IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


‘පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා‘

 

( දිල්රුක්ෂි ග්‍රේරු) 

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතීය ක්‍රියාත්මක කරන බවත් ඒ පිළිබඳව  සොයා  නිසි ක්‍රියාමාර්ග ගැනීමට තමන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවත්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
මහබැංකු වංචාව  සම්බන්ධව වගකිව යුතු පිරිස් සඳහා නීතීය ක්‍රියාවට නැංවීමට ද උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපතිවරයා කීවේය. 

73 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේදී ජාතිය අමතා කළ කතාවේදී ජනාධිපතිවරයා අද (04) මේ බව ප්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය  කිරීමට පත් කළ  ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මේ වන විට තමන්ට  ලැබී ඇති බවත් එහි සඳහන් කරුණු සහ පාර්ලිමේන්තු ආංශික කමිටුවෙන් ලබාදී ඇති නිර්දේශ ද මෙහිදී තමාගේ අවධානයට යොමුවී ඇති බවත් එහිදී  ජනාධිපතිවරයා සඳහන් කළේය.

(ඡායාරූප ළහිරු හර්ෂණ) 


 



අදහස් (46)

‘පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා‘

jagath Thursday, 04 February 2021 04:35 AM

ජාතිය ඇමතීමක් නෙමෙයි... ජාතික බොරුවක්...

:       1       3

Asanga Thursday, 04 February 2021 04:54 AM

මට මතක හැටියට ඔබතුමා 72නිදහස් දිනයෙත් කිව්වා වගේ... තාම වැඩේ සිදුවී නැතිගාණයි.

:       1       4

pradeepa Thursday, 04 February 2021 05:36 AM

බැංකු හොරුන්ට, පාස්කු මිනීමරුවන්ට නම් තාම ෆේල්. ඒ අයට තවම දඬුවම් නැහැ. ඊළඟ අවුරුද්දේ වත් නැවත කියන්න වෙයි.

:       1       5

Kamal Koyrala Thursday, 04 February 2021 06:22 AM

නිදහස් දවස අප්‍රේල් 01 නොවෙයි සර්...

:       1       5

palitha Thursday, 04 February 2021 06:27 AM

ගිය අවුරුද්දෙත් ඔය ටික ඔය විදියටම කිව්වනේ, ජනාධිපතිතුමෝ...

:       1       5

සිරිබිරි Thursday, 04 February 2021 06:34 AM

අපි හිතුවේ එහෙම වෙලා ඉවරයි කියලා.

:       4       66

BamuarachchiFriday, 05 February 2021 04:23 AM

මේ රජය යටතේ අධිකරණයෙන් සිදුවිය යුතු කාරණා අරලිය ගහ මන්දිරේ කරන්නේ නැත. නඩුවක් පැවරීම වැනි දේවල් කරන්නේ අදාළ ආයතන වලින්ය. සිදුවිය යුතු සියලු ක්‍රියාමාර්ග නඩුව දැම්මාම නිදොස්කොට නිදහස්වීම බොරු...

:       6       1

anaFriday, 05 February 2021 08:08 AM

ගිය ආණ්ඩුව වාදනය කළෙත් ඔය තැටිය බමුණෝ...

:       1       3

චිත්‍රානන්දFriday, 05 February 2021 11:51 PM

කමෙන්ට් 41 න් 40 ක් ම සර්ට විරුද්ධයි. එකයි පක්ශව. ඒ කාගෙවත් නෙවෙයි හැමදාම රෙදි නැතුව කඩේ යන බමුණුආරච්චිගේ. දැන්වත් වහල් කමින් මිදෙන්න මයෙ පුතේ...

:       1       3

BamunuarachchiMonday, 08 February 2021 10:01 AM

සර්ට විරුද්ධව කතා කරන එක්කෙනෙක් කෙළින්ම විරුද්ධවන හේතුව කීවද? කිව්වේ මොනවද? විසිල් විතරයි බල්ටි නැහැ වගේ කතා නේද? බමුණුආරච්චි කියන්නේ ලෝකේ පෙරලුනත් තමන් දරන අදහස පාවා නොදෙන මිනිහෙක්.

:       0       0

Lal Thursday, 04 February 2021 06:42 AM

ස්තුතියි සර්...!!! 

:       41       22

ජංතු Thursday, 04 February 2021 06:56 AM

හීනෙන් තමයි ඉතින්.... තමන්ට තිබුන නඩු වලට නීතිය නමපු හැටි අපිට මතකයි ඉතින්... මේක පිටි පස්සෙත් හරියට බැලුවොත් ඇත්තේ පොහොට්ටුවේම බළල් අතක් වෙන්නත් පුලුවන්.. මිනී උඩින් හරි කමක් නෑ බලය ලැබෙනවා නම් ඉතින්...

:       15       94

සිරිබිරි Thursday, 04 February 2021 06:58 AM

හරි මහන්සි ඇති නේද ඕව කරලා...?

:       11       72

පිටිගල මිලානෝ Thursday, 04 February 2021 07:02 AM

බිලියන් දහයේ සීනි හොරාට දඬුවම් නැද්ද?

:       7       88

Pram Thursday, 04 February 2021 07:06 AM

යෝජනා පමණයි.. කට විතරයි.. වැඩ නැහැ.. තවත් එක් දේශපාලකයෙක් පමණයි.

:       16       85

නලින්ද Thursday, 04 February 2021 07:31 AM

අසීමිත විධායක හා ව්‍යවස්ථාදායක බලයකින් සමන්විත ජනාධිපතිවරයා ඉහත දක්වා ඇති කරුණු අරභයා මහජනතාවට පොරොන්දු දෙමින් කාලය කා දැමීම හාස්‍යජනකයි. වර්තමාන අර්බුදයන්ගෙන් මේ රට ගලවා ගැනීමේ දැක්මක් වැඩපිළිවෙලක් ඔහුට නොමැත. කණගාටුදායක වුවත් සත්‍ය එයයි. ඔහු මේ රට තවත් අර්බුදයන් ගණනාවක් වෙත ගෙන යමින් පවතියි.

:       13       85

Rata Perata Thursday, 04 February 2021 07:43 AM

ඔව් ඉතින් තමුන්ට බය වෙන්න දෙයක් නැහැනේ. 20න් තමන්ගේ ආරක්ෂාව හදාගත්තානේ. දැන් බය නැතිව අනිත් අය විතරක් නීතිය කරලා බේරෙන්න.

:       13       77

Kuma Thursday, 04 February 2021 07:44 AM

ගිය නිදහස් දින කතාවම වත්ද? පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන කොමිසම අවසන් වුණා නේද වරදකරුවකු හොයාගන්න බැරුව?

:       11       95

අනුර පැස්කුවෙල් Thursday, 04 February 2021 08:58 AM

ඔය කතාවම කියයි 2024 නිදහස් දිනේටත්...

:       10       68

mahinda Thursday, 04 February 2021 08:12 AM

මේ යුද්ධය තවත් හමුදාපති කෙනෙකුට කරන්න මම ඉඩ තියන්නේ නෑ " "මීලග රණවිරු ප්‍රකාශය කරන්න මම ප්‍රභාකරන්ට ඉඩ තියන්නේ නෑ" ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මේ සියවසේ හෙලබිමේ උපන් මව්බිම ගලවාගත් මහා විරුවා... ඔබට දීර්ඝායු වේවා උතුම් සෙනෙවිතුමනි...

:       13       93

de silva Thursday, 04 February 2021 08:18 AM

කියව කියවා ඉන්නේ නැතිව කරලා පෙන්වන්නකෝ?

:       8       69

Deepal Thursday, 04 February 2021 08:43 AM

ඒකෙනුත් නිදහස්...

:       9       32

අනුර පැස්කුවෙල් Thursday, 04 February 2021 08:57 AM

ඕකට තමයි කියන්නේ කටින් බතල ගැටතුඹ කොළ කියලා. මේ මහත්මයා කියපු දේවල් කළා නම් අද ලංකාව මොනතරම් දියුණුද?

:       6       61

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 04 February 2021 09:07 AM

සත්‍ය වශයෙන්ම එසේ කියනා අයුරින්ම කෙරෙනවා නම් ඉතා හොඳයි. ඒත්, එතකොට තවත් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්... මං දැක්කා එජාප සටහනේ තිබෙනවා ජනපති සමාව දීම සම්බන්ධ කිසියම් ප්‍රකාශයක් ගැන... අනේ මන්දා ඕවා...!!!

:       2       29

siri Thursday, 04 February 2021 09:26 AM

ඔය කතාව අහල අහලා දැන් ඇතිවෙලා තියෙන්නේ. "බොරු සාක්කි දීලා එල්ලුම් ගස් ඇරපු සමහර අයත් නිදහස් කරනවා" කීවා නම් ඔන්න අවංක ප්‍රකාශයක් කියලා විශ්වාස කරන්න තිබුණා..

:       4       50

බද්රානි Thursday, 04 February 2021 09:36 AM

ඒ කතාව ඇහෙද්දී මම හිතුවේ අද අප්‍රේල් 01 වෙනිදා කියලා? හිනා කාලා මැරෙනවා මේ විහිළු කතා අහලා...

:       9       67

Bishan Thursday, 04 February 2021 09:42 AM

හිටපු එක්කෙනා වගේම මෙයත් කුඹුරේ හිටවන්න ගැලපෙනවා...

:       11       64

සිරිබිරි Thursday, 04 February 2021 09:53 AM

කතාව දෝලාවෙන් ගමන පයින් කියන්නේ ඔන්න ඕවට...

:       10       60

සෑම් Thursday, 04 February 2021 10:42 AM

කණ්නාඩියක් ඉස්සරහට ගිහින් ඕක කියන්න. ඇඟම වෙව්ලයි.

:       0       2

විජිත් Thursday, 04 February 2021 10:49 AM

පාස්කු ප්‍රහාරයේ පිටුපස ඉන්න, ඇමෙරිකාවේ හිටපු, යුද්ධයට බයේ පැනලාගිය, හමුදාවේ හිටපු කර්නල් අල්ල ගත්තදාට මේ රටේ සියලුදෙනාටම දැනගන්න පුළුවන් කවුද කියලා. ඔහොම යමු.

:       1       3

banda Thursday, 04 February 2021 10:51 AM

එතකොට මහබැංකුව කාපු හොරයි, සීනි කාපු හොරයි අල්ලන්නේ නැතෙයි.

:       1       4

Prabha Thursday, 04 February 2021 11:04 AM

එහෙමනම් තමන්ගේ සපත්තුව ගලවලා ඔලුවට ගහගන්න ඉස්සෙල්ලාම... !!! 

:       0       3

කපුරු හාමි Thursday, 04 February 2021 12:44 PM

මෙයාගේ කතාවලට අපිට හිනා යනවා. කතාව නම් දෝලාවෙන්, ගමන පයින් කියන්නේ මේවාට...

:       0       4

Saman Thursday, 04 February 2021 01:35 PM

යහපාලන කුලී ලියන්නෝ හිතාගෙන ඉන්නේ පාස්කු කොමිසමේ විමර්ශන අවසන් වුණාම ඔක්කොම ඉවරයි කියලා. නමුත් මේ කමිටු වාර්තා පදනම් කරගෙන වැරදි කරුවන්ට ඉක්මනින්ම නිසි දඬුවම් ලැබෙයි.

:       4       1

Nuwan Thursday, 04 February 2021 01:40 PM

හිට්ලර්ටත් තිබුණා උඩු රැවුලක්. චාලි චැප්ලින්ටත් තිබුණා උඩු රැවුලක්. ඉතින් ඉක්මන් වෙලා උඩු රැවුලට රැවටුණාම මෙහෙම කතා අහන්න වෙන එක පුදුමයක් නෙමෙයි. රෙස්පෙක්‍ට් සර්...

:       2       3

Raveendra Thursday, 04 February 2021 02:20 PM

වැඩ කරන මිනිසා නිශ්ශබ්දයි. කැටයම් කලාවේ අති දක්ෂයන් තුන්ලෝකෙටම ඇහෙන්නට කෑමොර දෙති. දියවන්නාව පට්ටියේ 225ම කැටයම් කලාවේ අති දක්ෂයන් මෙන්ම කෙළ පැමිණි අයයි...

:       1       2

Prasad Thursday, 04 February 2021 03:11 PM

මෙයාගේ උදේ කතාව නිදහස් දිනේට වඩා ගැලපෙන්නේ බත්තරමුල්ලේ පක්ෂ කාර්යාලයේ මාධ්‍ය සංදර්ශනේකට...

:       1       2

Demuni Uduwara Thursday, 04 February 2021 04:16 PM

කණ්ණාඩිය පිටිපස්සට යන්න....

:       1       2

Ruwanka Jayathilaka Thursday, 04 February 2021 04:54 PM

විසිල් විතරයි... බල්ටි නැහැ සර්ගේ..

:       2       3

Perera Thursday, 04 February 2021 06:40 PM

ඔය කියන කෙනයි, එයාගේ සහෝදරයවයි ඉස්සෙල්ලාම ඇතුළට දාන්න ඕනේ. කරපු අපරාදෙට...

:       1       3

BMN Thursday, 04 February 2021 07:11 PM

අවුරද්දක් ඉවරයි. කාලය ගෙවනවා විතරයි වැඩ නෑ

:       0       3

lakshan kulasingha Friday, 05 February 2021 12:43 AM

පළමුව වගකියන්න ඕනේ ඔබ සහ හිටන් පමණි.

:       1       5

Dhammikaperera Friday, 05 February 2021 01:43 AM

එතකොට සහරාන්ලාට පඩි ගෙව්ව කෙනාටයි, ජයිමතු ඉස්ලාම් එකට කාර්යාලයට ඉඩම දීපු කෙනාටයි නීතිය ක්‍රියාත්මක කරනවද?

:       0       5

mohomed Saturday, 06 February 2021 01:23 PM

එහෙනම් තවම අත් අඩංගුවට ගන්න ඕනෑ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවා ඔබ තමයි.

:       0       3

බද්රානිSaturday, 06 February 2021 06:52 PM

මොහොමඩ් මහත්තයෝ, ඒ කිව්ව කතාවට මම එකඟයි. අම්බරුවන්ට නොතේරුණාට අපි, ඔබලාට තේරෙනවා මේ බෝම්බ තාක්ෂණයේ මහා මොළකරුවන් කවුද කියලා. අන්තිමේට, අහිංසක මේ ප්‍රහාරයට කිසිඳු සම්බන්ධයක් නැති මුස්ලිම් ප්‍රජාවට ප්‍රහාර දියත් කළේ කවුද? මේ ම්ලේච්ඡ ප්‍රහාරය පිටුපස සිටින අයගේ චක්ගෝලයින් තමයි. බෝම්බ ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබු ඥාතීන් සිටින කතෝලිකයින් මේ ම්ලේච්ජ ප්‍රහාරවලට සම්බන්ධ වුණාද?

:       0       0

Naushi Saturday, 06 February 2021 05:09 PM

අපි හැමදාම සර්ගේ සුරංගනා කතා අහන්න පුරුදුවෙලා ඉන්නේ. අද හොඳට නින්ද යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1363 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1588 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1121 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 252 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 681 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 499 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2108 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site