නේ. මේ ඉඩමෙම වෙනත් ස්ථානයක ඔවුනට නීත්‍යනුකූලව වර්ග අඩි 700ක විතර නිවාසයක් හදා දෙනවා. ඉන් පස්සේ තමයි ඔවුන් ඉවත් කරන්නේ. එක් නිවාසයකට රුපියල් හත් ලක්ෂයක් විතර වියදම් වේවි. එම වියදම අපි දරනවා. කිසිම කෙනෙකුට අසාධාරණයක් වෙන්නේ නෑ.



අදහස් (0)

පලා කොළ විකුණා දරු පවුල රකී

ලුම්බිණි Thursday, 08 August 2013 10:47 AM

ලියුම් ලිව්වට අද කාලේ ඇමතිලා මන්ත්‍රීලා උත්තර එවන්නේ නැහැ. ඒ ඉස්සර. මම දන්නා කෙනෙකුත් ඔය වගේ වග කිවයුතු අයට ලියුම් ගණනාවක් ලිව්වා. අඩු වශයෙන් ලැබුන කියල වත් දැන්නුවේ නැහැ. වේදිකා උඩ නම් 'ජනතාව ජනතාව' කියල කෑ මොර දෙනවා. නුමුත් ලියුමකට උත්තර එවන්න තරම් වත් ශිලාචාර නැති අය තමයි අද ඉන්නේ. (දී)

:       0       0

පැතුම් Wednesday, 07 August 2013 11:24 PM

කියන විදිහටම කළොත් නම් ඉතින් හොඳයි. (නි)

:       0       0

විදානගේ Wednesday, 07 August 2013 11:28 PM

අපි සමාජයට ගිහින් බලන්න ඕනෑ සමහර ජනතාව ජීවත් වෙන්න විදින දුක. ඕනෑ තරම් පුද්ගලයෝ ඉන්නවා සත්‍ය වශයෙන්ම දුකක් විදින අයට උදවු ක‍රන. සමාජය බොරුවෙන්, වංචාවෙන් පිරිලා නිසා කව්රුවත් උඩට එන්නේ නැහැ (නි)

:       0       0

කුමාරිහාමි Thursday, 08 August 2013 11:59 AM

කනගාටු දායක පුවතක්

:       0       0

කුමාර Thursday, 08 August 2013 12:01 PM

මෙවන් අසරණ මිනිස්සුන්ටම තමයි ලංකාවේ තැනක් නැත්තේ (දී)

:       0       0

ධර්මේ Thursday, 08 August 2013 12:55 AM

අක්කේ , ඕවා අමතක කරලා දාලා ඉන්න (නි)

:       0       0

චානක Thursday, 08 August 2013 02:07 AM

අමිල, රුවන් කියා තිබෙන්නේ අනවසරයෙන් පදිංචි වෙලා කියලා.එහෙනම් කියන්නකෝ කොහොමද එදා පාපැදියක්වත් ගන්න වත්කමක් නොතිබූ අය, මැති ඇමතිවරුන් වූ පසු කොළඹ වටිනා ඉඩම් කුණු කොල්ලයට අරගෙන නිවාස ඉදිකරගෙන රජ පැටව් වගේ ඉන්න එක ඔබ දකින්නේ කොහොමද කියලා? (නි)

:       0       0

උපාලි Thursday, 08 August 2013 03:28 AM

මේකෙන් මේ පවුලට ඇත්තටම සිදුවෙන්නේ හොඳක් කියලයි මට නම් පෙනෙන්නේ. දැන් ඉන්න ඉඩමේම වඩා හොඳ ගෙයක් ලැබෙනවා. දැනට ඇය හෝ අගේ සැමියා කරන රැකියාවලට කිසිම බලපෑමක් වෙන්නෙත් නැහැ. සමහරවිට මේ කාන්තාවට ඔය ස්ථානයේ කරන්න යන ව්‍යාපෘතියේම රැකියාවක් ලබා ගන්නත් ඉඩ ලැබෙයි. (නි)

:       0       0

නාලක - කටාර් Thursday, 08 August 2013 04:08 AM

වෙන තැනක් ඇත්තෙම නැද්ද ඔය කරන්න යන දේ කරන්න. ඒ අහිංසක මිනිස්සු ඉන්න තැනම ඕක පටන්ගන්න යන්නේ. වගකිවයුතු තැන්වලට දැන්නුවට වැඩක් වුණේ නැති එක ගැන කණගාටුවෙනවා. (නි)

:       0       0

කැනඩා දිසා Thursday, 08 August 2013 07:54 AM

අක්කේ ,මේ අපේ රට පෙරට අරගෙන යන කාලේ,ඕවා එතරම් ගණන් ගන්නේ නැතුව ඒ වැඩ වලට උදව් වෙමු. (නි)

:       0       0

තාරක Thursday, 08 August 2013 09:00 AM

,මෙහෙම අසරණ මිනිස්සු ලංකාවේ ඉන්නේ , වෙඩි තියක්ලා දාන්න (දී)

:       0       0

සිල්වා Thursday, 08 August 2013 02:47 PM

අනේ ඒ අම්මටයි දරුවන්ටයි සාදාරණයක් ඉටුකරන්න. මේ වගේ අසරණ ජනතාව වෙනුවෙන් යමක් කරන්න රජයට ශක්තිය ලැබේවා. අපි කව්රුත් මැරෙනවා. අරගෙන යන්නේ කරපු හොද දේවල් විතරයි. ඉන්න ටික කාලේ හොදින් ජීවත් වෙන්න. සාධාරන යමක් කරන්න. ලොකු පිනක් හැමෝටම (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 0 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 253 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 341 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1896 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 57 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12656 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36631 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24239 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site