(ජේ.කේ.එල්. චාමින්ද)
මෙරට ඉකුත් වර්ෂයේ (2023) මහ කන්නයේ දි වී කිලෝග්රැම් මිලියන 2,696ක් නිෂ්පාදනය කොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
වී නිෂ්පාදනය 2022 වර්ෂයේ මහ කන්නයට සාපේක්ෂව 2023 වර්ෂයේ මහ කන්නයේ දි සියයට 39.6කින් වැඩිවි ඇත.
2022 වර්ෂයේ මහ කන්නයේ වි නිෂ්පාදනය වී කිලෝග්රැම් මිලියන 1931.2කි.ඒ අනුව 2022 වර්ෂයේ මහකන්නයට සාපේක්ෂව 2023 වර්ෂයේ මහකන්නයේ දි මෙරට වි නිෂ්පාදනය කිලෝග්රැම් මිලියන 764.8කින් වැඩි වි ඇත.
එමෙන්ම 2023 වර්ෂයේ යල කන්නයේ දි මෙරට වී නිෂ්පාදනය වී කිලෝග්රැම් මිලියන 1,817.4කි. 2022 වර්ෂයේ යල කන්නයේ වී නිෂ්පාදනය වී කිලෝග්රැම් මිලියන 1,461.7කි
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පසුගිය වසරේ මහේදී වී කිලෝ මිලියන 2,696 ක් නිපදවලා
යෝගා Friday, 08 November 2024 11:39 AM
හරි නම් වී නිෂ්පාදනය වැඩිවෙනකොට හාල් මිල පහත වැටෙන්න ඕනෑ. මෙහේ ඒකේ අනික් පැත්ත. හාල් මාෆියාව ආණ්ඩුවේ ඡන්ද ව්‍යාපාරයට සල්ලි වියදම් කරනකොට ජනතාවට පිළිසරණක් නෑ...
කුඹුරුගමුවFriday, 08 November 2024 02:28 PM
යෝගා කුඹුරක් දැකලා වත් නැහැ කියලා හිතෙනවා. නැත්නම් ඔහොම ගොන් කතා කියන්නේ නැහැ. අතීතයේ ඇමරිකාව අස්වැන්න වැඩිවුණාම කලේ සියළු නිෂ්පාදන මිලට ගෙන රටේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් කොටස ගබඩාකර ඉතිරි සියල්ලම ගැඹුරු මුහුදේ ගිල්ලනවා. එහෙම කරන්නේ ගොවියා ආරක්ෂා කිරීමට තමයි යෝගා කියන්නේ... නිෂ්පාදන වැඩිවුණොත් ඇහැරිලා සිටින වෙලාවට ෆෝන් එකේ කොටමින් සිට අනෙක් වෙලාවට ඔලුව දණිස්දෙක අතරේ ඔබාගෙන අස්වැසුම නැත්නම් සමුර්ධි සහනාධාර කකා සිටින අයට නොමිලේ දෙන්න කියලාද නිෂ්පාදන වැඩිවුණාම අඩුමිලට දීලා ගොවීන්ට සිදුවන පාඩුව පියවන්නේ කොහොමද යෝගා...?
sunil Friday, 08 November 2024 01:17 PM
පසුගිය වසර ඉවරයි. දැනට සහල් අර්බුදයක් ඇත. මෙවැනි ප්‍රශ්න විසඳුම් දීමේදී, මෙම මහා කන්නයේ කොතරම් අස්වැද්දිය හැකිද? කොතරම් අස්වැන්නක් ලැබේද? යන ප්‍රශ්නයට දැන්ම පුරෝකථන අවශ්‍යයි. ඒ අනුව පෙර සුදානම තිබිය යුතුයි. එසේ නොවුණහොත්, ලබන මැයි, ජුනි වගේ වනවිට සහල් මිල කලමනාකරණයට ප්‍රශ්න ඇතිවේ.