IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


'පාස්කු ප්‍රහාරයේ ඇත්ත සඟවා ඒ් ගැන සොයන අයගේ කටවල් වහනවා'

(නිමල කොඩිතුවක්කු)

පාස්කු ඉරුදින ප්‍රහාරයේ ඇත්ත සොයනවා වෙනුවට ඒ පිළිබඳ කතා කරන අයගේ කටවල්  වැසීම ආණ්ඩුවේ වැඩපිළිවෙළ බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී පැවසීය.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරුවන් නීතිය ඉදිරියට ගෙන එන බව පවසා බලයට පත් වූ ආණ්ඩුව අද ඒ පිළිබඳ කතා කරන චෝදනා නගන පිරිස් දඩයම් කිරීම ආරම්භ කර ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව සිදුකරන විමර්ශන පිළිබඳව සතපහක විශ්වාසයක් ජනතාවට නොමැති බැවින්  ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් සිදුකරන ලෙස විපක්ෂය ඉල්ලා සිටින බවත් ඔහු කීවේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්  අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.

   "මේ ආණ්ඩුව බලයට පත් වෙන්න වේදිකා වල කතා කරපු ප්‍රධානතම මාතෘකාව තමයි පාස්කු ඉරුදින ප්‍රහාරය. ආණ්ඩුව පත් වුණ ගමන් පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරුවන් නීතිය හමුවට ගෙන එනවා කිවුවා. අද වන විට නීතිය හමුවට ගෙන එන්නේ ඒ චූදිතයන්ද නැත්නම් මේ චෝදනා කරන අයද කියන ගැටලුව අද ඇතිවෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කතා කරන සියළුම පිරිස් විපක්ෂය වේවා, පූජකතුමන්ලා වේවා  ඒ සියලුම දෙනාට පාඩමක් උගන්වන්න මේ රජයට උවමනාවක් තියෙනවා. වැඩිය කතා කරන්න එපා කතා කරොත් වෙන දේ ගැන අද අනතුරු අඟවමින් සිටිනවා. අද පූජකතුමන්ලා ගෙනල්ලා පැය විස්සකට වැඩි කාලයක් කට උත්තර ගන්නවා. දින ගණන් රස්තියාදුකරනවා.  සිරිල් ගාමිණී පියතුමා කියන්නේ සාමාන්‍ය පූජක තුමෙක් නෙමෙයි එතුමා තමයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක. පොලිසියට පුළුවන් එතුමා ළඟට ගිහින් මේ ගැන විමසන්න. ඔය රජ පවුල්වල අය පොලිසියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියේ නැහැ.

මේ කරන දේවල් එක්ක මේ ගැන දන්න කෙනෙක් ආයෙ ඉදිරියට එයිද කියන ගැටලුව මතු වෙනවා. මේ ආණ්ඩුවට අද අවශ්‍ය වෙලා තියෙන්නේ පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හොයන්න නෙමෙයි. 

පාස්කු ප්‍රහාරය පිළිබඳ කතා කරන අයගේ කටවල් වහන එකයි.

මේ පාස්කු ප්‍රහාරයේ ඇත්ත තොරතුරු ගැන  සොයයි ද නැද්ද කියන එක ගැන අපට සතපහක සත පහක විශ්වාසයක් නැහැ. මේ තියෙන අකාර්යක්ෂම පරීක්ෂණ වෙනුවට ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් කරන්න කියලා මේ රජයෙන් අපි ඉල්ලීමක් කරනවා. මේ ආණ්ඩුව කරන පරීක්ෂණ ගැන අපට විශ්වාසයක් නැහැ.



අදහස් (6)

'පාස්කු ප්‍රහාරයේ ඇත්ත සඟවා ඒ් ගැන සොයන අයගේ කටවල් වහනවා'

කිරි පුතා Tuesday, 23 November 2021 04:25 PM

තමන් ඇත්ත දන්නවා නම් රටටම කිව්වාම හරි නොවැ. අර හකීම්ලාව දාගෙන කරපු නාටකයෙන්ද දන්නෙ නෑ ඇත්ත හොයා ගත්තේ...

:       7       5

Ratne Tuesday, 23 November 2021 04:25 PM

හොරාගේ අයියා මලෝ හොරාව අල්ලා ගැනීමට අවස්ථාවක් ලබාදෙයිද?

:       2       7

SUNIL MILANO Tuesday, 23 November 2021 04:47 PM

යහපාලනයේදී.. බකන් නිලාගෙන, බඩ උලාගෙන හිටපු මුන්දැලා ගිරව් වගේ තොරතෝංචියක් නැතිව කියවනවා. කාට කියන්නද?

:       3       5

Saman Tuesday, 23 November 2021 05:16 PM

දැන් සැපද? එන්න කිරිබත් කමු...

:       4       5

BamunuarachchiWednesday, 24 November 2021 12:06 PM

වෙච්ච සිද්ධිය නම් සැපක්. මොකක්ද ප්‍රශ්නය...?

:       1       2

Bamunuarachchi Tuesday, 23 November 2021 06:40 PM

ඉතින් ඔහේ ඇත්ත එළිකරන්නකෝ... ප්‍රශ්නය ඉවරයිනේ... නේද? ඇත්ත අපි දන්නවා බෙල්ලට තොණ්ඩුව වැටෙන්න ඕනේ යහපාලකයින්ට...?

:       5       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 789 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 1779 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 246 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 143 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 805 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 418 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26620 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18870 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1860 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site