IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


පවුල් ලක්ෂ හයක් අඳුරට යන හැඩ

(සුජිත් හේවාජුලිගේ )

අධික ගාස්තු ගෙවාගත නොහැකි  විදුලි පාරිභෝගිකයන්  ලක්ෂ හයකට වැඩි පිරිසකගේ විදුලිය සැපයුම්  ඉදිරියේදී  විසන්ධියට  ලක්වීමේ  බරපතළ අවදානමක් පවතින විදුලිබල මණ්ඩල  ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම අවදානමට වැඩි වශයෙන් ලක්වන්නේ අඩු ආදායම්ලාභි පවුල් බවද ඒ ආරංචි මාර්ග සඳහන් කළේය.

අධික විදුලිය සහ ජල ගාස්තු  බිල්පත් පියවීම ආර්ථික අර්බුදය ආරම්භ වීමත් සමග සියයට 40 කින් පමණ අඩුවී පැවතුණ  බවත්  විදුලිය බිල සැලකිය යුතු  ප්‍රමාණයකින් වැඩිවීම සහ   ජල බිල ඉදිරියේදී වැඩිවීම සැලකිල්ලට ගෙන  එම බිල් ගෙවීම ඉදිරියේදී තවදුරටත් අඩුවිය හැකි බවත් විදුලිබල හා ජල සම්පාදන හා ජලාපවාහන  මණ්ඩලවල නිලධාරීහු පෙන්වා දෙති.

මේ අතර පාර්ලිමේන්තුවේදී පසුගිය 22 වැනිදා  අදහස් දැක්වූ  බදුල්ල දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී  වඩිවෙල් සුරේෂ් මහතා පැවසුවේ අධික විදුලි ගාස්තු හේතුවෙන් වතුකරයේ බොහෝ පැල්පත් නිවාස ළඟදීම අඳුරට  යනු ඇති බවයි.

වතුකරයේ අඩු ආදායම්ලාභී ජනතාවට ලොකු විදුලි බිල්  ගෙවීමට කිසිසේත්ම හැකියාවක් නැතැයි පැවසූ මන්ත්‍රීවරයා වතුකරයේ  ජනතාව වෙනුවෙන් විදුලි බිලට සහනයක් ලබා දෙන්නැයි ඉල්ලීමක් කළේය.

මේ අතර අධික විදුලි බිල්පත් හේතුවෙන් පාරිභෝගිකයන් සිය විදුලි උපකරණ පාවිච්චිය දැනටමත් විශාල වශයෙන් අඩු කර ඇති අතර එය ඉදිරියේදී තවත් වැඩිවිය හැකි බව එම නිලධාරීහු සඳහන්  කරති.

බොහෝ ජනතාව විදුලිය විශාල වශයෙන් වැය වන ගෘහස්ථ ශීතකරණ , විද්‍යුත් කේතල සහ  සිවිලිම්  විදුලි පංකා දැනටමත් භාවිතයෙන් ඉවත් කර ඇති බව දැනගන්නට ඇත.

මේ අතර අධික විදුලිය සහ ජල ගාස්තු හේතුවෙන් විදුලිය සහ ජලය වංචනිකව ලබා ගැනීමේ සිද්ධීන්ද වැඩිවී ඇති අතර එය ඉදිරියේදී තවදුරටත් වැඩිවිය හැකි බව ආරංචි මාර්ග සඳහන් කළේය.

විදුලිය සහ ජලය නීති විරෝධීව ලබා ගන්නා පුද්ගලයන්ට එරෙහිව  ඉදිරියේදී  නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට එම මණ්ඩල ප්‍රධානීහු  බලාපොරොත්තු  වෙති.

අධික විදුලි සහ ජල ගාස්තු  හේතුවෙන් තමන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් වැය කිරීමට ඇති මුදල්ද  එම බිල්පත් ගෙවීමට  වැයකිරීමට සිදුවී ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ  හැටක් පමණ වේ. සමස්ත ජල සබඳතා සංඛ්‍යාව ලක්ෂ 24 කි.



අදහස් (8)

පවුල් ලක්ෂ හයක් අඳුරට යන හැඩ

ජගත් ලියනගේ Saturday, 25 February 2023 01:51 PM

ලක්ෂ 69 අඳුරටම ඇදලා දාපු එකේ පවුල් ලක්ෂ හයක් මොකක්ද?

:       18       33

Kumara Saturday, 25 February 2023 02:32 PM

තවත් මොවුන්ගේ පස්සෙන් යන වහල්ලු...

:       24       24

saminda Saturday, 25 February 2023 02:44 PM

එයා කඳුකරයේ ජනතාව ගැන දුක්වෙනවා, වෙන වෙනම නොවී පොදුවේ මිනිස්සුන්ගේ අමාරුකම ගැන කතාකරන්න කවුරුවත් නැහැනේ..

:       2       55

soma dubayi Saturday, 25 February 2023 05:21 PM

ගෙවන්න බැරි නම් නිකන් ඉන්න, හැමදේම, නිකන් දෙන්න බෑ, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් අපි ඉදිරියටම යනවා....

:       17       7

Lankaputha Saturday, 25 February 2023 09:55 PM

Agree. If given below production cost some one else have to pay.. let's all pay the right price. All should stand against corruption not only the high paid people.

:       0       2

ravin Saturday, 25 February 2023 05:32 PM

ඔන්න අධික විදුලි පරිභෝජනයට විසඳුම...

:       1       11

Hemantha Sunday, 26 February 2023 05:30 AM

මේව නිවුස්ද?

:       0       0

තිලකරත්න Sunday, 26 February 2023 11:25 AM

ගාස්තු වැඩිකළාම විදුලිය විසංධි කිරීමට කටයුතු කරන්නේ නැහැ කියලා ඇමැතිවරයා කිව්වා. ඒත් ඊයේ දහවල් එකයි විසිපහට පමණ අපේ ප්‍රදේශයේ විදුලිය එක්වරම විසංධි වුණා.. හැන්දෑවේ මණ්ඩලයේ අංකයකට කතා කළාම යුහුසුළුව ක්‍රියාත්මක වෙනවා කියලා රාත්‍රියේ 9.27 සිට 26 ඉරිදා උදේ දහය දක්වා විසන්ධි කිරීමට කටයුතු කරනවා කියලා දැන්නුවා එහෙම කලේ විසංධිවුණු වෙලාවේ සිට පැය අටකට පසුව තමයි ඇමැතිතුමා මොනවද මේ වැඩ කියලා කියන්නේ...?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1552 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 294 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 587 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3863 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 550 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2914 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 292 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1719 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site