තබ්බෝව අභය භූමියේ වටිනා ගස් කපා රැගෙන යමින් සිටි දෙදෙනෙකු පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බව වන අඩවි කාර්යාලය කියයි.
තේවනුවර ප්‍රදේශයේ අභය භුමියේ තම්මැන්නා, බුරුත, පලු වැනි ගස් කපා ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත පුත්තලම අනුරාධපුර මාර්ගයේදි වැටලීම සිදුකර තිබේ.
දර කෑලි 1625ක් සහ කුඩා ලොරිය ඉදිරි පරික්ෂණ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදුන් බව විශේෂ කාර්ය බලකායේ පුත්තලම සෙල්ලන්කන්දල් කදවුරේ ආරංචි පවසයි.
ජායාරූප - එච් චන්දන
ජායාරූප - රොවන් පෙරේරා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් මත පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී මරණයට පත් කර ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තංගල්ල මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද 59117 දිනා ගත්තේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පලු හොරෙන් කපා කොටුවේ
ගමගේ Monday, 26 October 2015 11:36 AM
මොවුන්ට දිය හැකි හොඳම දඬුවම නම් මොවුන්ට කියලා පැල 500 බැගින් සිටුවන එකයි (බ)
තරංග Tuesday, 27 October 2015 12:45 PM
සිත්පිත් නැත්තවුන් සේ මෙසේ පරිසරය විනාශ කරන්නේ කෙලෙසකද? (නි)
ඔෂාන් Tuesday, 27 October 2015 05:13 AM
අනේ මෙහෙමත් අපරාධ! (නි)
ඉසුරන්දි Monday, 26 October 2015 06:18 AM
මිනිස්සු ජිවත් වෙන්න කරන දේවල් පරිසරය ගහකොළ සතා සිව්පාවට හානියක් නොවෙන සේ විය යුතුයි. (බ)
ධර්ම ජයවික්‍රම Monday, 26 October 2015 06:30 AM
ජයට අයත් වනාන්තර වගා බිමක ගස් 1000ක් මෙම වන පාලුවන් ලවා රෝපණය කරවීමට කටයුතු යොදමුද? (බ)
ඉඳුනිල් Monday, 26 October 2015 07:28 AM
පරිසරය විනාශ කරන්නන් හට කිසිම සමාවක් නොදිය යුතුය (නි)
ටුෂාන් Monday, 26 October 2015 02:44 PM
මොවුන්ට උපරිම දඬුවම් දෙන්න (නි)
එරංග Monday, 26 October 2015 07:34 AM
අනේ මෙහෙමත් මිනිස්සු (නි)
සුදේශ් Monday, 26 October 2015 08:06 AM
අනේ හැබෑට, පරිසරය පාළු කරලා සල්ලි හොයලා මොකටද? (ර)
සංජය නවරත්න Monday, 26 October 2015 08:54 AM
දර කපලා වගේ මට නම් පෙන්නේ. (ර)
ශාන Monday, 26 October 2015 10:11 AM
මට පෙන විදිහට නම් මේ ලි වලට කපපු ඒවා නෙවෙයි. මේ දරට කපපු ගස් වගයක්. (ර)