(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම පිටිපන දහම් මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී මිතුරන් දෙදෙනෙකු අතර වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් , පුවක් ලීයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම , පිටිපන දකුණ පදිංචි , මාතරගේ දොන් සුමිත් චන්දන නමැති (40) හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයින් දෙදෙනා මිතුරන් දෙදෙනෙකු වන අතර දිනපතා එක් ව මත්පැන් පානයට පුරුදුව සිටි දෙදෙනකු බව පැවසේ .
ඒ අනුව මියගිය පුද්ගලයාගේ නිවස ඉදිරිපිට පසුගිය 13 දා උදෑසන අනෙත් පුද්ගලයා පැමිණ දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුවී ඇති අතර පසුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් පිටතින් පැමිණි පුද්ගලයා නිවසේ රැදී සිටි පුද්ගලයාට පුවක් ලීයකින් පහර දී පළා ගොස් තිබුණි .
පසුව පහර කෑමට ලක් වූ පුද්ගලයා පහරකෑම ඉවසාගෙන දින හතරක් සුපුරුදු පරිදි අධික ලෙස මත්පැන් පානය කරමින් කාලය ගතකර ඇතැයි පැවසේ.
මේ අතරතුරදී ඉකුත් 17දා උදෑසන පහර කෑමට ලක් වූ පුද්ගලයා එක් වරම නිවසේ දී ඇද වැටී සිහිසුන් වීම නිසා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කොට ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් තිබුණි .
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ සහෝදරිය හෝමාගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කිරීමේදී ඉකුත් 13 දා උදෑසන මියගිය පුද්ගලයාට ඔහුගේ මිතුරෙකු පැමිණ පුවක් ලීයකින් පහරදී පළායාමේ සිද්ධියක තොරතුරක් අනාවරණය වී තිබුණි .
පසුව සැකකටයුතු මරණයක් සේ සළකා සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් හා හෝමාගම මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් ආරම්භ කෙරිණි.
එහිදී සිද්ධිය වූ ස්ථානය හා මෘතදේහය පරීක්ෂා කළ හෝමාගම මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගොස් විශේෂඥ වෛද්‍යවරයෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලෙසයි.
ඒ අනුව මෘත දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට එහිදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඉලපත් ප්‍රදේශයට කළ පහර දීමකින් ,අස්ථි බිඳී යාමෙන් වූ අභ්‍යන්තර රුධිර වහනය මරණයට හේතුව බවයි.
ඒ අනුව මෙම මරණය පහරදීමෙන් සිදුකළ ඝාතනයක් බවට තොරතුරු අනාවරණය වීමත් සමග පහරදීම සිදුකළ හෝමාගම , පිටිපන පදිංචි (27) හැවිරිදි පුද්ගලයා නිවසක සැඟව සිටියදී ඉකුත් (17) දා සවස අත්අඩංගුවට ගෙන තිබේ .
පසුව පහරදීම සිදුකළ පුවක් ලීය සමඟ සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත හෝමාගම මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කාරියවසම් මහතා ඇතුළු නිලධාරීහු ඉදිරි විමර්ශන පවත්වති .
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුවක් ලීයකින් පහර කෑ මිතුරා දින 4 කට පසු මියයයි
suneth Monday, 18 July 2022 10:10 AM
අරගලකරුවන් රටේ තියෙන කසිප්පු ප්‍රශ්නේ ගැන මොකද කියන්නේ...?