(සුජිත් හේවාජුලිගේ )
පවුලක බලය රැක දීමට හෝ බලයට කෑදරවුන් පිනවීමට හදන ආණ්ඩුවක තනතුරු ලබා ගැනීමට වඩා ගෙදර යෑම සැප යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ජනාධිපතිවරයා කළ යුත්තේ සැබෑ ලෙසම රට ගොඩනැගිය හැකි ජනතාව පතන වෙනසකට අවස්ථාව සලසාදීම බවද හෙතෙම සඳහන් කළේය.
තමාට මුදල් ඇමැති වෙන්නැයි ඉල්ලීම් පැමිණියද එයට අවනත නොවූ බව පැවසූ මන්ත්‍රීවරයා ජනරැල්ල කිසිසේත්ම පාවා දිය නොහැකි බවද සඳහන් කළේය.
ජනතාව ඉල්ලන්නේ මෙවැනි දේශපාලන ගේමක් නොවේ යැයිද ඔහු කීවේය.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවසුවේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පවුලක බලය රකින ආණ්ඩුවක ඉන්නවාට වඩා ගෙදර යෑම සැපයි
Gamini Saturday, 14 May 2022 03:05 PM
මෙම දේශපාලන ගේම තේරුම් ගත් ඔබගැන ආඩම්බර වෙමි..
යෝගා Saturday, 14 May 2022 03:17 PM
තමන්ගේ බියගුලුබව වහගන්න වැල් බයිලා කියන තවත් කෙනෙක්... කට්ටියම එකතුවෙලා ව්‍යවස්ථාව වෙනස් කරලා ජනපතිව එළවන්න. ඊට ඉස්සෙල්ලා වගකීම් බාරගන්න. අපිත් හිතාගෙන හිටියේ දක්ෂයි කියලා...!
kamalSaturday, 14 May 2022 05:53 PM
දක්ෂයෙක් තමයි. හැබැයි කතාවට විතරයි.
Roshan Saturday, 14 May 2022 03:17 PM
මට නම් පේන්නේ ඇත්ත නොකියා වෙනවෙන හේතු කියනවා... අනිත් පැත්තේ ඉඳගෙන උඩ පැන පැන බයිලා ගැහුවට හැබහින් ඒක කරන්න බැරි නිසා වෙනවෙන හේතු කියනවා..
රටවැසි Saturday, 14 May 2022 03:25 PM
මේ අවස්ථාවේ හැටියට ඔබ මේ වැටිලා ඉන්නේ ඔබම ජීවත්වන රට ගැනයි හිතන්න ඕනි. ලාංකීය පුරවැසියෙක් හැටියට...! බලන්න ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් අවදානමට ලක්ව සිටින දරුවන් පෝෂණය කිරීමට සහ ගැටළුවලට මුහුණ දී සිටින ගොවියන්ට සහාය වීම සඳහා නවසීලන්ත ඩොලර් 500,000ක මුදලක් ප්රදානය කලේ නවසීලන්ත ජාතික ඇමැතිවරියක්..! ඒ වැටිච්ච රට ගැන දැනිලාම, හිතලාම නේද? ඒ මුදල එතුමියට වෙන රටකට දෙන්න තිබුණා නේද?... ඒකට ඔබ හර්ෂ?
චන්දන Saturday, 14 May 2022 03:39 PM
මේ අය පාකිස්තානයේ සිදුවීමට බයවෙලා. එහේ අගමැති එලවලා විපක්ෂ නායක අගමැති වුණා. නමුත් ජනතාවට සහන දෙන්න බැරුව එයාලත් අප්‍රසාදයට පත්වෙලා... මෙයාලාටත් ඒක වෙයි කියලා බයවෙලා. කොන්ද පණ ඇති දේශපාලකයින් නම් රට ගොඩ ගන්න ඉදිරිපත් වෙනවා මිස හැංගි මුත්තන් කෙලිමින් ඉන්නවා නම් ඊළඟ ඡන්දෙදී බලාගෙනයි...
C.K.Lankaputhra Saturday, 14 May 2022 03:42 PM
ඔබතුමා හරි. රටට අවශ්‍ය මේ ජරාජීර්ණ පවතින දේශපාලන ක්රමයම නොවෙයි. මේ ක්‍රමයෙන් රටට අද අත්වී ඇති ඉරණම තවමත් සමහරක් දේශපාලන වහල්ලුන්ට තේරෙන්නේ නැහැ... රටට අවශ්‍ය නව දේශපාලන සංස්කෘතියක්... නමුත් ඒ බලාපොරොත්තුව අපි ළඟට ඇවිත් නැවත දුරස්වෙමින් පවතින බවයි මට තේරෙන්නේ...!
Sunil Saturday, 14 May 2022 03:42 PM
ඔයා පක්ෂයේ බලය රැකගෙන ඉන්නකෝ, අපි ඔයාව සදහටම ගෙදර සැපසේ තියන්නම්, ඊළඟ ඡන්දෙන්...
ලොක්කා Saturday, 14 May 2022 04:03 PM
කයිවාරුව තිබුණාට වැඩ බෑ.. ඒකයි ඇත්ත කතාව...
කිරි පුතා Saturday, 14 May 2022 04:21 PM
සත්‍ය නම් ඔය ගයන වාද බයිලා, බලය ලැබුණු පසු කළ නොහැකි වග දන්න එකයි. හැම වෙලාවේම කරන්නේ පච පච ගාන එක විතරයි. ගෙදරම යන එක තමයි වඩා හොඳ...!
Lalla Saturday, 14 May 2022 04:25 PM
සජිත් බයවෙන්න හේතු තියනවා. කිසිම විෂයයක් ප්‍රගුණ කළ අයෙක් නොවන නිසා. ඒත් හර්ෂ ප්‍රකට ආර්ථික විශේෂඥයෙක්. ඔබ සහ චම්පික රටට මේ වෙලාවේ සේවය කළයුතුයි.
පුරවැසියා... Saturday, 14 May 2022 04:30 PM
මේ මොහොතේ රට ගැන සිතා ඔබ වැනි අයෙක් මුදල් අමාත්‍ය ධූරය බාර ගත්තේ නම් ඉතා විශිෂ්ඨයි. පවතින තත්ත්වයෙන් මිදී මැතිවරණයකින් ජයග්‍රහණය කළ හැකිය. මේ අවස්ථාවේ රට ගැන සිතා කටයුතු කරමු. රාජපක්ෂලා ගැන පසුව කතා කරමු. හර්ෂ මහත්තයා, සිතා බලන්න.
චමින්ද Saturday, 14 May 2022 07:17 PM
පුරවැසියා හරි.. ඇත්තටම වඩාත් වටින්නේ පක්ෂයද? නැත්නම් රටද? සිතන්න මේ වෙලාවේ මුදල් ඇමැතිවරයා වෙලා රට ගොඩ ගත්තොත් ඔබතුමා සැබෑම වීරයෙක් කියලා ලක් වැසියන් පිළිගනීවි. රටේ නායකත්වය සඳහා ඔබතුමා, පාඨලී මැතිතුමා, ෆොන්සේකා මැතිතුමා රටේ නායකත්වය සඳහා සුදුසු අය ලෙසට ජනතාව සිතනවා. නමුත් ඔහොම හැකියාව තිබියදී මගහැරීම වාසනාවකට පයින් ගැසීමක් යැයි කියන්න පුළුවන්...!
dias Saturday, 14 May 2022 04:53 PM
මේ මනුස්සයා හැම දේම විවේචනය කරත්, සැබෑ වගකීමක් ගැනීමට බිය කෙනෙක්.
BamunuarachchiSunday, 15 May 2022 08:00 AM
ඔව් ඔව් බෝලස්ලාගේ වැරදි පෙන්වන හැම අම්පයර්ටම බෝල් කිරීමට බැරිය.
Mama Saturday, 14 May 2022 05:36 PM
මේ උන්මන්තකයින් යනතෙක් කිසිවකුට රට ඉදිරියට ගෙනයන්න බෑ. ඔබ ගත් තීරණය 100% නිවැරදියි.
Sas Saturday, 14 May 2022 06:24 PM
හර්ෂ මැතිතුමා හරි. ප්‍රශ්න වලට මුල වර්තමාන ජනාධිපතියි. රනිල් මහතා අගමැති කම ගත්තේ රටට ඇති ආදරේ නිසා නොව බිඳ වැටී ඇති තම පක්ෂය ගොඩනැගීමටයි.
ගමේ එකාලා Saturday, 14 May 2022 06:31 PM
බලාගෙන ගියාම එතුමාගේ කතාවේත් ඇත්තක් තියෙනවා. දූෂිත පවුල් පාලනේ ගෝඨාභය ඉන්නකම් වැඩක් වෙයිද? ගෝඨා ගෝ හෝම් ලංකාවේ විතරක් නෙවෙයි පිටරට ජීවත්වෙන සියලුම ලාංකිකයින් එකහෙළාම කියන්නේ නිකම්ද?
Rata Perata Saturday, 14 May 2022 07:32 PM
හැමදේටම ස්වාධීන මතයක් තියෙනවා. ඔබේ මතයට ගරුකරනවා. ගෝඨා ගෙදර යන්න කියලා පටන් ගත්තේ ඔක්කොම... තවම ඒක වෙලා නැහැනේ. ඉතින් කවුරු ආවත් වැඩක් වෙන්නේ නැහැ.
Prasanna Saturday, 14 May 2022 08:00 PM
පවුලක බලය රකින එක ගැන ජනතාව ලබන මැතිවරණයේදී උත්තර දෙයි, ඔබතුමා ජනතාව පරිස්සම් කරගන්න උදව් වෙන්න.. පක්ෂය පැත්තකට දාලා. නැත්නම් කොහොමත් ගෙදර තමයි ඉන්න වෙන්නේ...!
de silva Saturday, 14 May 2022 09:11 PM
ඒක ඔබතුමාගේ පුද්ගලික මතය... මම එයට ගරු කරනවා. ඔය හොරු සමග ආණ්ඩු හදලා ඉස්සරහට යන්න බැහැ. ගෝඨාභය ගෙදර යනකම් උද්ඝෝෂණ, වැඩවර්ජන නතර වෙන්නේ නැහැ. ඔබතුමා ඔය රාජපක්ෂ, වික්‍රමසිංහ පැළැන්තියට මුක්කු ගහන්න යන්න අවශ්‍යතාවයක් නැහැ.. 2015 දී හොරුන්ට නිසි දඬුවම් දුන්නා නම්, සිරිසේන හරියට ආරක්ෂක ඇමැතිකම කළා නම් පාස්කු ප්‍රහාරය වළක්වාගන්න පුළුවන්කමක් තිබුණා. ඔබතුමා ඔය කැඳහැලි වලට කලවම් වෙන්න අවශ්‍ය නැහැ. ඔබට ඡන්දෙ දුන්නේ පොහොට්ටුකාරයෝ නෙවෙයිනේ... ඔබට ඡන්ද දුන්නු බහුතරයක් සහ රටේ ජනතාවගෙන් බහුතරයක් ඉන්නේ ඔබතුමාගේ මතයේ....
Bandara Saturday, 14 May 2022 11:30 PM
හර්ශ, තේරෙන්නේ නැද්ද ස.ජ.බේ ලොක්කට පිස්සු කියල. ශ්‍රී ලනිපය හා ස්වාධීන කණ්ඩායම එකතු වෙලා බන්දේසියක තියල දෙන්න ගිය අගමැතිකමට පයින් ගැහුව. දැන් ප්‍රමාදයි.
සමන්ත Sunday, 15 May 2022 12:08 AM
හර්ෂ මේ බොරුවට වීරයා වෙන්න හදන්න එපා. මහින්ද ගාව ඔහේ දෙකට තුනට නැමෙන කොටත් අපි හිටියේ රාජපක්ෂලා එලවන ස්ථාවරයේ. ඒ නිසා තමයි අපි අරගලය පටන් ගත්තේ. අද වෙනකොට එක වෙන උන් පැහැරගත්තට අපිට රට වැටෙනවා බලාගෙන ඉන්න බැහැ. රනිල් ඇවිත් රට ගොඩ ගත්තට පස්සේ මහා මැතිවරණයකට ගිහින් ඔක්කොම එලවමු. රනිට අපි කැමති උනත් අකමැති වුනත් ඉස්සෙල්ල මැරෙන්න යන ලෙඩාට බෙහෙත් දීලා ඉන්න ඕනේ. අනික සජිත් කියන්නේ රාජපක්ෂලාගේ හොඳම වහලෙක්. රනිල් ඒ තරම් නැති බව අපි දන්නවනේ. අපිත් රාජපක්ෂ ලාටයි , පොහොට්ටු කාරයින් ටයි කැමති නෑ තමයි. ඒ කියලා බඩගින්නේ මැරෙන්න බැනේ. වැඩ බැරි මිනිහෙකුට වැඩක් ඇති මිනිහෙකුගෙන් වැඩ අරන් උන් ඔක්කොම එලවමු. ඇත්ත කතාන්දරේ ඔහෙලාට උදව් කරන්නත් කවුරුත් නැනේ. කිසිම රටක් උදව් කරයි කියලා මම හිතන් නෑ.
Demuni Uduwara Sunday, 15 May 2022 04:31 AM
හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන්න!
mujahid Sunday, 15 May 2022 07:45 AM
මෙයා කලින් ආණ්ඩුවේ හොරු ටික ඔක්කොම රැක්කා.
jj Monday, 16 May 2022 05:00 AM
ආචාර්ය හර්ෂ ඉහල සිට පහලට කමෙන්ට් කියවන්න, ඔබට වැටහෙන්නේ ඔබේ ආශාවේ තරම. පළමුව රට ස්ථාවර කරන්න, පක්ෂ දේශපාලනය පැත්තකින් තබා මිනිසුන්ගේ ජීවිතයට අත්‍යවශ්‍ය දේවල් ලොකු කතා නොකියා.
Bamunuarachchi Monday, 16 May 2022 10:06 AM
හලෝ හර්ෂ ගොබ්බ කතා කියන්න එපා. රාජපක්ෂ පවුලේ අයව රාජපක්ෂ කෙනෙක් උස්සගෙන ඇවිත් පාරලිමෙන්තුවේ වාඩි කෙරෙව්වේ නැහැ ඔවුන් පාර්ලිමෙතුවට ආවේ ජනතාවගේ කැමෙත්තෙන්. රාජිතගේ පුතා කියනවා එයා පෙළපාලි ගියේ අවුරුදු 5 කාලේ කියලා.