IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


පස්කන්දක්  කඩා වැටී රක්වාන දෙනියාය පාර අවහිර වෙයි

 

   
(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)

රත්නපුර සිට මාදම්පේ රක්වාන දෙනියාය හරහා ගාල්ල දක්වා දිවෙන ඒ 17 මාර්ගයට නෑදොළ කිරිමැටිතැන්න ප්‍රදේශයෙදී පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය අද( 19) වනවිටත් ඇනහිට තිබූ බව කොලොන්න පොලීසිය පවසයි.

රත්නපුර සිට රක්වාන සූරියකන්ද හරහා දෙනියාය දක්වා මගී ප්‍රවාහන බස් රථ ඇලු වාහන සිය ගණනක් මෙම මාර්ගයේ දිනකට ගමන් කරයි. කඩාවැටුණු පස් කන්ද නිසා මාර්ගයේ අඩි හතළිහක පමණ වූ කොටසක් පසුවලින් යටවී ඇති බව ද පොලීසිය පැවසුවේය.

සිංහරාජ කඳුවැටියට 18දා සවස අධික වැසි ඇදහැලුනු බවත් ඉන්පසු මෙම පස් කන්ද කඩාවැටෙන්නට ඇතැයි පොලීසිය සැකකරයි. පස්කන්ද කඩා වැටීමෙන් ජිවිත හානි කිසිවක් නැති බවද පොලිසිය පැවසුවේය.

මාරගයේ අවහිරතා ඉවත්කිරිම 19දා පෙරවරුවේ ආරම්භ කළ අතර එදින සවස 02.00 පමණ වනවිටත් කඩාවැටුණු පස් ඉවත්කර ගමනාගමනය යඝා තත්ත්වයට පත් කළ නොහැකිවූ බව ද පොලිසිය පැවසුවේය.

මේ සම්බන්‍ධයෙන් 19දා පෙරවරුවේ රත්නපුර දිස්ත්‍රික්ක ආපදා කළමනාකාරණ සහකාර අධ්‍යක්‍ෂ මුදිත මංජුල මහතාගෙන් විමසු අවස්ථාවේ ඔහු පැවසුවේ මාර්ගයට කඩාවැටුණු පස් පැය භාගයක් තුල ඉවත්කර ගමනාගමනය යථා තත්ත්වයට පත්කරන බවයි.

එහෙත් පැය දොළහකට වැඩි කාලයක් තිස්සේ ගමනාගමනය ඇණහිටිම නිසා එම මාර්ගයේ ගමන් කිරිමට පැමිණි වාහන විකල්ප මාර්ග ඔස්සේ දෙනියාය සහ සුරියකන්ද දෙසට ධාවනය කිරිමට උපදෙස් දුන් බව කොලොන්න පොලිසිය පැවසුවේය.

 

 



අදහස් (1)

පස්කන්දක්  කඩා වැටී රක්වාන දෙනියාය පාර අවහිර වෙයි

සෙනෙවිරත්න Thursday, 19 November 2020 02:03 PM

මෙම මාර්ගය ගාල්ලේ දෙවටින් ආරම්භ වී අකුරැස්ස දෙනියාය මාදම්පේ හරහා රත්නපුරයට වැටී ඇත. මෙමමාර්ගය සුද්දාගෙන් පසු රත්නපුර දෙනියාය කොටස සංවර්ධනයක් වී ඇතිදැයි සිතේ එම කොටස ඉතා දුර අඩු වුවද තාර ගැලවී ඇති බැවින් කාර් රථයකට පැය තුනක් පමණ ගතවේ. ගාල්ල රත්නපුර මාර්ගය නෝනාගම ඇඹිලිපිටිය හරහා යනවාට වඩා ඉතා අඩු කාලයකින් යාහැකි මෙ⁣ම මාර්ගය දියුණු කර දැනට භූගොලීයව ලග ඇතත් සම්බනදතාවයෙන් දුරස් රත්නපුර ගාල්ල දිස්ත්‍රික්ක යා කිරීමට රජයේ අවධානය යොමු වේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 531 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 157 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1142 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 148 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 347 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2270 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site