(*** දසුන් රාජපක්ෂ)
පාස්කු ඉරුදින දේවස්ථානවලට බෝම්බ ප්‍රහාර එල්ල වන බව දැනගෙන ඒ පිළිබඳ කිසිදු දැනුම්දීමක් නොකිරීම සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා තමාට දෝෂාරෝපණය කළ බව හිටපු විශේෂ ආරක්ෂක දිසාව බාර විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති දූෂන් ප්‍රියලාල් මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (14 වැනිදා) පැවැසීය.
මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්‍ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කාර්යාලයේදී ඊයේ (14වැනිදා) රැස්විය.
ජනාධිපති කොමිසම හමුවේ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති දූෂන් ප්‍රියලාල් මහතා රජයේ නීතිඥ ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේ පැවසීය.
මා 1980 ජනවාරි 28 ආධුනික උපපොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිසියට බැඳි 2019 සැප්තැම්බර් මාසයේ දී විශ්‍රාම ගත්තා. මා විශේෂ ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙස අවසන් වරට රාජකාරි කළා. මා අධීක්ෂණය කළේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතායි.
රජයේ නීතිඥ:- පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව ගැන ඔබට තොරතුරු ලැබුණද?
සාක්ෂිකරු:- 2019 අප්‍රේල් 10 වැනිදා විශේෂ ලිපියක් මගින් පොලිස්පතිවරයා මට පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බව දැනුම් දුන්නා.
රජයේ නීතිඥ:- එම ලිපිය සකස් කර ඇත්තේ කවුද?
සාක්ෂිකරු:- එවකට බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළ සිසිර මෙන්ඩිස් මහතා පොලිස්පතිවරයා වෙත එම ලිපිය ලබාදී තිබුණා. බෝම්බ ප්‍රහාරය එල්ල විය හැකි ආකාර හතරක් සහ ඊට සම්බන්ධ ත්‍රස්තවාදීන් හය දෙනෙකුගේ නම් එම ලිපියේ සඳහන් වී තිබුණා.
රජයේ නීතිඥ:- ලිපිය ලැබුණට පසු ඔබ මොකද කළේ?
සාක්ෂිකරු:- මා යටතේ සිටින අධ්‍යක්ෂකවරුන් හතර දෙනාට මේ පිළිබඳ දැනුම් දුන්නා. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ද බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බව එම ලිපියේ සඳහන් වූ නිසා අදාළ අංශවල ආරක්ෂාව තර කරන ලෙස මා උපදෙස් දුන්නා.
රජයේ නීතිඥ:- ඔබගේ උපදෙස් අනුව ආරක්ෂක නිලධාරීන් කටයුතු කර තිබුණාද?
සාක්ෂිකරු:- අධ්‍යක්ෂකවරුන් හතර දෙනා දිනපතා මට කතා කරනවා. මාගේ උපදෙස් අනුව ක්‍රියා කරන බව ඔවුන් මට පැවසුවා.
රජයේ නීතිඥ:- ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සම්බන්ධයෙන් කුමක්ද ගත් ක්‍රියාමාර්ගය.
සාක්ෂිකරු:- පොලිස් ජීප් රථයක් සමග පොලිස් නිලධාරීන් පිරිසක් තානාපති කාර්යාලයේ ආරක්ෂාවට යෙදවූවා.
රජයේ නීතිඥ:- පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය එල්ල වීමට පෙර ඔබට ඒ ගැන වෙනත් තොරතුරු ලැබුණාද?
සාක්ෂිකරු:- නැහැ. මට ඒ ලිපිය පමණයි ලැබුණේ.
රජයේ නීතිඥ:- පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය ගැන ඔබ දැනගත්තේ කීයටද?
සාක්ෂිකරු:- අප්‍රේල් 21 වැනි දා උදෑසන මගේ කාර්යාලයේ නිලධාරීන් දුරකථන ඇමතුමක් ලබාදී ඒ පිළිබඳ දැනුම් දුන්නා. බෝම්බ ප්‍රහාරය එල්ල වූ කොච්චිකඩේ දේවස්ථානයට මා ගියා. ඉන් පසු නැවත කාර්යාලයට පැමිණ මට අදාළ අංශවල ආරක්ෂාව වැඩි කරන ලෙස අදාළ අංශවලට උපදෙස් දුන්නා.
රජයේ නීතිඥ:- නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔබේ අධ්‍යක්ෂකවරුන්ට ඔබ යැවූ ලිපිය අන්තර්ජාලය සහ මාධ්‍යවල පළ වුණා. ඒ ගැන සොයා බැලීමක් කළාද?
සාක්ෂිකරු:- ඔව්, මා යැවූ ලිපිය පුවත්පත්වල පෙන්නනවා මා දැක්කා. ඇමැති ආරක්ෂක අංශවලට මා එම ලිපිය යොමු කළාට පසු ඒ හරහා මාධ්‍යවලට එම ලිපිය ලැබෙන්න ඇති. මා හිතන විදිහට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුගේ පියා දේවස්ථානයට නොයන ලෙස හරීන්ට දැනුම් දී තිබෙන්නේ ආරක්ෂක නිලධාරීන්ට මා කළ දැනුම්දීමට අනුව වෙන්න ඇති.
රජයේ නීතිඥ:- ඔබ කළ දැනුම් දීම ඇමැති ආරක්ෂක නිලධාරීන් ප්‍රභූවරුන්ට දැනුම් දී තිබුණාද කියා ඔබ සොයා බැලුවාද?
සාක්ෂිකරු:- මා ඒ ගැන සොයා බැලීමක් කළා.
සමහර ආරක්ෂක නිලධාරීන් දැනුම් දී තිබුණා. සමහර ප්‍රභූවරුන්ට දැනුම්දී තිබුණේ නැහැ.
විනිසුරු මඩුල්ල:- ඔබට ලැබුණු තොරතුරු ගැන බෝම්බ ප්‍රහාරය එල්ලවීමට පෙර කා සමග හෝ සාකච්ඡා කළාද?
සාක්ෂිකරු:- නැහැ.
රජයේ නීතිඥ:- බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඔබ දේවස්ථාන දැනුම්වත් කළාද?
සාක්ෂිකරු:- දැනුවත් කිරීමෙන් පසු එහෙම ප්‍රහාරයක් එල්ල වූයේ නැතිනම් මා අපහසුතාවට පත්වන නිසා පූජකවරුන්ට ඒ ගැන දැනුම් දුන්නේ නැහැ. මට අදාළ අංශයන් මා ඒ පිළිබඳ දැනුම්වත් කළා.
රජයේ නීතිඥ:- බෝම්බ ප්‍රහාරය ගැන දැනගෙන ඒ සම්බන්ධයෙන් දේවස්ථාන දැනුම්වත් නොකිරීම ගැන ඔබට දෝෂාරෝපණ එල්ල වුණාද?
සාක්ෂිකරු:- ඒ ගැන මට කාදිනල්වරයා දොස් කිව්වා.
විනිසුරු මඩුල්ල:- පොලිස්පතිවරයා මාර්ගයෙන් ඔබට ලැබුණු එම ලිපිය පිළිබඳ කතානායක ලෙස සිටින කරු ජයසූරිය මහතාට දැනුම්දීමක් කළාද?
සාක්ෂිකරු:- ඔව්, කථානායකවරයාගේ ආරක්ෂක නිලධාරීන්ට ඒ ගැන දැනුම්දීමක් කළා යැයි කීය.
මෙම ජනාධිපති කොමිසම අද (15) යළි රැස් වේ.
රුපියල් කෝටි 15000කින් අවසන් කිරීමට නියමිතව තිබූ මධ්‍යම අධිවේගී මාර්ගය දූෂණය වංචාව නාස්තිය සහ කල් මැරිල්ල හේතුවෙන් අද එය අවසන් කිරීමට කෝටි 35,000ක් වැය වන බව
තලවිල සිට මීගමුව දක්වා ගමන් ගත් පිරිසක් රැගත් ත්‍රිරෝද රියක් මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් මවක සහ දියණියන් දෙදෙනෙකු මියගොස් ඇති බ
කොළඹ - මහනුවර මාර්ගයේ මහනුවර දෙසට ධාවනය වූ සැකසහිත ලොරි රථ දෙකක් පරීක්ෂාවට ලක් කිරීමේදී එම රථ තුළ තිබී කිලෝ 1460 ක බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත
මුදල්, කර්මාන්ත සහ ධීවර යන විෂයන් ඇතුළත් අමාත්‍යංශ එකතුව උතුරු පළාත තුළ නව කර්මාන්ත සැළසුමක් සහ ආයෝජන රැසක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් දිගින් දිගටම අධිකරණ නියෝගය මගහරින්නේ නම් ඔහුගේ දේපොළ තහනම් කිරිමට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1008 දරන විශේෂ සීඝ්‍රගාමී දුම්රිය ගම්පොළ සහ උලපනේ දුම්රිය ස්ථාන අතර දී අද (9) පස්වරුවේ පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දු
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
පාස්කුදා ප්‍රහාරය දැනුම් නොදුන්නාට කාදිනල්තුමන් මට දොස් කිව්වා
SAM Wednesday, 15 July 2020 01:27 PM
සමහර ෆාදර්ස්ලා මේ ගැන දැනගෙන හිටියා... මොකද නැත්තේ..? කොහේටද ගහන්නේ කියලා දන්නේ නැහැ. නමුත් ප්‍රහාරයක් වෙන බව දැන උන්නා.
sharm warnThursday, 16 July 2020 03:12 AM
ඔය කියන්න හදන්නේ පල්ලියෙන් මේක දැනගෙන වසන් කළා කියලාද? ඔයාට මොනවද තියන සාක්කි? ඔය කියන ‘‘සමහර ෆාදර්ලා‘‘ ගැන.. නම් වශයෙන් කියන්නකෝ බලන්න... අපිත් කැමැතියි දැනගන්න.
Nimal Wednesday, 15 July 2020 04:08 PM
එවැන්නක් ගැන කාර්ඩිනල්තුමාට කලින් දැනුම් නොදුන්නානම් පොලිස් නිලධාරියෙකුට දොස් කියන්නේ අැයි එයා ඒ ගැන දැනුම් දුන්නේ නැහැ කියලා? දෙවියන් වහන්සේට ආසන්නව ඉන්නේ කාදිනල්තුමාද? පොලිස් නිලධාරීන්ද?
sharm warn Thursday, 16 July 2020 03:13 AM
කවදාහරි පල්ලියට බෝම්බ ගැහුවේ කතෝලිකයෝම තමයි කියලා කියන දවසකුත් එයි මෙහෙම යද්දී... මිනීමස් කන අය කවුද කියලා ඉහත කොමෙන්ටුවෙන් පෙන්නුම් කරනවා.