නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපති සමන්තා පවර් මහත්මිය හෙට(23) අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා හමුවීමට නියමිතය.
ලංකාවේ වත්මන් තත්ත්වය හා ප‍්‍රතිසන්ධාන කටයුතු පිළිබඳව සමන්තා පවර් මහත්මිය අග‍්‍රාමාත්‍යවරයා සමඟ කරුණු සාකච්ඡා කරනු ඇත.
පෙරේදා (21) සවස දිවයිනට පැමිණි ඇය එදිනම සවස විදේශ කටයුතු අමාතය මංගල සමරවීර මහතා හමුවී සාකච්ඡා පැවැත්වූවාය.
ඊයේ (22) උතුරු පළාතේ සංචාරයක නිරතවූ ඇය උතුරු පළාත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්.පලිහක්කාර , උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් යන මහත්වරුන් සහ සහ එම පළාත් සභා මන්ත‍්‍රීවරුන්,යාපනය දිස්ත‍්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් පිරිස් හමුවී සාකච්ඡා පැවැත්වූවාය.පස්වරුවේ ඇය යාපනය පුස්තකාලය නැරඹීමටද ,උදයන් පුවත්පත් කාර්යාලයට යෑමටද, යාපනය දිස්ත‍්‍රික් මාධ්‍යවේදීන් හා යුද්ධයෙන් මියගිය අයගේ භාර්යාවන් හා අතුරුදන් වූ වැසියන්ගේ පවුලේ ඥාතීහුද හමුවීමට කටයුතු කළාය.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පවර් - වික්‍රමසිංහ හමුව හෙට
රාමන් Monday, 23 November 2015 01:52 AM
මෙයාලා ඇත්තටම මේ එන්නේ අපිට ආදරේටද? (නි)
යොහාන් Monday, 23 November 2015 10:46 PM
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
ප්‍රසන්න Monday, 23 November 2015 06:42 AM
සුද්දෙක් දැක්කම මෙයාල නලියනවා. (බ)