IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පිල් මාරු දේශපාලනය අවසන් කළ යුතුයි

(ආරියරත්න රණබාහු)

තමන්ට ලැබෙන වරදාන වලට මුදල් වලට ඇමැතිකම් වලට එහෙට මෙහෙට පනින දේශපාලනය මේ රටින් අවසන් කළ යුතුව ඇතැයි ජාතික ජනබල වේගයෙ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මල්වානේදී පැවසීය.

ජාතිවාදී විෂ වපුරා පෝෂණය කළ පොහොට්ටු පක්ෂය මේ වන විට තුනට කැඩී ඇති බව පැවසූ දිසානායක මහතා 2009දි යුද්ධය අවසන් වූ පසු  සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් ජීවත්වෙන රටක් එවකට බලයේ සිටි පොහොට්ටු පක්ෂය ගොඩ නැගුණු ඇතැයි ජනතාව අපේක්ෂාකළ බවද කීය.

ඒ වෙනුවට 2019 බලය ලබා ගැනීම සඳහා වඳ කොත්තු වඳඇඳුම්, ආදිය ගැන කියමින් මුස්ලිම් ජනතාව කෙරෙහි වෛරයක් සිංහල ජනතාව තුළ  ඇති කිරීමට පාලකයන් කටයුතු කළ බවද හෙතෙම පැවසීය.

දිසානායක මහතා මේ අදහස් පළ කළේ බියගම මල්වානේ  ඊයේ (08) පැවති මුස්ලිම් සහෝදරත්වයේ රැළිය අමතමිනි.



අදහස් (13)

පිල් මාරු දේශපාලනය අවසන් කළ යුතුයි

Sahan Friday, 09 August 2024 03:50 PM

එතකොට ඇමරිකාවෙන් හම්බවෙන්නේ වරධාන වරප්‍රසාද නෙමෙයිද ?

:       58       16

KumaraFriday, 09 August 2024 04:19 PM

ජෝ බයිඩන් අනුරට ඇමැතිකමක්වත් දෙන්න කතා කරලාද​? සහන්ට ඔල්මොරොන්දම්...!

:       28       17

අරවින්ද මොනරවිල Friday, 09 August 2024 03:51 PM

මුන් පනින්නේ රටට ජනතාවට ආදරය නිසා නොවෙයි උන්ගේ බඩ වඩා ගන්න. එනිසා අනිවාර්යයෙන්ම, ඔය ගෙඹි සංස්කෘතියට තිත තැබිය යුතුයි

:       5       63

SadharanaFriday, 09 August 2024 05:08 PM

කතා දෙකක් නැහැ. ඡන්ද දායකයින්ගේ අපේක්ෂා උල්ලංඝනය කරමින් පුද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා පිල්මාරු කිරීම නැවැත්වීමට වහාම නීති සම්පාදනය කළ යුතුයි.. යමෙකුට එහෙම අවශ්‍යතාවක් ඇත්නම් මන්ත්‍රී තනතුරෙන් ඉල්ලා අස්වෙලා යායුතුයි... ඒත් එහෙම වුණොත් ඡන්ද දායකයින්ට සිදුවන අගතියට වන්දියක් ගෙවා ඉවත්වීමට ප්‍රතිපාදන නීතියට ඇතුළත් කරන්න ඕනෑ මම හිතනවා මෙහෙම අදහස් ඉදිරිපත් කරන අනුරකුමාර එම අදහස ක්‍රියාත්මක කරාවි කියලා...!

:       1       13

Riswan Friday, 09 August 2024 04:16 PM

මුස්ලිම් කොංග්‍රසය මොන තීරණය ගත්තත් මුස්ලිම් ජනතාවගේ ඡන්දය මෙවර මාලිමාවට​...

:       14       49

මහසෙන් Friday, 09 August 2024 04:57 PM

එකඟයි. ඒ සියල්ල කරන්න පෙර පැහැදිලි ජනවරමක් ලබා ගන්නකෝ...! මොකද දැන් ඔයගොල්ලගේ බොහෝ අය හැසිරෙන්නේ අතිශයෝක්තියක් ඇතුව.... ඒ නිසා මේ තීරණාත්මක කාලේ ඒවා නවත්වා ගන්න. විශේෂයෙන් ෆයිල් තියන් අභියෝග කරනවා වගේ ඒවා. තියෙනවා නම් නම් එළියට දාන්න ජනතාවට දැන ගන්න. ඔයාලාගෙන් අපි ගැලරිය පිනවෙන කතා නොවේ බලාපොරොත්තු වෙන්නේ...

:       20       21

Toni Friday, 09 August 2024 05:13 PM

බයිලා තමයි ඉතින්...

:       14       8

රංබොඩ Friday, 09 August 2024 07:11 PM

මෙයාලා අතිශය වශයෙන් අතිශෝක්තිය භාවිතා කරන, නිරාගමික, නිර්ජාතික කොටසකි. මෙපමණ කලක් රට පාලනය නොකළ නිසා මේවර පාලන බලය ලැබීම හොඳයි කියා සිතමි. ඒ සිතුවිල්ල කුඩු ගහලා බලනවා වගේ භයානක එකක්දැයි වරක සිතේ. සුන්දර කතා කියන විදිහටම රට පාලනය කර පෙන්වීමට මෙයාලාට අවස්ථාවක් ලැබිය යුතුයි. ඒ ලැබෙන කාලය තුළ ඔවුන් හොඳින් රට නොකළේ නම් නැවත කිසිදිනක බලයක් නොලැබෙන සේ අතුගෑවිලාම යනු ඇත. අපි බලා සිටිමු.

:       2       1

Gamini Saturday, 10 August 2024 02:36 AM

යකෝ ජේආර් ගෙ කාලෙ ඔය නීතිය තිබුණා නම් චන්ද්‍රිකා එක අයින් කරලා

:       0       1

Bunny Preena Saturday, 10 August 2024 09:33 AM

ඔබ වැනි ප්‍රතිපත්තිගරුක නායකයකු බලයට පත්කර ගැනීමට අපි ඉතාමත්ම නොඉවසිල්ලෙන් බලාසිටිමු. සැප්තැම්බර් 22 වැනිදා අපගේ එම අහිංසක බලාපොරොත්තුව ඉටුවේවායි ප්‍රාර්ථනා කරමි.

:       1       2

Rata Perata Saturday, 10 August 2024 01:09 PM

ඉතාම කාලෝචිත අදහසක්...

:       0       1

GAMA VARESE Saturday, 10 August 2024 01:16 PM

මොවුන්ට කොහෙන්ද පිල්? සෙබඩියොනේ..

:       2       0

Amin Saturday, 10 August 2024 02:50 PM

මොවුන් කියන විදියට පාලක පක්ෂය මොන වැරැදි කළත් කටයි පස්සයි වහගෙන සිටිය යුතුද?

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 945 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5739 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3279 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 283 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1454 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1571 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28423 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site