IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘පසුගිය කාලේ බිල්ලෙක් අපේ පස්සෙන් හිටියා‘

පසුගිය රජයේ පාලන සමය තුළ ජනතාව ජීවත්වූයේ බියෙන් බවත් කවුරුන් හෝ බිල්ලෙක් අප දිහා බලා ඉන්නවා වගේ බියක් ජනතාවට ඇතිව තිබූ අතර ජනවාරි 8 වැනිදායින් පසු පුද්ගල නිදහස හා අයිතිවාසිකම් ගැන හොඳ තත්ත්වයක් දැකිය හැකි යැයිද ජාතික නිදහස හා සාධාරණ සමාජයක් සඳහා වන විද්වත් සභාවේ කැඳවුම්කරු ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ මහතා අද (11) කොළඹ ගිල්ෆ්‍රඩ් ටෙරස්හි පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

විශ්ව විද්‍යාල ආචාර්යවරු ඇතුළු උගත් බුද්ධිමත් විද්වතුන්ගේ සහභාගීත්වයෙන් තම සංගමය මෙවර මැතිවරණයේදී විවිධ පක්ෂවල මැතිවරණ ප්‍රකාශයන් දෙස බැලූ බවත් එක්සත් ජාතික පක්ෂය අධ්‍යාපනය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැහැදී ඒ වෙනුවෙන් සහයෝගය දෙන බවත් වීරසිංහ මහතා එහිදී සඳහන් කළේය.

එම අවස්ථාවට ආචාර්ය රාහුල දන්දෙණිය, වසන්ත බණ්ඩාර දිසානායක ඇතුළු විද්වත් පිරිසක් එක්ව සිටියහ.

web



අදහස් (0)

‘පසුගිය කාලේ බිල්ලෙක් අපේ පස්සෙන් හිටියා‘

ශ්‍රීලාල් Tuesday, 11 August 2015 11:45 PM

අනේ අපිට නම් කමක් නැහැ මොන පක්ෂයට කඩේ ගියත් (නි)

:       0       0

සූරිය Wednesday, 12 August 2015 01:28 AM

මුතුකුඩ, ඔබට බොහොම ස්තුතියි. (නි)

:       0       0

නිමල් Wednesday, 12 August 2015 01:47 AM

මුතුකුඩ එ‍තකොට විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ හිටපු සභාපතිනිය පැල් බැදන් කඩේ ගියේ තම වෘත්තිය ගරුත්වය කෙලසමින් පහුගිය ඡන්දයෙදි. ඔයා හිතන් ඉන්නේ මහින්ද රාජපක්ෂට කඩේ යන කට්ටිය විතරයි බුද්ධිමත් කියලාද. (නදී)

:       0       0

මුතුකුඩ Wednesday, 12 August 2015 05:20 AM

අනේ අනේ සිංහල රටකට වෙච්චි දෙයක් (නදී)

:       0       0

දිමුතු Tuesday, 11 August 2015 12:33 PM

මට නම් මේක තවත් කතාවක් පමණයි. කතා විතරයි. වැඩ නැහැ (නි)

:       0       0

එරන්ද Wednesday, 12 August 2015 02:43 AM

මේ ගොල්ලන්ට කොටි බිල්ලව එහෙම මතකත් නැහැ වගේ (නි)

:       0       0

උක්කුන් Tuesday, 11 August 2015 01:00 PM

උගතුන්ට විතරක් පෙනෙන බිල්ලෙක්ද කොහෙද? අපි අපේ පාඩුවේ මහන්සි වෙලා හම්බකරගන ජිවත් වුනා. එ්ක නිසා අපි බිල්ලෝ දැක්කේ නැහැ. (නදී)

:       0       0

ඒකනායක Tuesday, 11 August 2015 01:33 PM

සහතික ඇත්ත !! (නි)

:       0       0

නිශාන්ත Tuesday, 11 August 2015 01:50 PM

මේ කතා අහලා මට නම් ඇතිවෙලා (නි)

:       0       0

අනුර Wednesday, 12 August 2015 02:57 AM

නිශාන්ත, නවීන්, නිමල්, ඕක ඔයාලගේ වරදක් නොවේ, උත්පත්තියේ වරදක්. වර්ෂ 1815 කාලේත් හිටියා ඔයවගේම අය. (නි)

:       0       0

සිසිර පැරිස් Tuesday, 11 August 2015 02:01 PM

කොටිය යුද්ද කරන කාලේ මෙයාලා කොහෙද හිටියේ එතකොට බය තිබුනේ නැද්ද ? (නදී)

:       0       0

නිමාෂා Tuesday, 11 August 2015 02:24 PM

ගෝනි බිල්ලෝ බලා ඉන්නවා වගේ බියක් අද දැනෙනකොට 1989 කාලයේ එයාලා කොහේ හිටියද දන්නේ නැහැ. (නි)

:       0       0

සොපී Wednesday, 12 August 2015 03:32 AM

පව් ...අනේ ...මෙයාල ප්‍රකාශ නිකුත් කරන්නේ හරියට කිරි සප්පයෝ වගේ (නදී)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 11 August 2015 03:31 PM

එහෙනම් ඉතින් අපිටත් ඔය බිල්ලෝ පෙනෙන්න එපායැ.. (නි)

:       0       0

සුදේශ් Tuesday, 11 August 2015 03:42 PM

බියෙන් ජීවත්වුණ අපි නම් ඉන් නිදහස ලැබුවෙ 2009 න් පස්සේ. (නි)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 11 August 2015 04:46 PM

හොඳයි හොඳයි අපි බලමුකෝ (නි)

:       0       0

නිශාන්ත Tuesday, 11 August 2015 05:14 PM

කුලියට කරන්නේ කවුද මුතුකුඩ? ප්‍රවෘත්තිය කියන දේවත් හරියට වටහා ගන්න බැහැ (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 12 August 2015 04:27 AM

මන් පොඩි කාලේ තමයි අහල තිබුනේ ළමයි ගෙනියන්න බිල්ලෝ එනවා කියල. අනේ දැන් ලොකු අයත් ගෙනියන්න බිල්ලෝ එනවද? (නදී)

:       0       0

නවීන් Tuesday, 11 August 2015 06:36 PM

ඇයි මේ මුතුකුඩට හොඳටම තරහ ගිහින්? කලිසම් කෝට් ඇඳගෙන හිටියට ඒ මහත්වරු කියල තියෙන්නේ රටේ හැමෝම දන්න ඇත්තක් කියල නිකමට හිතෙන්නේ නැද්ද? නිල් පාට කන්නාඩි ගලවලා සත්‍ය දකින්න උත්සහ කරන්න. (නදී)

:       0       0

කනිශ්ක Wednesday, 12 August 2015 04:41 AM

එතකොට කොටි ඉන්න කාලේ කවුරු බලාගෙන ඉන්නවා වගේද දැනුනේ මහත්තයෝ..(ම)

:       0       0

දුමින්ද Wednesday, 12 August 2015 04:43 AM

88-89 හිටිය ගෝනි බිල්ලන් අමතකද ? (නදී)

:       0       0

ලලින් රෝසා Wednesday, 12 August 2015 04:44 AM

මිනිස්සු ගොඩකට අතීතය අමතක වෙලා,බිල්ලෝ හිටියේ 2000 ගණන් වලද ? එතකොට අැත්තටම බිල්ලෝ හිටපු කාලය අමතක වෙළාද ? (නදී)

:       0       0

මුතුකුඩ Tuesday, 11 August 2015 11:26 AM

මහත්තයෝ ජාතික නිදහස හා සාධාරණ සමාජයක් සඳහා වන විද්වත් සභාවේ ස්වාධීන විය යුතුයි. ඔයාල ඔය කඩේ යනවනේ ඔයාල හිතාගෙන ඉන්න බුද්ධිමත් විද්වතුන් ඔයාල කියල කියන්නේ කොහොමද ඔයාල නිකන් කැම්පස් ගියා ට ඔයාලට වඩා බුද්ධිමත් විද්වතුන් ගමේ ඉන්නවා කලිසම් කෝට් නොදැම්මට නිකන් නයට කහින්න එපා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4013 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


නිවිතිගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 10 0


කෑගල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 17 0


බිබිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 78 0


මොණරාගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 96 0


වලපනේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 186 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14680 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 237 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 124 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site