IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


පාස්කු ප්‍රහාරය ගැන විදෙස් පරීක්ෂණයක් ඉල්ලයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශීය විමර්ශනයක් අවශ්‍ය බව සමගි ජන බලවෙිගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අරඹමින් නිරෝෂන් පෙරේරා මහතා කීවෙි සත්‍ය හෙලි කර ගැනීම සඳහා  දේශිය  යාන්ත්‍රණයක් මඟින් ප්‍රමාණවත් උත්සාහයක් නොගැනීම නිසා විදේශීය විමර්ශනයක් පැවැත්වීමට අවශ්‍ය බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය  දේශපාලන කුමන්ත්‍රණයක් බවට චෝදනා එල්ල වෙමින් තිබෙන බවද මේ පිළිබඳව දේශීය වශයෙන් පරීක්ෂණ රැසක් සිදුවී ඇති නමුත් කිසිදු ඵලක් ලැබී නැති බව ද  මන්ත්‍රීවරයා කීය.

ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් විසින් ප්‍රකාශ කරන ලද වීඩියෝවකින් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා පාස්කු ප්‍රහාරය එල්ල කරන  ලද  බවට චෝදනා එල්ල කර තිබෙන බවද නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

වසර හතරකට අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් පාස්කු ප්‍රහාරය සඳහා සෘජුව වගකිව යුතු පාර්ශව හඳුනා ගැනීමටත් ප්‍රහාරයේ අරමුණ හෙළි කිරීමටත් රජය අපොහොසත් වී තිබෙන බව මන්ත්‍රීවරයා කීය.

ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ආරක්ෂක අංශවල අය තවමත් තනතුරු දරමින් සිටින අතර ඔවුන් තාවකාලිකව තනතුරුවලින් ඉවත් කර අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතු බවද  නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (2)

පාස්කු ප්‍රහාරය ගැන විදෙස් පරීක්ෂණයක් ඉල්ලයි

C.K.Lankaputhra Thursday, 21 September 2023 12:41 PM

මන්ත්‍රීතුමනි, ඔබේ වචන අපි නොවක් අගයමු. මේ රටේ සුවාසූ දහසක් ජනතාවගේ, (69 ලක්ශය ඇතුලුව) එක හඩින් ඉල්ලා සිටින්නේ දේශපාලන ජයග්‍රහණය වෙනුවෙන් ඩැහැගත් අහිංසකයන්ට සාදාරනය ඉශ්ට කරන ලෙසයි. එනම් වගකිව යුත්තන්ට දඩුවම් කරන ලෙසටයි.

:       1       9

Aravinda Monarawila Thursday, 21 September 2023 01:13 PM

මෙගොල්ලොත් හරි කැමති ආන්ඩුව දෙන ටොපිය හප හපා ඉන්න, වැඩකට නැති මොන්ගල් විපක්ශය.

:       2       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 3818 0

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4229 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 753 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1065 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2999 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3916 9

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40167 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26003 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 271 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1329 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site