ලෝකයේ විශාලම සහ ජනප්‍රියම ජංගම පොත් ප්‍රදර්ශනාගාරය ලෙස සැළකෙන ලෝගොස් හෝප් පොත් නෞකාව මෙම මස 22 වැනිදා කොළඹ වරායට ළඟාවීමට නියමිතය.
දර්ශනය,ආගම,සමාජීය විද්‍යාවන්,භාෂා,විද්‍යා,කලා හා සාහිත්‍ය ආදී ක්ෂේත්‍ර ගණනාවක පොතපත ලොගොස් හෝප් හි ඇත.
නෞකාවට ගොඩනගින්නෙකුට පොතපත මිලදී ගැනීමට,හා පරිශීලනය කිරීමට අවස්ථාව තිබේ.තමන් සන්තකයෙහි වටිනා පොතපත ඇත්නම් ඒවා ලෝගෝස් හෝප් ප්‍රදර්ශනාගාරයට පරිත්‍යාග කිරීමටද හැකිය.
නෞකාවේ කාර්යමණ්ඩලය රටවල් 40 ක පමණ සාමාජිකයින් පිරිසකගෙන් සැදුම් ලද්දක් වන අතර ඔවුහු සේවය කරන්නේ ස්වේච්ඡාවෙනි.
මෙම මස 22 වැනිදා සිට එළැඹෙන නොවැම්බර් මස 12 වැනිදා දක්වා ලොගොස් හෝප් කොළඹ වරායේ නැංගුරම් ලා තැබෙනු ඇත.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත
රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ
ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ 73%ක් අද (21) ජන්ද ප්‍රකාශ කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් තේරිම්බාර නිළධාරි පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
පාවෙන පොත් නැව ආයෙත් කොළඹට
අස්වැදුම Sunday, 11 October 2015 08:32 AM
පාවෙන පොත් කියන්නේ ඒවා වතුරේ පා වෙවී තියන හින්දාද? එහෙම නම් ඒවා කියවන්නත් පීන පීන ඉන්න සිද්ධ වේවි! (බ)
යාපා Saturday, 10 October 2015 03:37 AM
ෂා නියමයිනේ! (නි)
ධර්ම ජයවික්‍රම Friday, 09 October 2015 10:52 AM
විශ්ව දැනුම සමග පැමිණෙන පාවෙන පොත් නැව ගැන ඇසීමත් සතුටක්. (ර)
පිටිගල මිලානෝ Friday, 09 October 2015 11:04 AM
දකුණු ඉන්දියාවේ දුප්පත්ම පවුලක ඉපදී දැඩි අධිෂ්ටානයකින් ඉගෙනගෙන මෑතකදී ගූගල් සමාගමේ සභාපති වූ සුන්දරලිංගම් මහතාගෙන් ඉගෙන ගන්නා ළමයින්ට දියයුතු පණිවිඩය කුමක් දැයි ඇසූ විට ඔහු කීවේ කියවන්නත් බැරි තරමට පොත් ගෙන ඒවා එකිනෙක කියවන්න කියාය. ඔහු කොම්පියුටරය ගැන වචනයක්වත් සඳහන් කලේ නැත. (ර)
ඉනෝකා Friday, 09 October 2015 11:50 AM
කියවීමෙන් මිනිසා සම්පුර්ණ මිනිසෙක් වේ. (ර)
රුචී Friday, 09 October 2015 01:39 PM
ඇතුල්වීමට ගාස්තු කීයක් ගන්නවද දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්. (ර)
මාගලි ෆොන්සේකා Saturday, 10 October 2015 07:40 AM
ලංකාවේ පොත් ප්‍රදර්ශනය දා මම දැක්කා පෝලිම් ගණන් රෙස්ටුරෙන්ට් ළඟ ඉන්නවා කන්න බොන්න නම් පොත් බලන්න කවුරුත් නැ. හැම තැනම කාපු බීපු දේවල් බිම දාලා ගන්න දෙයක් නැ. (ර)
එම්. දයාන් ගුනසේන Friday, 09 October 2015 02:40 PM
පිටිගල මිලානෝ, ලෝකය තවමත් සුන්දරයි. (ර)
යොහාන් Saturday, 10 October 2015 02:47 PM
ෂා නියමයි. හරිම සතුටුයි (නි)
ක්‍රිෂාන්ත Saturday, 10 October 2015 02:54 PM
මෙය දුප්පත් පාසල් දරුවන්ටත් පැමිණීමට හැකිවන පරිදි අයකරන ගාස්තු අවම කරන ලෙස ඉල්ලා සිටිමි. (නි)