IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පවුල් ලක්ෂ හතක් ණයට කයි

(සුජිත් හේවාජුලිගේ )

රටේ ණයගැති භාවයෙන් පෙළෙන පවුල් තිස්එක් ලක්ෂ විසි නව දහස් තුන්සීයයෙන් පවුල් හය ලක්ෂ අනූහත් දහස් අටසීයක් ණය වී සිටින්නේ දිනපතා ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අලුත්ම සමීක්ෂණ වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පැවසීය.

ආහාර සඳහා ණය ගෙන ඇති පවුල් සංඛ්‍යාව මුළු ණය ගැති පවුල්වලින් සියයට 22.3ක ප්‍රතිශතයක් බවද ඔහු පෙන්වා දුන්නේය.

දෛනික ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ණයවී සිටින 69,7800 ක පවුල්වලට පුද්ගලයන් දෙලක්ෂ පනස් අටදහස් දෙසීයක් ඇතුළත් වන බවද මහාචාර්යවරයා පැවසීය.

මේ අතර තවත් පවුල් තුන් ලක්ෂ හැත්තෑ දහස් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් ණය ආපසු ගෙවීම සඳහා ණය ලබාගෙන ඇතැයි පැවසූ වසන්ත අතු කෝරළ මහතා ආර්ථික ක්‍රියාකාරකම් සඳහා පවුල් 491000 ක් ණය ලබාගෙන ඇතැයිද ප්‍රකාශ කළේය.

මීට අමතරව ගොඩනැගිලි ඉදිකිරීම සහ අලුත් වැඩියා කිරීම සඳහා පවුල් 53200 ක් ණය ලබාගෙන ඇතැයිද ඔහු කීවේය.

ආර්ථික අර්බුදය ආරම්භ වීමෙන් පසු ( 2022 න් පසු) පවුල් 688000 ක් ණයගැති භාවයට පත්ව ඇතැයි පැවසූ වසන්ත අතුකෝරළ මහතා වැඩිම පිරිසක් ණය ගෙන ඇත්තේ උකස් ක්‍රියාවලියෙන් බවද ප්‍රකාශ කළේය.

උකස් ක්‍රියාවලියෙන් ණය ලබාගෙන ඇති පවුල් සංඛ්‍යාව 970000 ක් බවද ඔහු කීය.

මෙයට අමතරව බැංකුවලින් පවුල් 97000ක්ද මූල්‍ය ආයතනවලින් පවුල් 272250ක්ද මුදල් තැ‍රැව්කරුවන්ගෙන් පවුල් 303500ක්ද ණය ලබාගෙන ඇති බව හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (13)

පවුල් ලක්ෂ හතක් ණයට කයි

සුපුන් චාමර Saturday, 06 January 2024 11:04 AM

ඉවසලා ඉන්න අප්පා. තව පොඩි කාලයයිනෙ. 2048 වෙද්දි මේක සුරපුරයක්. තව 24යි.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 06 January 2024 11:10 AM

රට කෑ හා කන දේශපාලන අංශ වලට ජනතාව විඳින අනේක දුක් පීඩා දැනේවා .. පෙනේවා ..

:       0       0

Lalla Saturday, 06 January 2024 11:19 AM

1956 පටන්ගත්ත ණයට කෑම තමා රට බංකොළොත් කලේ. සමාජවාදී වාමාංශික කියන ලේබලය ගසාගෙන සිටින පොදුජන යුගය කියන කිසිම කෙනෙකුට සහ සහනාධාර දෙනව කියල කියන කිසිම කෙනෙකුට ඡන්ද දෙන්න එපා.... හිඟන මානසිකත්වය නිසා නිකම්ම පිනට කන්න පටන්ගත්ත නිසා තමා අපට මේ විනාශය වූයේ

:       0       0

Ajantha Chandrasiri Chandrasiri Saturday, 06 January 2024 11:35 AM

ඉන්න හිතෙන රට .කාලකන්නි පාලකයෝ .අපිව නොකර කරනවා මුන්

:       0       0

සෞභාග්‍යයමත් චින්තක Saturday, 06 January 2024 01:18 PM

අපි වුනත් ණයට වගේ තමයි කන්නෙ ලැබෙන මුදලින් බතකුයි පරිප්පු හොද්දකුයි නැත්නම් කිරල දෙන සෝයා මීටි හොද්දකුයි තමයි මාරුවෙන් මාරුවට කන්නෙ පොල් සම්බලයක් හදාගන්න පුළුවන් කමක් නැහැ පොල් මිල නිසා අපිට වුනත් පෝෂ්‍යදායක ආහාරයක් ගන්න නම් ඉතින් ණයට ගත්තෙ නැත්නම් බැහැ තමයි

:       0       0

රුවනි Saturday, 06 January 2024 01:22 PM

මෙහෙම ජනතාවට තමයි බදු ගහන්නේ... බදු ගෙවන මිනිසුන් හදන්න කර්මාන්ත නගරවල හදුවේ නැහැනේ. අපනයන සහන දුන්නේ නැහැ. ජනමාධ්‍ය අල්ලාගෙන රටම කයිවාරුවෙන් ඇන්දුවා! මේක තමයි ලන්කාවේ දෙශපාලනය. නිවාස හදාගන්නත් අමාරුයි. අමුද්‍රව්‍යවලට ගහන බදු නිසා...

:       0       0

චන්දිම ෆොන්සේකා Saturday, 06 January 2024 02:24 PM

මම දන්නා විදියට නම් අපේ දැන් ඉන්න නායකයින්ට මේවා එච්චර ප්‍රශ්න නෙමෙයි. ඒ ගොල්ලන්ට කෑම බීම රට සවාරි සියලු සැප පිනටම ලැබෙනවා. මම දැක්ක tv නිවුස්වල දියවන්නාවේ කට්ටිය අර වැය අය දිනලා එතැනම දීපු බුෆේ එකට ගිහින් කොනක ඉඳන් සුප් බෙදාගෙන, කෑම බෙදාගෙන හොඳට නැප්කින් එලාගෙන සතුටු සාමීචියේ යෙදෙමින් අනුභවය කරලා ඩිසටුත් කාලා සුපිරි සැප වාහන රාජ්‍යයන්ට ගොඩවෙලා ගියා. මෙහෙම කන්න නැති මිනිස්සු මේ රටේ තියා ලෝකෙවත් ඉන්නවාද කියලා ඔවුන්ට හිතෙන්නේ මැතිවරණ කාලේ විතරයි. අපේ මිනිස්සු කතිරේ ගහලා කන්න නැතුව නහිනවා. ඔක්කෝටම කලින් මේ රටේ මිනිස්සුන්ගේ මොලේ පෑදෙන්න ඕනෑ. නැත්නම් හැමදාම බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ.

:       0       0

සල්ලි Saturday, 06 January 2024 02:42 PM

ආ ඒකට කමක් නෑ, ජනප්‍රිය නොවන තීන්දු අරන් හොරු පරිස්සම් කරනවානේ අපිට ඒ ඇති .

:       0       0

චන්දන Saturday, 06 January 2024 06:14 PM

ණයට කාලා හරි නොකා නොබී ඉඳලා හරි බැංකු ගිණුම තරවෙනවා නම් ඒ ඇති කියලා මේ අය හිතන්නේ... යහපාලන කාලේ කලේත් ඒ ටික.. ඡන්දෙ තිබ්බාම ප්‍රතිඵල පෙනේවි...!

:       0       0

anuranga Saturday, 06 January 2024 09:04 PM

රටත් කාලා, අපිවත් කාපු, අර කාලකන්නි කපුටාට හෙන හතම වැදියන්...

:       0       1

අප්පුහාමි Sunday, 07 January 2024 01:46 AM

රට දියුණුවෙන් දියුණුවට... රනිල් මහින්ද මැතිතුමනි අප ඔබලාට ණය ගැතියි...

:       1       2

අරවින්ද මොනරවිල Sunday, 07 January 2024 07:54 AM

අරක්කු කොම්පැනිවල හිඟබදු මුදල් අයකර ගත්තා නම් මේ පවුල් සියල්ලේම වුනත් ණය ගෙවන්න තිබුණා. එහෙම නොකර අරක්කු විකුණන පවුල් කිහිපයක් විතර රකිනවා මේ හොර පාලකයෝ...!

:       0       8

NAMAL Sunday, 07 January 2024 10:19 AM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්... දෙවියන්ගේ ශාපය අත්වේවා...! රාජපක්ෂ පවුලට කඩේ යන වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා...!! දැන් රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් බලු මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 262 0

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


අද සවස එකෙන් පසු තද වැසි
2025 අප්‍රේල් මස 22 226 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 2813 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 801 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 252 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 633 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 518 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 294 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site