(නිමල කොඩිතුවක්කු)
පාස්කු ප්‍රහාරය ගැන විභාග කරන කමිටුව හමුවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන සතියේ කැඳවීමට නියමිතය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවන්නේ මේ වනවිට එහි හෙළිව ඇති තොරතුරු පිළිබඳව කරුණු විමසීමටය.
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතීත්වයෙන් යුතු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉකුත් බදාදා සාක්ෂි විභාගය ආරම්භ කරනු ලැබීය.
කතානායක කරූ ජයසූරිය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ගනු ලැබූ තීරණයකට අනුව ඉහත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මාධ්‍යයට විවෘත කරන ලදී.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වූ ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන කණ්ඩායමේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට 2018 ජූනි මස 02 දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වශයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ගනු ලැබූ වරෙන්තුව සහ ඉන් පසුව අනුගමනය කළ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ අධිකරණ ගබඩාවේ තිබූ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බ
බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාස්කු ප්‍රහාරය ගැන සෙවීමේ කමිටුව හමුවට නාලක ද සිල්වා කැඳවයි
Missaka Thursday, 30 May 2019 06:48 AM
මේක දැන් අර නීතිය නැමුව වගේ නියමෙට නමලා කාගේ හරි ඔඩ්ඩෝකුවකට දාන්ඩ වගේ යන්නේ...
SUMITH Thursday, 30 May 2019 07:03 AM
මෙයා කොහොමද ඔච්චර ඉක්මනට ඔහොම තැනකට එන්නේ? පහුගිය ටිකේ ගියේ රෝද පුටුවෙන්නේ, බෙල්ලේ කොලර් එකකුත් දාලනේ තිබුනේ... ඇප ලැබුණු හැටියම හොඳ වුණාද?
Amila Thursday, 30 May 2019 07:44 AM
අර කුමාරයෙක් වගේ නමක් තියෙන මාස ගානකින් කාපු නැති පෙනුමක් තියෙන එකෙක් ගෙනත් එක්කෙනෙක් මාව මරන්න හදනෝ ගාලා අන්තිමට සෑහෙන්න් ජීවිත රටට අහිමි කරා සැබෑ මෙහෙයුම් අච්චාරුවක් කරලා. ඒ මදිවට කුරුණෑගලිනුත් කුමාරයා මතුවෙනවා. අන්තිමට විනාශ වුනේ රට. නූගත් මිනිස්සු ඉහලම පුටුවල වාඩි කරහම වෙන විනාශය තමයි ඉතින්.
saliya Thursday, 30 May 2019 08:22 AM
විඳින්නට වූ දුෂ්කර අත්දැකීම් අමතක කර, පැත්තක් නොගෙන, දන්නා සියලු දෙය අප හට හෙළි කරන්න. වැරදි කල අය, ලොකු, පොඩි භේදයකින් තොරව හෙළි විය යුතුය.
Raveendra Thursday, 30 May 2019 11:44 AM
කැඳෙව්වට කමක් නැහැ. මොකද ඔය කියන කාර්යාලය ඇතුළට රෝදපුටුවකින් එන්න හොඳට පිළිවෙල කරලා තියන්න. මොකද ඇප ලැබෙන කම් හිටියේ ඔන්න පණනල යයි, මෙන්න පණනල යයි කියලා දාගන්න පුළුවන් ඔක්කොම වෙළුම් පටි දාගෙනනේ රෝදපුටුවේ... නමුත් ඇප ලැබිලා එළියට ආවා විතරයි ඔක්කොම වෙළුම් පටි ගලෝගෙන යස අගේට කාර් එකට නැග්ගේ... ඉතින් ඔතැනට එන්නෙත් එහෙම තමයි. ඇහුවොත් තනතුර උසස් ආරක්ෂක නිලධාරියෙක්.. නමුත් ශරීර යෝග්‍යතාවය බින්දුවයි.. ශරීර යෝග්‍යතාවය නැති මෙවන් කැඳයින්ව පත්කරගත් හරකුන්ව එලවන්න ඕනේ මුලින්ම...