IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘පසුගිය කාලේ පංචශීලය රැකි එකම පක්ෂය ජවිපෙ‘

අපිට අතීතය දෙස බැලූවිට දවසින් දවස රට අශීලාචාරවන බවත් මෙය වළක්වාගැනීමේ අවශ්‍යතාවය මත ජනතා විමුක්ති පෙරමුණට එකතුවූ බවත් රාජ්‍ය මූල්‍ය විනාශවීම වැනි දූෂණ වංචා සිදුවූ පාලකයින්ට එරෙහිව හඬක් නැගීමට ඉදිරියට පැමිණි බව හිටපු විගණකාධිපති සරත්චන්ද්‍ර මායාදුන්නේ මහතා එම පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීම සඳහා අද (3) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

පසුගිය වසර 25ක කාලය තුළ පංචශීලය රැකි දේශපාලන පක්ෂයක් ඇත්නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ බව එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඔවුහු කීහ.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සමග එහි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂිත ජ්‍යෙෂ්ඨ නීතිඥ අරුණ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය, මහාචාර්ය පියදාස රණසිංහ , එස්.එෆ්. හිස්බි මව්ලානා, සිනමාවේදී අනුරුද්ධ ජයසිංහ, ආචාර්ය ජනක් කුමාරසිංහ යන පිරිස එක්ව සිටියහ.



අදහස් (0)

‘පසුගිය කාලේ පංචශීලය රැකි එකම පක්ෂය ජවිපෙ‘

රංග Monday, 03 August 2015 09:05 AM

දැන් මේගොල්ලෝ පංචශීලය රකිනවා. ඒ කාලේ මතකයි නේද? බොරුද මං කියන්නේ? (නි)

:       0       0

ඉන්දික Monday, 03 August 2015 01:06 PM

අර කොකා සිල්ගත්තා වගේද? (නි)

:       0       0

විජයබාහු Monday, 03 August 2015 01:07 PM

මේ පන්සිල් වලට මුසාවාදයෙන් වැළකීම අයිති නැතුවාවද්ද (නි)

:       0       0

වසන්ජය Monday, 03 August 2015 09:13 PM

දේශපාලන අරමුණු පතා බුදුදහම ගාවගන්න එපා (නි)

:       0       0

ඉන්දික Monday, 03 August 2015 01:13 PM

ඒ කියන්නේ පහුගිය පාලන කාලේ ප්‍රශ්න තිබිලම නැද්ද? 88/89 කාලේ නම් පන්සිල් රැක්කේම නැහැනේ. (නි)

:       0       0

ශ්‍රීලාල් Monday, 03 August 2015 01:22 PM

මෙයාලා රැක්කේ වෙන පන්සිල් පද පහක්ද එත‍කොට. අනේද කියන්නේ. (නි)

:       0       0

ජිනදාස Monday, 03 August 2015 01:25 PM

තරහ අවසර! අපිට ඔය පන්සිල් පද පහ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? (නි)

:       0       0

සුබා Monday, 03 August 2015 09:12 AM

පව් කියලත් හිතෙනවා ඡන්දෙ ගන්න කියන කතා වලට. හිනාවෙලා නිකම් ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

ශානක Monday, 03 August 2015 09:12 AM

මුසාවාදා වේරමණී නම් හරියටම කළා (නි)

:       0       0

සරත් Monday, 03 August 2015 01:26 PM

ඔය හිනහයන කට්ටිය පාට කණ්ණාඩි ගළවලා හැබහින් බැලුවා නම් සිනහව නතරවෙලා අඬන්න වෙනවා ,දේශපාලුවන් රටට කර තිබෙන විනාශයට (නි)

:       0       0

විජයබාහු Monday, 03 August 2015 09:16 AM

පංචශීලයට මුසාවාද අයිති නැද්ද මහත්තයෝ? (නි)

:       0       0

සෑම් Monday, 03 August 2015 09:22 AM

මේ කියන පන්සිල් මොනවද කියලයි මම කල්පනා කළේ (නි)

:       0       0

සරත් Monday, 03 August 2015 09:25 AM

පංචශීලය රැකි ඔබට මෙවර ඡන්දය ෂුවර් නැහැ (නි)

:       0       0

කුමාර් Monday, 03 August 2015 09:31 AM

අනේ මෙයාලා දන්න පංචශීලය (නි)

:       0       0

විමල් Monday, 03 August 2015 10:02 AM

අනේ! රහත් වුණේ එහෙම නැහැනේ? අපරාදේ තව ටිකක් ගියා නම් මෙයාලා රහත් වෙනවා. (නි)

:       0       0

දයාල් Monday, 03 August 2015 10:08 AM

ඇත්ත කියන එක රැක්කාද? නැහැනේ (නි)

:       0       0

ඉමල්කා Monday, 03 August 2015 10:13 AM

අතීතයේ වැරදි තිබුනා. ඒ‌ත් පහුගිය වකවානුවේ ඔවුන්ගේ විශාල වෙනසක් පෙනෙනවා. මම හිතන්නෙ වැරදි හදාගත් අයට සමාව දෙන්න පුලුවන්. අද යම් විශ්වාසයක් තියන්න පුලුවන් ඔවුන් ගැන පමණයි (නි)

:       0       0

දිලිප් Monday, 03 August 2015 10:18 AM

සාපේක්ෂව ගත් කල සත්‍යක්. (ම)

:       0       0

ප්‍රසන්න Monday, 03 August 2015 10:29 AM

මුසාවාදය කැඩුවම හොඳටම ඇති සහෝදරයා (ම)

:       0       0

කණී Monday, 03 August 2015 10:43 AM

සභාවේ තදින් සිනා.......පන්සිල් පද 5 වෙනස් කරලාද? (ම)

:       0       0

නිහාල් Monday, 03 August 2015 10:47 AM

1971 දී මගේ වයස අවුරුදු 20යි. මේවට මට හිනායනවා. (නි)

:       0       0

චන්දිම Monday, 03 August 2015 10:53 AM

මේවා අහපුවහම හොරුන්ට ,දුෂිතයන්ට මල පනිනවා .ඔහේ කියන්නන් වාලේ කියවනවා. (බ)

:       0       0

ප්‍රසංග Monday, 03 August 2015 10:55 AM

අපායේ ඉදල පොඩි කාලෙකට මෙහෙට ආපු අයට මේවගේ දේවල් අහපුවහම උෟරු ජුවල් (බ)

:       0       0

ප්‍රකාශ් Monday, 03 August 2015 12:10 PM

මෙයාලගේ පක්ෂයේ අය ගැන ජනතාව දන්නවා. (නි)

:       0       0

අනුර Monday, 03 August 2015 12:11 PM

මුසාවාද කියමින් ජනතාව හැමදාමත් රවටන්නේ ප්‍රධාන පක්ෂ දේශපාලකයන්ය. නමුත් ජේවීපී දේශපාලනය මෙරටට හොඳ පුර්වාදර්ශයක් දී ඇත. මෙය හෑල්ලුවට ලක්කරන අය නොදන්නා දෙය වන්නේ මෙම දේශපාලකයන් විනාශ කරන්නේ අප දුවා දරුවන්ගේ අනාගතය යන්නයි (නි)

:       0       0

යෝගනාදන් Monday, 03 August 2015 08:58 AM

මේ අය කියන පංච ශීලය වෙන එකක්වද්ද මන්දා? (නි)

:       0       0

ඉන්දික Monday, 03 August 2015 12:43 PM

මට මතක්වෙන්නේම අර දොස්තර හොඳ හිත කාර්ටුන් එකෙත් දියරකුසාගේ පන්සිල්. (නි)

:       0       0

ඉඳුනිල් Monday, 03 August 2015 12:45 PM

මේ රටේ බුද්ධාගමයි පන්සිල් පද පහයි ගැන කියනකොට තදින් හිනා යන අය පහුගිය කාලයේ රටේ වෙච්ච දේවල්වලට කොයි පැත්තෙන්ද දන්නෑ හිනාවුණේ (බ)

:       0       0

ධම්ම Monday, 03 August 2015 09:03 AM

පංචශීලය රැකි එකම පක්ෂය ජවිපෙයි. යම් යම් සිදුවීම් අළලා මෙය එසේ නොවේයැයි යමෙකුට කියන්නට පුළුවන් වුණත් සත්‍යය මෙයයි. (නි)

:       0       0

විජේසුන්දර Monday, 03 August 2015 09:05 AM

නියම කතාව! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1496 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2012 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2512 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5734 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1799 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6392 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18304 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site