IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


පෙවූ රන්කිරට වන්දි ද මේ ගෙවන්නේ

වයෝවෘද්ධ මාපිය යුවළක් කිසියම් අයකු විසින් වැල්ලම්පිටිය හන්දියට ගෙනැවිත් දමා ගොස් ඇති අතර ඔවුන් ඉතා අසරණව තෙදිනක් තිස්සේ එහි කඩපිලක වැටී සිටිනු දක්නට ලැබේ.

තමන්ගේ කටයුතු පවා කරගත නොහැකි තරම් දුර්වල මෙම දෙමාපිය යුවල තමන් මෙහි හැරදමා ගිය දරුවන්ගේ නමක් කියා ඔවුන්ගේ ගරුත්වයට හානි කිරීමට හෝ අකමැති අතර තමන් පදිංචිව සිටියේ හොරණ ප්‍රදේශයේ බව පමණක් පවසයි.

ප්‍රදේශවාසීන් දෙන දෙයක් කෑමට ගෙන සිටින මෙම දෙමාපිය යුවල ඉතා අසරණව එම කඩපිලේ වැතිර සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූපය -- ශාන්ත රත්නායක

 



අදහස් (8)

පෙවූ රන්කිරට වන්දි ද මේ ගෙවන්නේ

aravinda Monday, 17 May 2021 03:32 PM

මේ රට යන අත හොඳ නැහැ. හැම කෙනෙක්ම ධනය රැස් කිරීම පසු පස හඹා යනවා මිස, මිනිස් ගුණදම් ගැන තැකීමක් නැහැ. මේ ක්‍රමය වෙනස් විය යුතුයි.

:       0       1

රාසික් Monday, 17 May 2021 04:06 PM

මට තේරෙන කාලයේදි සිට (පාසැල් වියේ සිට) මේ සුන්දර රටේ ඉපදිච්චි එක ගැන හරියට අාඩම්බර වුණා.. නමුත් දැන් හිතෙනවා අැයි මේ රටේ ඉපදුනේ කියා. එ් තරමටම එපාවෙලා තියෙන්නේ.. එපාවෙන්න හේතුන් නම් ගොඩයි. අපාය අයිති වෙන නරුම දූලා/ පුතාලා මෙවන් දෙමාපියන් අන්ත අසරණ වූ මොහොතේ මෙසේ මහමග දාලා යනවයි කියන්නේ ඔවුන්ට වැහිනැති අකුණු වදින්නට ඕනෑ.

:       0       1

Sri Lanka Monday, 17 May 2021 04:49 PM

මේ දෙන්නත් කොරෝනා ගොඩට දාලා ගාන වැඩිකරලා උණුසුම පුවතක් දාන්න...

:       2       0

sumudu Monday, 17 May 2021 05:17 PM

අනේ පොලීසියේ මහත්වරුනේ, මේ අයට යම් පිළිවෙලක් කරන්න...

:       0       2

sampath Monday, 17 May 2021 07:03 PM

මේ අය පොලිසිය මගින් නිසි රැකවරණ සපයා අදාළ ගරු අධිකරණයට කරුණු වාර්තා කර ඒ මගින් සුදුසු ස්ථානයකට බාරකිරීමටත්, මහමගදමා ගිය අය අත් අඩංගුවට ගැනීමටත්, මාධ්‍ය මගින් මේ අය දිගින් දිගටම පෙන්වීමත් මගින් තවත් මෙවැනි දේ නොකිරීමට එසේ කිරීමට සිතා සිටින අය යම් පාලනයක් වනු ඇත. මෙහි පැහැදිලිවම අපරාධමය චේතනාවක් පෙනීයයි. දරුවකු මහමග දමා ගියහොත් එය අපරාධමය වරදක් වනවා සේම මෙවැනි තැනැත්තන්ද දරුවන්ගේ තත්වයේ එනම් තමන්ගේ ක්‍රියා තමන්ට කරගත නොහැකි බැවින් දරුවන් සේ සලකා නීතිය නිර්මාණාත්මක ලෙස යොදාගැනීම සම්බන්ධව හැකියාවක් ඇති බව පෙනී යයි. නඩත්තු නඩුවකදී අධ්‍යාපනය ලබන වයස් පූරණය වන දරුවෙක් වුවද බාල වයස්කාර දරුවකු සේ සැලකීම මෙයට ආදේශ කරගත හැකි වනු ඇත. මෙවැනි ක්‍රියා තවත් කිසිවකුට නොකිරීමට නිසි දඬුවමක් සමාජයට ඇස් ඇරෙන්නට ලබාදිය යුතුය. ඒ සඳහා සියලු මාධ්‍ය සහාය දැක්විය යුතුම මොහොතකි.

:       0       5

K.m.n.r.wimalathunga Tuesday, 18 May 2021 12:27 AM

ඒ දෙමාපියන් දෙන්නාගේ දරුවන්ට මේ ආත්මයේදීම නිවන් දකින්ට පුලුවන්... ඒ දෙන්නගේ ගෙදර එයාලට වැටිලා ඉන්න දුන්නා නම් හරි...

:       0       9

fairoos Tuesday, 18 May 2021 09:38 AM

මේ කරලා තියෙන අපරාදෙට හෙණ 07ම වදිනවා.

:       0       2

Raveendra Tuesday, 18 May 2021 12:56 PM

දණගාද්දි ඇවිදින්න මට අත දුන්න.. ගුරුහරුකම් කියලා දුන්න... මහළුව ඇවිදින්නට බැරිවුණාම ඔබහට ඇවිදින්න... අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න... පැරණි ළමා ගීතය මෙන්ම ආදරයේ උල්පත වූ අම්මා.. දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා වැටකෙයියා මලක් වගේ සුවඳ ගෙනෙනවා... ගීතයන් මේ දෙමාපියන්ගේ දරුවන් කිසිදා අසා නොමැති බව නම් ඉතාමත්ම පැහැදිලියි.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 191 0

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


වත්මන් පාලකයන්ට ’’ඩිමෙන්ෂියාවද’’ කියලා හිතෙනවා
2024 නොවැම්බර් මස 07 706 0

අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


අලි ඇතුන් නඩුව විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය නවතයි
2024 නොවැම්බර් මස 07 614 0

ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ


නොවැම්බර් පළමු දින 6ට සංචාරකයින් 30,620ක්
2024 නොවැම්බර් මස 07 321 0

මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.


නව තානාපතිවරු දෙදෙනෙක් ජනාධිපතිට අක්තපත්‍ර දෙති
2024 නොවැම්බර් මස 07 797 1

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප


’’ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවිරෝධී ගමනකට අර අදිනවා’’
2024 නොවැම්බර් මස 07 1176 3

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 60 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 443 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1391 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site