ශ්‍රී ලංකාවේ ස්වභාෂා පුවත්පත් ප්‍රවෘත්ති වාර්තාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආචාර්ය උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව වීද්‍යාලයයේ උපාධි ප්‍රධානෝත්සවයේදී රංග කලංසුරිය මහතාට හිමි විය.
උපාධි ප්‍රධානෝත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ස්වභාෂා මාධ්‍ය ජනවාර්ගික වාර්තාකරණය මැයෙන් ඉදිරිපත් කළ නිබන්ධනයට ඔහුට මෙම ආචාර්ය උපාධිය හිමි විය.
මහාචාර්ය තිස්ස කාරියවසම් හා මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ ඔහුගේ නිබන්ධනයට ලක් වුයේ යුද සමයේ කාලවකවානු තුනකදී ස්වභාෂා මාධ්‍ය වාර්තා පිළිබදව සංසන්ධනාත්මක විග්‍රහයකි.
ලේක්හවුස් ආයතනයේ පුවත්පත් කලාවේදීයකු ලෙස 1990 දී පුවත්පත් කලාවට පිවිසි ඔහු ශ්‍රී ලංකා පුවත්පත් විද්‍යාලයයේ හා ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමෙහි අධ්‍යක්ෂ ජනරාල්වරයා විය .
දැනට ඔහු ඉන්ටර් නැෂනල් මීඩීයා සපෝට් මාධ්‍ය ආයතනයේ ආසියා කලාපයේ උපදේශකයකු හා පුහුණුකරුවකු ලෙසත් සේවය කරයි.
ඔහු අභාවප්‍රාප්ත සෝමාදේවී පරණයාපා පුවත්පත් කලාවේදීනියගේ හා අභාවප්‍රාප්ත සිවිල් සේවක සිරිවර්ධන කලංසුරිය මහතාගේ පුත්‍රයාය.
ආචාර්ය රංග කලසුරිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුළපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමියනට වැද නමස්කාර කරයි.
ඡායාරූප - නිසල් බදුගේ
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල
ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.
පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.
නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පුවත්පත් කලාවේ ප්‍රථම ආචාර්ය උපාධිය රංග කලංසුරියට
වෙන්. පසන්න Thursday, 11 July 2013 10:00 PM
ඔබට දිගාසිරි වේවා ! (නි)
සරත් අතාවුද Friday, 12 July 2013 11:16 AM
රංග කලන්සූරිය, ඔබට උණුසුම් සුබපැතුම්! (දී)
මහවැලි Thursday, 11 July 2013 10:56 PM
කලන්සුරිය මැතිතුමනි, ඔබතුමාට මාගේ උණුසුම් සුබ පැතුම් මේ සමග පිරිනමමි. (නි)
අජිත් කුරුවිට, ලන්ඩන් සරසවිය Friday, 12 July 2013 03:49 AM
ආචාර්ය රංග කලන්සුරිය මහතාට මගේ උණුසුම් සුබ පැතුම්! මීට වසර 20 පමණ ඉහත, එනම් 80-90 දශකය තුල කොළඹ ආනන්දය, මහරගම සිරි දර්මායතන දහම් පාසැල යන ආයතන තුල සුවහසක් සිසු දරුවන්ට නායකත්වය දෙමින් රට,ජාතිය, ආගම වෙනුවෙන් කළ සේවය අප හදවත් තුල සනිටුහන්ව පවතී. (නි)
ශාන්ත සේනාධීර Friday, 12 July 2013 01:29 PM
රංග, ඔබ ගැන දුර රටක හීටියත් මේ පුවත ඇහුවාම හරිම සතුටක් දැනුනා .මම ලේක්හවූස් ආයතනයයේ පුවත්පත් කලාවේදියෙකු ලෙස සේවය කරන අවධියේ ඔබේ මව තරුණී පුවත්පතේ උපකතුවරියක ලෙස සේවය කළා.ඇයගෙ අතේ එල්ලී ආ ඔබ ගැන මගේ යලිත් අලුත් වුනා.පිටරට වලට ගිහින් ගත්ත ආචාර්ය උපාධියකට වඩා ඔබේ උපාධිය දහස් වරක් අගය කලයුතු එකක් රංග. මා අවංක මුළු හදවතින්ම ඔබට සුබ පතනවා. (දී)
පෙරේරා Friday, 12 July 2013 05:07 AM
මාධය ආචාර්‍යවරුන්ව මර්දනය කරන්න දැනටමත් මැර ආචාර්‍ය ය කෙනෙක් ඉන්නවා බලාගෙන.(නදී)
ලුම්බිණි Friday, 12 July 2013 05:48 AM
සුබ පැතුම්! (නි)
රුචිර Thursday, 11 July 2013 06:25 PM
දයාබර රංග,ඔබට මා හදවතින්ම සුබ පතනවා. (නි)
සුදේශ් Thursday, 11 July 2013 06:51 PM
සුභ පැතුම්!ආනන්දයේ මිතුරෙක්ගෙන්. (නි)
අනුරාධ මහපටුන Friday, 12 July 2013 03:50 PM
සුභ පැතුම්! ගමේ මිතුරෙක්ගෙන්.(නදී)
ජුඩ් සමන්ත Thursday, 11 July 2013 08:20 PM
සහෘද මාධ්‍ය සගය,ඔබට හදවතින්ම සුභ පතමි. (නි)