දකුණු ඇමරිකාවේ රාජ්‍යයක් වන පුවර්ටෝ රිකෝ’හි පැවැති ‘පුවර්ටෝ රිකෝ’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ (2011) පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක නිලූක කරුණාරත්න අද (7) සමත්විය. අන්තර්ජාතික බැඞ්මින්ටන් සම්මේලනයේ තරග කාලසටහනට වාර්ෂිකව ඇතුළත්වන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගත් පළමු අවස්ථාව මෙයවේ. පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගයේදී ඕස්ටි්රයාවේ ක්‍රීඩක මිචෙල් ලොන්ස්ටිනේ පරදවා නිලූක තරග වට 2-0 ක පහසු ජයක් ලැබීය. එහිදී ලකුණු තත්ත්වය 21-18, 21-15 ක් ලෙස සටහන්විය. නිලූක හමුවේ පරාජය ලැබු මිචෙල් ලෝක බැඞ්මින්ටන් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ 56 වැනි ස්ථානයේ සිටින ප්‍රබල ක්‍රීඩකයෙකි. මිචෙල් මෙම තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ ශ්‍රේණිගත කිරීමේද පළමු ස්ථානයේ සිටියේය. නිලූක අවසන් පුර්ව තරගයේදී ජැමෙයිකාවේ ගේ්රත් හෙන්රි (21/11, 21/14) ක් ලෙස පරදවා අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය. සත්කාරක පුවර්ටෝ රිකෝ, ඇමරිකාව, ඊශ්‍රයලය, ඕස්ටි්රයාව, ඉතාලිය, බ්‍රසීලය, මෙක්සිකෝව, ඉන්දියාව, ඉරානය, කැනඩාව, ඉන්දුනීසියාව, ග්‍රීසිය වැනි රටවල් රැුසකින් ක්‍රීඩක කී‍්‍රඩිකාවෝ මෙම තරගාවලියට සහභාගිවුහ. ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක පසුගියදා පැවැති 59 වැනි ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදී ත්‍රිත්ව ශූරතා දිනා ගැනීමට ද සමත්විය. මෙම තරගාවලියට චන්ද්‍රිකා ද සිල්වා සහ ලසිත මේනක ද සහභාගිවු අතර ඔවුන් කේවළ ඉසව්වේ දෙවැනි වටයේදී පරාජයට පත්වුහ. නිලූක මෙම තරගාවලියෙන් පසුව යුරෝපයේ පැවැත්වෙන තරගාවලි දෙකකට ද සහභාගිවීමට නියමිතය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘පුවර්ටෝ රිකෝ’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලිය නිලූක කරුණාරත්න රන් පදක්කම දිනයි