IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපතිට දඬුවම් දිය යුතුයි‘

( තිළිණි ද සිල්වා)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට  දඩුවම් දිය යුතු බව තමා අදටත් දරණ ස්ථාවරය බවත්, පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්  කොහේ සිටියත්, කුමන තරාතිරමක වුවත් ඔවුන්ට දඩුවම් දිය යුතු බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඔවුන් අද ආණ්ඩුවේ සිටියත්,විපක්ෂයේ සිටියත්, සන්ධානයේ සිටියත් ඔවුන් කර ඇත්තේ සමාව දිය නොහැකි වරදක් බවත් ,  ප්‍රහාරයට වගකිව යුතු අය අද සිටින තැන අනුව වරදේ බරපතලකම වෙනස් නොවන බව ද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (12)  මිනුවන්ගොඩ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ  ප්‍රශ්නවලට පිළිතුරු දෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

" පාස්කු ප්‍රහාරයෙන් පසුව පසුගිය ආණ්ඩුව විසින් පත් කල ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් ප්‍රහාරයට වගකිව යුතු අය, එම ප්‍රහාරයේ වගකීම භාර ගත යුතු අය ගැන සදහන් වෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සේනාධිනායකයා, ආරක්ෂක අමාත්‍යවරයා හැටියට මෙහි වගකීම භාරගත යුතුයි.

දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ තොරතුරු වසන්කර ප්‍රහාරය සිදු වෙන්නට ඉඩ හැරීම අපරාධයක්. ප්‍රහාරයෙන් පසුව ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවල  ගැටළු, පාර්ලිමේන්තුවේ තමන්ගේම අය සම්බන්ධ කරගෙන සිද්ධිය යට ගැසීමට දරපු උත්සාහය ගැන මම එදත් විරුද්ධයි. අදත් විරුද්ධයි.

ඒක මම කවදත් ප්‍රසිද්ධියේ කිව්වා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මාව කැදවූවත් මගේ ස්ථාවරයේ වෙනසක් නැහැ. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව නීතිපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි.

මේ සිද්ධියට වගකිව යුතු අය ආණ්ඩුවේ, අපේ පක්ෂයේ, සන්ධානයේ  හිටියත් වරද වරදමයි. කාදිනල්තුමා ඇතුළු කිතුනු ආගමික නායකයෝ, කිතුණු ජනතාව වගේම රටේ සමස්ථ ජනතාව යුක්තිය බලාපොරොත්තු වෙනවා.

සිද්ධියට වගකිවයුතු අය අද ආණ්ඩුවට එකතු වෙලා හිටියා කියලා අධිකරණ ක්‍රියාදාමයට අත තියන්න ආණ්ඩුවට බැහැ. අධිකරණය ස්වාධීන ආයතනයක්.රටේ ජනතාව අපෙන් බලාපොරොත්තු වෙන්නේ පහුගිය ආණ්ඩුව වගේ දේශපාලන නායකයෝ දාගෙන දූෂණ විරෝධී කමිටු හදලා, එෆ්.සී.අයි.ඩි හදලා  දේශපාලන පලිගැනීම් කරන එක නෙවෙයි. 

පාස්කු කොමිෂන් සහා වාර්තාවෙන් නිර්දේශ නිකුත් කරලා තියෙනවා. ඒ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක විය යුතුයි. අපේ ආණ්ඩුව පත් වුණාට පස්සේ තමයි මේ පිළිබඳ පරීක්ෂණ නිවැරදිව ක්‍රියාත්මක කලේ. අදාල අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කළේ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විතරක් නෙමෙයි එවකට සිටි අග්‍රාමාත්‍යවරයා, පොලීසිය විෂයභාර ඇමතිවරයා ද මේ සම්බන්ධයෙන් වගකිව යුතු බව මගේ ස්ථාවරයයි.

 



අදහස් (14)

‘පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපතිට දඬුවම් දිය යුතුයි‘

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 12 December 2021 01:38 PM

ප්‍රසන්න රණතුංග මහතා සමග අපට දේශපාලනික වශයෙන් යම් යම් අවස්ථාවලදී ගැටළු තිබුණත්, එතුමාගේ මේ කතාවට අප එකඟයි. පාස්කු ප්‍රහාරය වළක්වා නොගත් හිටපු ජනපති, සේනාධිනායක හා පොලිස් ඇමැති ලෙස කටයුතු කළ මෛත්‍රිපාල මහතාට අනිවාර්යයෙන්ම දඬුවම් කළ යුතුයි. වගකිවයුතු පාර්ශව සැමටද දඬුවම් දිය යුතුයි...

:       50       21

fairoosSunday, 12 December 2021 02:52 PM

අනේ මේවා ජනතාව නොමග යවන නාඩගම්

:       29       21

BamunuarachchiMonday, 13 December 2021 08:31 PM

ඒවා අපි බලා ගන්නම්

:       0       0

මසිරිපාලSunday, 12 December 2021 04:08 PM

ප්‍රකාශක ගැන කිසිම පැහැදීමක් නැහැ. නමුත් සමිත සේනක මහතාගේ අදහසට එකඟයි. වෙනත් රාජ්‍ය නායකයෙක් නම් ප්‍රහාරය වෙලාවේ සංචාරය නවතා ආපසු එනවා. නමුත් හිටපු ජනාධිපති ආවේ නැතුවා පමණක් නොවෙයි හිටපු අගමැතිවරයාට හා ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයාට ආරක්ෂක කමිටුව කැඳවීමටත් දුන්නේ නැහැ. අන්තිමට කිසිම නායකයෙක් නොකරන ලෙසට අගමැති ආරක්ෂක ලේකම් වෙත ගියා. එහෙම කරලා ප්‍රශ්නය දුරදිග යාම වැළැක්වූවා. එ් නිසා මෙයට වගකිවයුතු වන්නේ හිටපු ජනාධිපති කියලයි. බොහෝ අය කියන්නේ....

:       22       14

Demuni Uduwara Monday, 13 December 2021 01:27 AM

මම ඔබට අභියෝග කරනවා... කිසිදවසක වෙන්නේ නෑ..!

:       0       0

ජන හඩ Sunday, 12 December 2021 01:59 PM

මොනවා වුණත් මේ කිව්වේ ඇත්ත බව හැමදෙනාටම හිතෙන දෙයක්. ඒත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ...

:       50       13

ravin Sunday, 12 December 2021 02:08 PM

අනේ ඇයි එහෙම කියන්නේ? බලන්නකෝ දැන් ඉන්න හැටි..? කිරි බෝතලේ හරියට කටට ගන්නවත් බැරි ගාණට... කුක්කු ටිකක් බීලා ඉන්න කියන්නකෝ. හා පැටියට වැඩිය අහිංසකයි නේද? දුප්පත්, අහිංසක රටවැසියන්ගේ පූරුවේ කරපු පව...

:       32       15

පිටිගල මිලානෝ Sunday, 12 December 2021 03:00 PM

එකගයි නමුත් මහා මොලකරුත් අල්ලන්න ඕනෑ.

:       37       14

de silva Sunday, 12 December 2021 05:46 PM

ඔබට පුළුවන් මෛත්‍රිපාල සිරිසේනට විරුද්ධව නඩුවක් පවරන්න කටයුතු කරන්න. ඔබ එහෙම දෙයක් ආරම්භ කළොත්, රට වැසියන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවශ්‍ය නම් ඒකට සහාය දක්වලා පෙත්සමක් අත්සන් කරාවි. නමුත් කණගාටුවට කාරණය ඔබලා සියලු දෙනාම කතා කරනවා පමණි. කරන දෙයක් නොමැත.

:       28       17

C.K.Lankaputhra Sunday, 12 December 2021 06:13 PM

දඬුවම් කෙසේවෙතත් බලන්නකෝ එතුමාට ආණඩුව සලකන සැලකිල්ල... ඇමතිකමකුත් දුන්නා, ගෙවල් දෙකක් එකක් කරලා සින්නක්කරේටම දුන්නා. පාර්ලිමේන්තුවේ ඉස්සරහ පේලියේම වාඩි කෙරෙව්වේ. තවතව දේවලුත් දීලයි තියෙන්නේ. මේ ඇමතිතුමා නිකං බයිලා කියනවා. එයාගේ මයිල් ගහකටවත් කාටවත් අත තියන්න බැහැ.

:       18       14

Pradeep Sunday, 12 December 2021 07:57 PM

දඬුවම් ලැබිය යුතුය

:       0       5

Demuni Uduwara Monday, 13 December 2021 01:24 AM

ඉතා හොඳ යෝජනාවක් නමුත් "මහ මොළකරු" එය ප්‍රතික්ෂේප කරයි!

:       0       0

ගමේ එකාලා Monday, 13 December 2021 05:05 AM

දේශපාලුවන්ට නම් නීතියෙන් දඬුම් ලැබෙන එකක් නැහැ. මිනීමරුවෝ, දුශිතයෝ අද නිදහසේ සියලු වරප්‍රසාද භුක්ති විඳගෙන ඉන්නවා. ස්වබාවධර්මයෙන් හෝ දඬුවම් ලැබේවා !

:       0       0

Hafeel Monday, 13 December 2021 09:50 AM

දැන් එයාලා ඔයාගේ කප්පම් කතාව ගැන කියාවි. කොහොම හරි මෙයාලා සේරම වැරදි කරලා තියන්නේ. නමුත් ඔවුන්ට දඬුවම් නැහැ. පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිසමේ වාර්තාව ගැන මෙයා කියනවා. නමුත් කාදිනල්තුමා ප්‍රසිද්ධියේ කිව්වේ ජනාධිපති කිව්වයි කියලා, මෙම වාර්තාව ක්‍රියාත්මක කළොත්, එයා අපහසුතාවට පත්වෙනවා කියලා...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 681 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 1496 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1386 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1490 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 2411 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 1324 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1919 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site