IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පොල් නඩුව ඉල්ලා අස් කර ගනී

රුපියල් 320ක් වටිනා පොල්ගෙඩි අටක් සොරකම් කළැයි පාසල් දැරියකට එරෙහිව පොලීසියෙන් පවරා තිබූ නඩුව හොරණ මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා ඉදිරියේදී මින් මද වේලාවකට පෙර ඉල්ලා අස් කර ගත්තේය.

මේ අනුව දැරිය නිදොස් කොට සිදහස් කෙරෙයි.

සහකාර පොලිස් අධිකාරී අබේරත්න දිසානායක මහතා නඩුව ඉල්ලා අස්කරගන්නා බව උසාවියට දැන්වීමෙන් පසු ඒ බව දැරියට නොතීසියක් මගින් දන්වන්නැයි මහේස්ත්‍රාත් නියෝග කළේය.

මෙම සුළු සිද්ධියට ජනමාධ්‍ය මගින් අනවශ්‍ය ප්‍රචාරයක් දීමෙන් දැරියගේ අධ්‍යාපනයට ද බලපෑමක් කර ඇතැයි ද, මාධ්‍යය වගකීමෙන් ක්‍රියා කළ යුතු යැයි ද මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.



අදහස් (0)

පොල් නඩුව ඉල්ලා අස් කර ගනී

නාමල් Monday, 11 February 2013 02:38 PM

සියලු වැරදි නිවරදි කරගත හැක්කේ මාධ්‍යට පමණයි. එහි වටිනාකම දැනගත්ත් අද තමයි.(නදී)

:       0       0

රංජන් Monday, 11 February 2013 08:07 PM

මාධ්‍යය ගැන කිවුව කතාව ගැන තව වරක් හිතුවොත් නේද හොද? (නි)

:       0       0

මංගල Monday, 11 February 2013 02:42 PM

හොරකම්, මැරකම්, ජඩකම්,බලුකම් ඔක්කොම කරන්න හොදයි. ජනමාධයට කිව්වම ලැජ්ජයි. එහෙනම් මොකටද මේවා කරන්නේ. මාධ්‍ය කරුවනි. මේවා හොය හොයා ඔක්කොම දාන්න.(නදී)

:       0       0

සිසිර Monday, 11 February 2013 02:42 PM

අපි දකිනවනේ දැන් වෙන දේවල්.. මාධ්‍යට පින් (ස)

:       0       0

සුසන්ත Monday, 11 February 2013 02:43 PM

ඇත්තටම ජනමාධ්‍ය නොසිටින්නට මේ දැරිවි එල්ලිලා මැරිලා. මෙයට ප්‍රචාරණයක් දුන්නු නිසාම කොච්චරනම් අක්‍රමිකතා පාසල් තුල සිදුවන බවට කතිකා ඇති වුනාද..? මාධ්‍යට බැනලා වැඩක් නෑ. නිදහස් ජනමාධ්‍යට ජයවේවා..! (ස)

:       0       0

ප්‍රියන්ත Monday, 11 February 2013 02:46 PM

ඔය ටිකට කලින් මොළේ කල්පනා කළා නම් ඉවරයි නේ.....(ස)

:       0       0

ධම්මික-ලංඩන් Monday, 11 February 2013 02:54 PM

නිදහස් සහ සදාචාරශීලී මාධ්‍යයට මගේ ආචාරය. මෙය එක්තරා සිද්ධියක් පමණයි. මාධ්‍ය නිසා මේ අහිංසක දරුවගේ ජීවිතය සහ ආත්ම ගෞරවය රැකුනා. අප තව දුරටත් සොයා බැලිය යුතුයි ඇයගේ පාසලින් ඇයට යමිතිසි අපහසුතාවයක් ඇති කරනවද කියා. ගරු අධිකරණය විසින් මේ වගේ නඩු පොලිසියට ඉදිරිපත් කිරීමට ඉඩ නොදෙන්න. (නදී)

:       0       0

කුරුවිට Monday, 11 February 2013 02:55 PM

ළමයා උසාවියට දැම්මේ මාධ්‍යයද ?(ස)

:       0       0

සිංහ Monday, 11 February 2013 02:59 PM

අපිට නඩු තීන්දුවකට එරෙහිව යන්න බැහැ. එහෙම කතා කරන්නත් බැහැ. ඒක නීති විරෝධියි. ඒත් උසාවියෙන් වුනත් දීලා තියෙන්නේ හිතක් පපුවක් නැති තීන්දුවක්. ඇත්තෙන්ම අර ගෑනු දූෂණය කරපු එවුන්ටවත් එච්චර ලොකු ඇපයක් ඉල්ලුවේ නැහැ. නඩු තීන්දුවත් සුබ දායක නැහැ පාසල් දරුවෙකුට. (නි)

:       0       0

රජිව් Monday, 11 February 2013 10:52 AM

සමාව දීම වටිනවා (දී)

:       0       0

කුරුවිට Monday, 11 February 2013 03:00 PM

සහකාර පොලිස් අධිකාරීතුමා මේ සිද්දිය උසාවියට දාන්න පෙර ටිකක් හිතලා බැලුවනන් හොදයි.(නදී)

:       0       0

අසෝකා Monday, 11 February 2013 10:53 AM

සල්ලි කියන දේ හැමෝටම නැහැ, අපි හැමවිටම හිතන්න ඕනේ අපි හැමෝම මිනිස්සු කියලා (දී)

:       0       0

මල්ෂාන් Monday, 11 February 2013 10:53 AM

බොහොම පින් (දී)

:       0       0

කුමාර Monday, 11 February 2013 10:55 AM

මනුෂ්ශත්වයේ නාමයෙන් කල වැඩක් (දී)

:       0       0

ෂෙරිප් Monday, 11 February 2013 03:00 PM

පොල් ගෙඩි ටික අනාත මඩමකට යවනවද?(නදී)

:       0       0

මහේන්ද්‍ර Monday, 11 February 2013 10:55 AM

මාධ්‍යයට ජය වේවා !!! මාධ්‍යට දොස් කියන්න එපා. මාධ්‍ය නිසා තමයි ඒ දරුවව බේරුනේ... (ස)

:       0       0

සමන් Monday, 11 February 2013 03:04 PM

දැන් කොහොමද අලුත් උසාවිය?? ස්වාධීනයි නේද? (නි)

:       0       0

චාමික Monday, 11 February 2013 10:57 AM

ප්‍රචාරය කිරීමද වරද? (ස)

:       0       0

විෂ් Monday, 11 February 2013 10:58 AM

මේක සුලු සිද්දියක් වෙන්නෙ කෝහොම ද???? පොල් ගෙඩි 8ට 50000 යි..... මේක සුලු සිද්ධියක්නම් ලමයව මුලින්ම නිදහස් කරන්න තිබ්බනේ (ස)

:       0       0

සිල්වා Monday, 11 February 2013 10:58 AM

ජනමාධ්‍ය එක්ක කොයි කවුරුත් තරහ ඇති. ඒත් මීට පස්සේ කවුරු කවුරුත් පිස්සු නටන්න පෙර සිතා බලාවි. ලංකාදීපයට මල් මිටක්. (ස)

:       0       0

රොෂාන් Monday, 11 February 2013 03:08 PM

මෙය හෙළි කර දරුවා රැක ගැනීම පිළිබ්‍ඳව මාධ්‍යට මාගේ ආචාර්ය (ස)

:       0       0

ඉදුනිල් Monday, 11 February 2013 11:00 AM

ලැජ්ජා හිතෙන්න ඇති යුක්තිය වෙනුවට නීතිය තෝරා ගැනීම ගැන.. (ස)

:       0       0

සුනිල් Monday, 11 February 2013 11:05 AM

අපි නම් ලංකාදීපය ඇතුළු සියලුම මාධ්‍යයන්ට ගරු කරනවා. (නි)

:       0       0

සනත් Friday, 15 February 2013 03:34 AM

මීටපස්සේ හෙරකමක් කරලා අහුවුණාම අහන්න ඕනෑ, පාසලට දෙන්නද කෙරුවේ කියලා. (නි)

:       0       0

පහන් Monday, 11 February 2013 11:05 AM

ළමයට වන්දියක් ගෙවන්නේ නැතිද(සමත මණ්ඩලයට නොදා කෙලින් ම අධිකරණයට ගෙනයාමෙන් ඔවුන් වරදක් කර ඇත ) ? ඒ ලමයට දැන් ඒ ඉස්කෝලෙට යන්න බැරුව ඇති , මාධ්‍ය මගින් මේක එලි නොකලානම් ඒ ලමයත් මෙලහට එල්ලිලා මැරිලා .ලංකාදීප ඇතුළු මෙමෙ සිද්දියට ප්‍රචරයදුන් සියලු මාධ්‍යට ජයවේවා !!!! (ස)

:       0       0

ඉන්දික Monday, 11 February 2013 11:09 AM

මාධ්‍යයට මගේ හිස නමා ආචාරය! (නි)

:       0       0

නවීන් Monday, 11 February 2013 11:11 AM

ගරු අධිකරණයට මගේ ආචාරය! ගරු අධිකරණයට බැරිද මාධ්‍යවේදීයා වචනය නිර්වචනය කරන්න? (නි)

:       0       0

සිසිර Monday, 11 February 2013 11:13 AM

ඇත්ත තමයි මහේස්ත්‍රාත්තුමා කියන්නේ. දැන් ළමයට පාසල් යන්නවත් විදියක් නැතුව ඇති. (නි)

:       0       0

රන්දික Monday, 11 February 2013 11:14 AM

ජනමාධ්‍ය නිසා තමයි ඒ දැරියගේ නිදොස් බව වගෙම, පාසල්වල සිදුවෙන අක්‍රමිකතා, දූෂන ගොඩක්ම හෙළිවුනේ, අසරන දෙමාපියන්ගෙන් හොරාට මුදල් එකතු කරන විදුහල්පතිවරැන් ගැන ජනාධිපතිතුමාටත් දැන ගන්න ලැබුනේ ජනමාධ්‍යයන්ට පින්සිදුවෙන්න තමයි. (ස)

:       0       0

උදය Monday, 11 February 2013 11:16 AM

ඔය ප්‍රශ්නයට ජනමාධ්‍යට බැනල වැඩක් නෑ. පොලීසියට කියන්න ඕන වගකීමෙන් වැඩ කැරන්න කියලා. ප්‍රශ්න පොලීසියෙන් විසඳන්නේ නැතිව උසාවි දාපු නිසා තමයි ජනමාධ්‍ය ඒක වැරදියි කියලා ජනතාව දැනුවත් කළේ. (ස)

:       0       0

අබා Monday, 11 February 2013 11:16 AM

අපේ සමහර මාධ්‍යවේදීනුත් වැඩ කරන්නේ හොයන්නේ බලන්නේ නැතුවනේ. (නි)

:       0       0

ලාල් Monday, 11 February 2013 11:16 AM

ඇත්ත තමයි. මාධ්‍යය මීට වැඩි යහිතලා බලලා වැඩ කළ යුතුයි. (නි)

:       0       0

අතුල Monday, 11 February 2013 11:18 AM

එතකොට රු. 320 කට නඩු අහන එක හොඳයි. මාධ්‍ය වලින් ඒ ගැන කියූ නිසයි නඩුව ඉල්ලා අස් කර ගත්තේ.. (ස)

:       0       0

දිසානායක Wednesday, 13 February 2013 10:07 AM

ලංකාවේ ජරාව කෑම අතින් පොලිසිය සහ අධ්‍යාපන අංශ තමයි පෙරමුණේ ඉන්නේ. ඒකේ ප්‍රථිපල හැටියට තමයි අර දරුවා ඔය වැඩේ කරන්න ඇත්තේ.(නදී)

:       0       0

ලලිත් Monday, 11 February 2013 11:20 AM

ජනමාධ්‍ය නිසයි දැරිය නිදහස් උනේ. ඔතන වරද කාගෙද? කියලා වැඩක් නෑ අපේ අය ගැන..........(ස)

:       0       0

ඉසුරන්දි Monday, 11 February 2013 03:21 PM

පාසැල්වල මොහම දූෂනයක් වෙනවා කියලා ලෝකෙට හෙලි කලේ මාධ්‍ය හරහා මේ දැරිවිගේ කේස් එකෙන්නේ. එහෙවි එකේ මාධ්‍යට දොස් කියන්න එපා.(නදී)

:       0       0

ජයරත්න Monday, 11 February 2013 11:22 AM

ජනමාධ්‍යය මේ ගැන වාර්තා කළ නිසයි කාගේත් අවධානය මේකට යොමුවුණේ. (නි)

:       0       0

නිරාන් Monday, 11 February 2013 03:21 PM

ජනමාධයට බනින්න එපා. එසේ කල නිසයි මේවගේ දෙයක් වුනේ. (නදී)

:       0       0

අරුණ Tuesday, 12 February 2013 09:12 PM

ළමයින් ගෙන් මුදල් එකතු කල ඒ විදුහල වගේම අනිත් ඒවා ගැනත් ගවේශනය කරල ලිපියක් දාන්න මාධ්‍යයට හිතේවා.(නදී)

:       0       0

සිල්වා Monday, 11 February 2013 11:23 AM

ලොකු ලොකු මෝරු ඇස් මායිමේ කරනා හොරකම් කාටවත්ම පෙනෙන්නේ නැහැ. දැන් මේ අහිංසක දරුවාට වූ කැළල වහන්නේ කෙසේද? (නි)

:       0       0

කපිල Monday, 11 February 2013 11:24 AM

මෙම දරුවා ගැන රටට හෙළිකළාට මාධ්‍යයට ස්තූති කළ යුතුයි. (නි)

:       0       0

පෙරේරා Monday, 11 February 2013 03:22 PM

මේක මාධ්‍ය හෙලිනොකලා නමි නඩු තීන්දුව ලැබෙයි ළමයා වැරදිකාරියක් කරලා.(නදී)

:       0       0

ජනක Monday, 11 February 2013 11:28 AM

ජනමාධ්‍ය නැත්නම් මේ රටේ ප්‍රශ්න කවදාද විසදුනේ? (නි)

:       0       0

සම්පත් Monday, 11 February 2013 11:28 AM

මාධ්‍යය නැත්නම් කෙල්ල අද හිරේ. (නි)

:       0       0

ශාලිත Monday, 11 February 2013 11:28 AM

ඇයි ඉල්ලා අස්කරගත්තේ? දිගටම ගෙනියන්නනේ තිබුණේ. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 11 February 2013 11:29 AM

මෙම පුවතට මාධ්‍ය මගින් හොඳ ප්‍රචාරයක් දීම පිලිබඳ මාධ්‍යට මගේ ස්තුතිය.. මම මාධ්‍ය මගින් දැක්කා, පොල්ගෙඩි කීපයක් අහුලා ගත්තු දැරිය රු. 50.000ක ඇප මත නිදහස්වෙනකොට.. කාන්තාවක් දුෂණය කරපු ප්‍රාදේශීය සභිකයෙක් රු.10.000ක ඇපමත නිදහස්වෙලා තියනවා.. (ස)

:       0       0

අමිල Monday, 11 February 2013 11:29 AM

මේක මාර වැඩක්නේ. සිද්ධිය සුලු නම් ඇයි අවවාද කරලා නිදහස් නොකළේ? (නි)

:       0       0

වනිතා Monday, 11 February 2013 11:30 AM

ජනමාධ්‍ය මේ ගැන ප්‍රචාරය නොකරන්න මේ නඩුව මෙහෙම ඉල්ලා අස්කර නොගන්න තිබුණා. (නි)

:       0       0

කුෂාණි Monday, 11 February 2013 11:39 AM

මේක කරන්න තිබුණේ මුලින්නේ. (නි)

:       0       0

බන්දුල Monday, 11 February 2013 09:53 PM

මාධ්‍ය නිසානේ නඩුව උනත් අස් කරගත්තේ .එහෙම උනේ නැත්නම් අධිකරණය ළමයට දඬුවම නොකර ඉඳියි කියල කියන්න පුලුවන්ද ?(නදී)

:       0       0

කරුණාරත්න Monday, 11 February 2013 11:41 AM

ඒකනේ. සිසුවියට නිකන් අපරාදෙනේ උසාවි යන්න වුණේ. (නි)

:       0       0

ශාන්ත Monday, 11 February 2013 11:43 AM

ඔබට ස්තුති (දී)

:       0       0

චන්දන Monday, 11 February 2013 11:44 AM

මිනිස්සුන්ගේ අසරණ කම තේරුම් ගන්න (දී)

:       0       0

මරුවින් Monday, 11 February 2013 11:48 AM

මේ සුළු සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය අනවශ්‍ය ප්‍රචාරයක් දීලා තිබුනේ නැත්නම් මෙලහකට දැරිය අවුරුදු 10-15ක් හිරේ යවලා. මේ සිද්ධිය පුළුල් ලෙස ප්‍රචාරය කරලා අදාළ අංශවල අවධානය ලබාගෙන දැරියට යහපතක් කළ මාධ්‍යයට අපගේ ගෞරවනීය ප්‍රණාමය! (නි)

:       0       0

තිසේරා Monday, 11 February 2013 03:39 PM

අන්තිමේ අර පොඩි එකා තමයි අසරණ උනේ (දී)

:       0       0

පවන් Monday, 11 February 2013 11:52 AM

මේක සුළු සිද්ධියක් වෙන්නෙ රටේ වෙන දේවල් අනුව. ඒ දැරිවිගෙ ජීවිතේට මේක ලොකු ප්‍රශ්නයක්. වරදකාරිය වුණා නම් මොන විභාග පාස් වුණත් රජයේ රස්සාවකට යනවා බොරු. ජනමාධ්‍ය නිසා පොඩි හරි සාධාරණයක් වුණා. (නි)

:       0       0

ඊඑම් ලිවේරා Monday, 11 February 2013 03:43 PM

මේක අපි දැක්කේ ලංකාදීපයෙන්, අපේ ප්‍රණාමය, කරුණාකර චක්‍රලේඛ වලට පටහැනිව තීන්ත ගාන්න සල්ලි එකතු කරන්න කිව්ව විදුහල්පතිතුමාට මොකද කලේ කියලත් පුවතක් පල කරන්න අනෙක් ගරානා විදුහල්පතිවරුනටත් පේන්න එක්ක.(නදී)

:       0       0

චන්ද්‍රානි Monday, 11 February 2013 11:53 AM

ජනමාධ්‍ය මේ ගැන කීවේ නැත්නම්, මේ ළමයව හිරේ දානවා. මාධ්‍ය මේක කීවා නිසා තමයි ජනාධිපතිතුමා පවා දැන ගත්තේ, ඒ නිසයි කවුරුත් කලබල උනේ. (ස)

:       0       0

ජෙෆ්රි Monday, 11 February 2013 03:43 PM

අපිට පුළුවන් සෑම විටම මිනිස්සු දිහා මානුෂිකව බලමු (දී)

:       0       0

තිසල් Monday, 11 February 2013 11:54 AM

දරුවෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් කල පින් කමක් කියල හිතා ගන්න (දී)

:       0       0

කෙවින් Monday, 11 February 2013 03:47 PM

මේ ළමයා මෙහෙම හරි බේරුනේ මාධය නිසයි. (නදී)

:       0       0

ලලිත්-කටාර් Monday, 11 February 2013 11:55 AM

මාධ්‍යට දොස් කියන එක වැරදියි. අනෙක දැන් නිදොස් කරන්න බැරි හුගක් දේවල් වෙලා අවසානයි. (නි)

:       0       0

සෙනරත් Monday, 11 February 2013 11:57 AM

දැන් එහෙමනම් මාධ්‍යයටත් නඩු දාන්න වෙයි නේද? (නි)

:       0       0

නිශාන්ත Monday, 11 February 2013 03:49 PM

ජන මාධ්‍යට අපේ ස්තුතිය.(නදී)

:       0       0

ගාමිණී Monday, 11 February 2013 11:57 AM

මේකට මේචචර ප්‍රසිද්ධියක් ලැබුණේ මොකක් නිසාද? නඩු තීන්දුව කලින්ම දෙද්දී මෙහෙම දුන්නා නම් මෙහෙම ප්‍රසිද්ධියක් ලැබේවිද? (නි)

:       0       0

අචිනි Monday, 11 February 2013 03:50 PM

ලංකාදීපයේ පුචාරය නිසා තමයි පොඩි දරුවා බේරුනේ. ස්තුතියි ඔයාලට.(නදී)

:       0       0

චන්ද්‍රිකා Monday, 11 February 2013 11:58 AM

වතු හිමියා කළේ නුසුදුසු ක්‍රියාවක්. නීතිඥයින් දෙදෙනාට මගේ ස්තූතිය! (නි)

:       0       0

සම්පත් Monday, 11 February 2013 03:51 PM

ජනමාධ්‍ය නිසා තමයි වගකිවයුතු අයත් ඇස් ඇරලා බලන්නේ. (නි)

:       0       0

සම්පත් Monday, 11 February 2013 03:54 PM

ඕක වැරදි නම් මහ වැරදි කාරයින්ට මොකක්ද දෙන දඩුවම? (නදී)

:       0       0

සුරේන් Monday, 11 February 2013 11:58 AM

ඒවා හොද වැඩ (දී )

:       0       0

වරුණ Monday, 11 February 2013 12:02 PM

පොල් කේස් එන නිසා හුගක් දෙනාට එළොව පොල් පෙනුනා. (නි)

:       0       0

ෂපීක් Monday, 11 February 2013 04:06 PM

මාධ්‍ය වලින් ඒ ගැන කියූ නිසයි නඩුව ඉල්ලා අස් කර ගත්තේ.(නදී)

:       0       0

පාලිත Monday, 11 February 2013 04:06 PM

ලංකාදීපයට අපේ ආචාරය.(නදී)

:       0       0

සානු Monday, 11 February 2013 12:03 PM

ජනමාධ්‍ය නිසා තමයි මේ ළමයාට ජනාධිපතිතුමාගේ වුණත් අවධානය යොමු වුණේ. (නි)

:       0       0

අසන්ත Monday, 11 February 2013 12:03 PM

පවු අහිංසක ළමයා. සමාජයට මුහුණ දෙන්නෙ කොහොමද දැන්? (නි)

:       0       0

කුමාර් Monday, 11 February 2013 04:08 PM

මාධය වගකීමකින් ජවතාව දැනුවත් කළා. (නදී)

:       0       0

පෙරේරා Monday, 11 February 2013 04:08 PM

සියලු පාසල් පද්දතියම මේවාට වගකියන්න ඕනේ (දී)

:       0       0

දමිත් Monday, 11 February 2013 12:04 PM

දැරියගේ අධ්‍යාපනයට බලපෑමක් සිදු වුණේ මාධ්‍ය නිසාද? නැත්නම් පාසලේ මුදල් එකතු කිරීමෙන්ද? (නි)

:       0       0

සම්පත් Monday, 11 February 2013 04:09 PM

ඉස්සර මිනිස්සු ඔහොම දේකට බනිනවා. නැත්නම් ගෙදරට ඇවිත් කියනවා. අපේ රටේ මිනිස්සු දැන් වෙනස් වෙලා.(නදී)

:       0       0

හරීස් Monday, 11 February 2013 12:04 PM

සුළු සිද්ධියට ජනමාධ්‍ය මගින් අනවශ්‍ය ප්‍රචාරයක් දීමෙන් දැරියගේ අධ්‍යාපනයට ද බලපෑමක් කර ඇත්නම්, මේ සුළු සිද්ධිය උසාවියට ගෙනැල්ලා 50000 ක් ඇප තියලා අර නංගිගේ ආත්ම ගෞරවයට කළ හානිය හිතකරද? (නි)

:       0       0

සරත් Monday, 11 February 2013 04:10 PM

අපිට නම් මේක සුළු සිද්ධියක් නෙමෙයි.(නදී)

:       0       0

ඩයස් Monday, 11 February 2013 12:13 PM

මාධ්‍යට අනවශ්‍ය ප්‍රචාරයක් කීම පිළිගන්න අමාරුයි. මන්දයත් ඒ ප්‍රචාරය තුළ වෙනත් පාසල් වල සිදුවි තිබෙන දේවල් රටට හෙළිවී තිබෙනවා. පාසල් ගණනාවක මුදල් එකතු කිරීම් හෙළිවෙලා තිබෙනවා. පාසල්වල සිදුකරන අනවශ්‍ය මුදල් එකතු කිරීම් රජයත් දැනගත්තේ ඔය සිදුවීම හරහායි. මම නොදන්නා නිසයි අහන්නේ. අර කොස් ගෙඩිදෙකේ කේස් එකත් අස්කර ගත්තාද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

සහින්යා Monday, 11 February 2013 12:15 PM

එය ඉතාමත්ම හොද වැඩක් (දී)

:       0       0

චාමර Thursday, 14 February 2013 10:28 AM

මේ වදෙන් මිනිසුන්ගේ ඇස් ඇරුනා (දී)

:       0       0

දමිත් Thursday, 14 February 2013 10:29 AM

දරුවෙකු මේ හොරකම කලේ ඉගෙන ගන්න බව අමතක කරන්න එපා (දී)

:       0       0

දිසානායක Thursday, 14 February 2013 10:31 AM

රජය නිදහස් අධ්‍යාපනය දෙනවා.. නැත්තේ නෑ. නමුත් විදුහල්පතිවරුන් ළමුන්ගෙන් සල්ලි එකතු කරනවා. මේවා ජනාධිපතිතුමා දන්නේ නෑ. කවුරුත් එතුමට මේවා ගැන කියන්නේ නෑ. ඔපදූප කේලම් වගේ දේවල් නම් දුවලා ගිහින් කියාවි. (ස)

:       0       0

අසේල- කටාර් Monday, 11 February 2013 12:19 PM

මහේස්ත්‍රාත් තුමාටත් තිබුණා මේ ළමයාගේ වයස බලලා දඩුවම් කරන්න. අහින්සකයින්ව උඩ පැන පැන තලනවා. මේකද ආශ්චර්යේ? (ස)

:       0       0

පුෂ්පා Monday, 11 February 2013 12:21 PM

මම හිතන්නෙ දැනටමත් දැරිය නිග්‍රහයට පත් වෙලා අවසානයි. මාධ්‍යයන්ට ස්තුතිවන්ත විය යුතුයි මෙම සිදධියට ප්‍රචාරයක් දී දැරිය අනුකම්පාවට භාජනය විය යුතු බව මහජනයාට ඒත්තු ගැන්වීම ගැන.(ස)

:       0       0

නිමල් Thursday, 14 February 2013 08:34 PM

පාසල් වල මුදල් එකතු නොකර ක්‍රීඩා උත්සව, ත්‍යාග ප්‍රධානෝත්සව තියන්නේ කොහොමද? වෙසක් වැඩ සටහන්, පොසොන් වැඩසටහන් තියන්නේ කොහොමද? පාසල කියන්නේ මොකක්ද කියලා නොතේරෙන අය ටිකක් හොයලා බලන්න. (නි)

:       0       0

ඩොනල් Monday, 11 February 2013 12:26 PM

යහපත් චේතනා ! ගෙනදෙයි වාසනා ! අහිංසක දැරියට සුභ අනාගතයක්....! (ස)

:       0       0

ෂිරාස් Monday, 11 February 2013 12:28 PM

උසාවි යන්න කලින් ගොඩින් බේරන්න තිබුන ප්‍රශ්න ඕවා...(ස)

:       0       0

ජගත් Monday, 11 February 2013 12:29 PM

මේ නඩුවේදී ජනමාධ්‍ය කළ කාර්යය විශිෂ්ටයි. (නි)

:       0       0

අශෝක Monday, 11 February 2013 12:29 PM

ඕක සුළු සිදියක් කියල කියන අයම ලොකු දඩයක් නියම කළා ඒ දුප්පත් දරුවට! (ස)

:       0       0

තිලක් Thursday, 14 February 2013 03:02 PM

මේ සිද්ධියේදී ජනමාධ්‍ය ක්‍රියා කළ ආකාරය අගය කළ යුතුයි. අපි මේක දැනගත්තෙත් ලංකාදීප එසැණ පුවත් වලින්. (නි)

:       0       0

දමිත් Monday, 11 February 2013 04:39 PM

මාධ්‍ය මගින් මේක එලි නොකලානම් ඒ ලමයත් මෙලහට එල්ලිලා මැරිලා .ලංකාදීප ඇතුළු මෙමෙ සිද්දියට ප්‍රචරයදුන් සියලු මාධ්‍යට ජයවේවා !!!! (ස)

:       0       0

පදිමි Monday, 11 February 2013 12:33 PM

දියනියට වුනු අපකීර්තියට වන්දියක් ලබා දිය යුතුයි. (ස)

:       0       0

සුමිත් Monday, 11 February 2013 04:39 PM

වැරැද්දක් කළා නම් ඊට ගැලපෙන දඬුවම ලැබිය යුතුයි. එය විසඳිය යුත්තේ උසාවියකින්ද, පොලිසියකින්ද, ගුරුවරයකු විසින්ද, මවුපියන් විසින්ද කියන එක තීරණය කිරීමට සාමාන්‍ය දැනීම හොඳටම ප්‍රමාණවත්. මාධ්‍යයට මීට වඩා සංවේදිව කළ යුතු දෑ බොහෝය. (නි)

:       0       0

තිලක් Thursday, 14 February 2013 03:06 PM

ඔබලාට පින් (දී)

:       0       0

බණ්ඩා Thursday, 14 February 2013 03:05 PM

ලංකාදීපෙට අපේ උපහාර! ලංකාදීපේ නැත්නම් මේ ළමයට ලොකු කරදරයක් වෙන්නේ. (නි)

:       0       0

සනත් Monday, 11 February 2013 12:34 PM

ජනමාධ්‍යට දොස් කියන්නෙ ඇයි?හොරකම් කිරීම,හොරකම් කිරීමට සිදු කිරීම,මෙවැනි "සුළු"සිද්ධියකට නඩු දැමීම වගේ දෙවල් තමා වැරදි.මේ සිද්ධියෙ එකම වරදක්වත් නොකල ජනමාධ්‍යයට දොස් කීම වැරදියි. (ස)

:       0       0

අමර Monday, 11 February 2013 04:40 PM

කුඩු ගහන්න නෙවෙයිනේ හොරකම් කලේ, ඉස්කෝලෙට සල්ලි දෙන්නනේ, පව් අසරණ ළමයි (දී)

:       0       0

නිස්තාර් Monday, 11 February 2013 12:35 PM

ලංකාවේ මාධ්‍යය ඕනෑවට වැඩියෙන් වැඩ කරන වෙලාවලුත් තියෙනවා තමයි. (නි)

:       0       0

අමර Monday, 11 February 2013 04:40 PM

ඒවා යුතුකම් (දී)

:       0       0

දම්මි Thursday, 14 February 2013 03:07 PM

රටේම ඇස් ඇරුණ සිද්දියක් (දී)

:       0       0

අරවින්ද Wednesday, 13 February 2013 12:53 AM

පොලිසියේ මහත්වරුන්ට මනුතාපය පොත කියවන එක අනිවර්යය කරන්න. (නි)

:       0       0

උනම්බෝව Monday, 11 February 2013 12:40 PM

දරුවාට නිදහස ලැබීම නිමිත්තෙන් ජනමාධ්‍යට ම‍ගේ ප්‍රණාමය! අපි මේවා දැනගන්නේ කොහොමද ජනමාධ්‍ය නැත්නම්? (නි)

:       0       0

දම්මි Thursday, 14 February 2013 03:11 PM

ඉතා හොද ආදර්ශයක් (දී)

:       0       0

Kamal Monday, 11 February 2013 04:44 PM

දුව බේරුන එකට හරිම සතුටුයි. එක මතයක රැඳී සිටිමිනි ප්‍රතිචාර දැක්වු සැමට ස්තුතියි. ජය! (ස)

:       0       0

සුනේත්‍රා Tuesday, 12 February 2013 12:26 AM

දුව නිදහස් වුණ එකනම් සතුටුයි. මම නම් හිතන්නේ සොරකම කවුරු කළත් වැරදියි. ඒ දරුවාටත් පහදා දි අසරණකමට පිහිට වුණා නම් තමයි හොද. වතු හිමියා යහපත් කෙනෙකු වුණා නම් මෙය දුරදිග නොයනු ඇත. තවද දෙමාපියන්ද දරුවන් ගැන සැළකිලිමත් විය යුතුය. (නි)

:       0       0

සේකර Thursday, 14 February 2013 03:11 PM

ඒ ළමයාට කල උදවුවක් (දී)

:       0       0

සේනානායක Thursday, 14 February 2013 03:11 PM

ස්තුති ඔබට (දී)

:       0       0

මොහොමඩ් Monday, 11 February 2013 12:42 PM

ජනමාධ්‍යයට නොසැළී ඉදිරියටම යන්න මගේ සුභ පැතුම්! (නි)

:       0       0

දිසා Thursday, 14 February 2013 03:11 PM

උතුම් වැඩක් උතුම් තීරණයක් (දී)

:       0       0

මාධ්‍යවේදියෙක් Monday, 11 February 2013 12:45 PM

මාධ්‍යවේදීන් විදින දුක දන්නේ ඒ රාජකාරිය කරන අපි වගේම මිනිස්සු තමයි. මාධ්‍යවේදින් බත් බැලයින් කියලා මිනිස්සු බනිනවා, ඒත් හිතට එකගව වැඩ කරනවා. ඒත් අනෙක් අය?? (නි)

:       0       0

එරංග Monday, 11 February 2013 12:47 PM

ආයෙත් නම් පොල් ගෙඩි නැති වෙන එකක් නෑ. (ස)

:       0       0

ගජබා Monday, 11 February 2013 12:48 PM

අධිකරණයට තිබුණා බුද්ධිමත්ව පළවෙනි දවසෙම මේකට වනිවැරදි තීන්දුවක් දෙන්න. !!! (ස)

:       0       0

චමින්ද Monday, 11 February 2013 12:48 PM

මොනවා කිව්වත් ලංකාදීප ඇතුලු සියලුම මාධ්‍යන්ට ආචාර කරනවා. ගොඩක් උතුම් වටින වැඩක් කළේ. ඔය දොස් ගණන් ගන්න එපා. (ස)

:       0       0

ප්‍රභාත් Monday, 11 February 2013 12:49 PM

ජනමාධ්‍යට ස්තුතියි. මුලින් ම ඇයි හරි දේ තේරුනේ නැත්තේ?, මාධ්‍ය කියනකම්ම හිටියද ඒක මතක් වෙන්න (ස)

:       0       0

රූපා Monday, 11 February 2013 04:59 PM

ළමයෙකුගේ ඉගෙනීම වෙනුවෙන් (දී)

:       0       0

අනූප Monday, 11 February 2013 12:54 PM

මේ සිද්ධිය පුළුල් ලෙස ප්‍රචාරය කරලා අදාළ අංශවල අවධානය ලබාගෙන දැරියට යහපතක් කළ මාධ්‍යයට අපගේ ගෞරවනීය ප්‍රණාමය! අපි මෙය කිසිවිටෙකත් වරදක් ලෙස දකින්නවත් දැරියට අවමන් කරන්නෙවත් නැත. විදුහල සම්පූර්ණයෙන් තීන්ත ආලේප කරන්න අපි සූදානම් (ස)

:       0       0

විරේ Monday, 11 February 2013 05:10 PM

ඒ වැඩේ වටිනවා (දී)

:       0       0

චමින්ද Monday, 11 February 2013 01:21 PM

එතකොට ළමයාව වැරදිකාරිය කරලා හිරේ ඇරියා නම් පාසල් ගමන හරියනවද? කවුරු මොනවා කිවුවත් මම නම් ආඩම්බර වෙනවා අපේ මාධ්‍ය කරපු උත්තරීතර මෙහෙය ගැන. මේක රටට හෙලි නොකළා නම් අර අහිංසක කෙල්ල හිරේ යනවා. ජනපතිතුමා වුණත් දැනගත්තෙ මාධ්‍ය නිසානේ. කොහොම වුණත් මට නම් වෙලාවකට ලැජ්ජා හිතෙනවා අපේ රටේ නීතිය ගැන. පොල් හොරකමට 50000, ස්ත්‍රී දූෂණයට 10000. අවංකව හිතන්න. (නි)

:       0       0

නුවන් Monday, 11 February 2013 01:25 PM

වැරදි කරන්න හොඳයි. කියන්න,පෙන්වන්න තමයි හොඳ නැත්තෙ. (නි)

:       0       0

මොහාන් Monday, 11 February 2013 05:27 PM

අපි සමාජයට ආදර්ශයක් වෙන්න ඉන්න ඕනේ (දී)

:       0       0

බණ්ඩාර Monday, 11 February 2013 05:31 PM

පින් සිද්ද වෙනවා (දී)

:       0       0

සේරම් Friday, 15 February 2013 09:40 AM

සිද්දිය සුළු නම් ඇප නියම කළේ විහිළුවටද ? (ස)

:       0       0

පුෂ්පා Monday, 11 February 2013 05:32 PM

මහේස්ත්‍රාත්තුමා අහලා නැතුව ඇති පෑන කඩුවට වඩා බලවත් කියන කියමන. මාධ්‍ය වලින් වාර්ථා කරන සිදධි සුළුද නැද්ද කියන එක තීරණය කරන්නෙ මහජනයායි. (නි)

:       0       0

නිසාර්-කුවෙට් Monday, 11 February 2013 01:33 PM

පුශ්නයක් මතුවෙන්න ඕනේ ප්‍රශ්නයක් විසදන්න. මේ දැරිය නිසා පාසැල්වල තියෙන යම් නාඩගම්වලට තීරණයක් ලැබෙයි වගේ.(නදී)

:       0       0

ජයන්ත Monday, 11 February 2013 01:41 PM

අසරණ කම තවත් අසරණ කරන්න එපා. එය ඉවත් කර ගත්තාට ඔබට පින් (දී)

:       0       0

හසිත Monday, 11 February 2013 01:42 PM

ලංකාදීපෙන් කරපු හොඳ වැඩක් ! (ස)

:       0       0

පහන් Monday, 11 February 2013 01:46 PM

මේක තමයි ලංකාවේ ප්‍රෝෆයිල් එක ,එක සිද්දියක් ඉවරයි .තව දහසක් වෙන්න තියනවා ,අපි ඉන්නේ ගිනිකන්දක් උඩ .(මේ ළමයාට ඇතිවූ මානසික වේදනාවට හා කම්පනයනට ලැබෙන වන්දිය මොකද්ද ?) (ස)

:       0       0

වසන්ත Monday, 11 February 2013 01:46 PM

සියලු දෙනාටම ස්තුති (දී)

:       0       0

සුදත් Monday, 11 February 2013 01:47 PM

මේ සිද්ධියේදී ජනමාධ්‍ය ක්‍රියා කල ආකාරය අගය කල යුතුයි. අපි මේක දැනගත්තෙත් එසැණ පුවත් වලින්. (ස)

:       0       0

රසික Monday, 11 February 2013 05:47 PM

ඒ ළමයා කොහොමද නැවත සමාජයට මුහුණ දෙන්නේ (දී)

:       0       0

දමිත් Monday, 11 February 2013 01:50 PM

නිදොස් කොට නිදහස් කිරීම තමයි වැදගත්ම දේ (දී)

:       0       0

වාසනා Monday, 11 February 2013 05:49 PM

ඒ වැඩේ අගය කල යුතුයි (දී)

:       0       0

සිල්වා Monday, 11 February 2013 01:50 PM

ලොකු දෙයක්, පින් සිද්ද වේවා (දී)

:       0       0

නීලා Monday, 11 February 2013 01:51 PM

එතකොට වරද මාධ්‍යවලද? පුදුම කථානේ මේවා (ස)

:       0       0

රසික Monday, 11 February 2013 05:53 PM

නඩු දාන එක නොවෙයි කරන්න තිබ්බේ. ඒ ළමයට ඉස්කෝලේ ගෙනියන්න සල්ලි දෙන්න. එතකොට ඒ ළමයා නැවත සොරකම් කරන්නේ නැහැ (දී)

:       0       0

නසීර් Monday, 11 February 2013 01:52 PM

ඒ ළමයා ඒ හොරකම කලේ ඉස්කෝලෙට සල්ලි දෙන්න. පාසල් වල බල කිරීම තමයි මේකට හේතුව (දී)

:       0       0

ඇතීනා Monday, 11 February 2013 05:54 PM

සංඛ, මම හිතන්නේ ඔබත් ජනමාධ්‍ය හැදෑරුවා නම් මේ ගැන මීට වඩා හොඳින් තේරුම් ගන්න පුළුවන්. මාධ්‍යය නිවැරදිව වැඩ කළා. අපේ ප්‍රණාමය ලංකාදීපයට! දැන් මොකද ඔය නඩුව එයාල ඉල්ලා අස් කරගන්නේ? (නි)

:       0       0

රොහාන් Monday, 11 February 2013 01:55 PM

ඒ ළමයාගේ අධ්‍යාපනය වෙනුවෙන් උදවු කරන්න (දී)

:       0       0

සුනෙත් Monday, 11 February 2013 01:57 PM

රුපියල් 320/= ට රුපියල් 50000/= දඩ? (නදී)

:       0       0

රූමි Monday, 11 February 2013 02:05 PM

නඩුත් හාමුදුරැවන්ගේ පොලුත් හාමුදුරුවන්ගේ (ස)

:       0       0

සංක Monday, 11 February 2013 02:10 PM

මම නම් මේ සිද්දිය දකින්නේ වෙන විදියකට. මාධ්‍ය මොනවා හරි එකක් එල්ලගන්නවා. තමන්ගේ මාර්කටි එක හදාගන්න. ඉස්සැල්ලා අර අත කපපු දරුවා, ඊට කලින් රිසානාව අල්ලගත්තා. උසාවි යන එක අවශ්‍ය නැති වුනත් අනුන්ගේ යමක් කුමන හේතුවකට හරි අහන්නේ නැතිව ගන්නවා නම් ඒක වැරදියි. පොඩි කාලේ ඉදන් ළමයින්ට හරි වරද තේරුම් කරලා දෙන්න ඕනේ. ඒ වගේම අපේ නායකයොත් මේ වගේ සිද්ධීන්ට අවදානය යොමුකරලා ළමයි හොරකමිකරන්න පෙලඹෙන සමාජ ක්‍රමය වෙනස් කරන්න උත්සහ ගන්න ඕනේ.(නදී)

:       0       0

සුදු Monday, 11 February 2013 02:13 PM

සියලු දෙනාටම පින් (දී)

:       0       0

මිල්ටන් Tuesday, 12 February 2013 01:53 PM

මාධ්‍ය මගින් කළ ප්‍රචාරය නිසා අනෙක් ළමයින්ට හරි සෙතක් වෙනවා. (නි)

:       0       0

බන්දුල Monday, 11 February 2013 07:19 PM

මාධ්‍ය ම්‍ගින් ප්‍රචාරයක් දුන්න නිසා තමයි මේක මෙහෙම අවසන් වුණේ. (නි)

:       0       0

බන්දුල Monday, 11 February 2013 07:23 PM

පොල් ගෙඩි 8කට 50000ක්? බලමුකෝ මහ හොරකම් වටල දෙන ඇපත්... (නි)

:       0       0

අනුර - ලන්ඩන් Monday, 11 February 2013 02:17 PM

ලංකාදීපයට අපගේ ප්‍රනාමය. (නදී)

:       0       0

කින් බෙනට් Monday, 11 February 2013 07:34 PM

කන්ද කෙන්ද කළේ නඩුකාර මහත්තයාලම නේද ? ලංකාදිපෙට අපේ උපහාර! ලංකාදීපේ නැත්නම් මේ ළමයට ලොකු කරදරයක් වෙන්නේ. (නි)

:       0       0

ප්‍රියා Monday, 11 February 2013 07:47 PM

මාධ්‍ය යනු මහජන අධිකරණයයි. (නි)

:       0       0

සුජීව Monday, 11 February 2013 02:30 PM

වන්දි ගෙවිය යුත්තේ අන් කවරෙක් වත් නොව තීන්තවලට සල්ලි එකතු කළ අයයි....(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 100 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 280 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1046 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 202 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 322 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 942 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site