IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


පාස්කු ප්‍රහාර ගැන පෙත්සම් විභාගය ජුනි 7-8-9

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තමන් පෙනී සිටින ඇතැම් වග උත්තරකරුවන්ට පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව මගින් චෝදනා එල්ල වී ඇති හෙයින් ඔවුන්ට තවදුරටත් තමන් පෙනී සිටින්නේ ද යන්න තීරණය කිරීම සඳහා කල් ලබාදෙන්නැයි නීතිපතිවරයා අද ( 08) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත්  ශ්‍රේෂ්ඨාධිකරණ  අද දින පැවැත්වීමට නියම කර තිබූ එම පෙත්සම් විභාගය අවලංගු කළ අතර මෙම පෙත්සම් පිළිබඳ විභාගය ජුනි මස 7, 8 සහ 9 යන දිනයන්වල පැවැත්වීමට තීන්දු  කළේය.

මෙම පෙත්සම් අද (8) අගවිනිසුරු ජයන්ත ජයසූරිය,   එස්. තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙම පෙත්සම් අද (8) දින සිට දින තුනක් නොකඩවා විභාගයට ගැනීම සඳහා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින නියම කර තිබිණි.

පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම පෙත්සම්වල තමන් පෙනී සිටින ඇතැම් වග උත්තරකරුවන්ට පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව මගින් චෝදනා එල්ල වී ඇති හෙයින් ඔවුන්ට තවදුරටත් තමන් පෙනී සිටින්නේ ද යන්න තීරණය කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

අවම වශයෙන් ඒ සදහා තමන්ට සති අටක කාලයක් අවශ්‍ය බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් වරයා අධිකරණයට දන්වා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය අද දින පැවැත්වීමට නියම කර තිබූ විභාගය අවලංගු කළ අතර මෙම පෙත්සම් පිළිබඳ විභාගය ජුනි මස 7, 8 සහ 9 යන දිනයන් වල පැවැත්වීමට තීන්දු  කළේය.

පාස්කු ඉරුදින  ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ ඥාතීන්, කතෝලික පියතුමන්ලා , ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශව 12ක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළහ.

එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.



අදහස් (1)

පාස්කු ප්‍රහාර ගැන පෙත්සම් විභාගය ජුනි 7-8-9

Raveendra Monday, 08 March 2021 07:40 AM

මොන සෙල්ලම දාලා හරි වැඩෙන් ගොඩ එන්නම නේද සෑම අයම තටම තටම බලන්නේ ?? සාධාරණය වෙනුවෙන් ඇස් දල්වා සිටින ඒ අහිංසක මිනිසුන්ව තව තවත් රස්තියාදු කිරීම මොනතරම් පාපයක්ද ...??

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිවරණ සමයේ අනුරට මඩ ගැසූ අය අල්ලනු
2024 නොවැම්බර් මස 06 10 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප


තවත් නඩුවකින් අලෝසියස්ට ඇප
2024 නොවැම්බර් මස 06 21 0

නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර


වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 104 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 252 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පළාත් දෙකක කුණු ප්‍රශ්නය විසඳන්න කොරියාවෙන් ආධාර
2024 නොවැම්බර් මස 06 643 0

කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ


ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින්
2024 නොවැම්බර් මස 06 570 1

’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 26 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site