දියවන්නා කවුන්සිලේ අධීක්ෂණ සයිස් මන්තිරිවරැන්ට වාහනයක් කුලියට ගන්න පහුගිය කාලෙ මාසෙකට ලස්ස දෙක බැගින් ආණ්ඩුවෙන් දුන්න කියමුකො... ඒ මුදල ලබාදීමට එක කොන්දේසියක් පනවලත් තිබුණා. ඒ අනුව කිසිම අමාත්‍යංශයකින් තමන්ට වාහනයක් නොලැබුණ මන්තිරිවරැන්ටයි මේ ලස්ස දෙක මාසිකව දුන්නෙ...
ඒත් අමාත්‍යංශවලින් වාහනත් අරන් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයෙන් මාසෙකට ලස්ස දෙක බැගිනුත් ගන්න පස්දෙනෙක් කරපු ජරමරයක් ගැන දියවන්නා කවුන්සිලේ ලොකු හා හූවක් යනවා...
මේ පස්දෙනා මේ විදිහට සල්ලිත් අරන් වාහනත් ගත්ත කියන ආරංචිය ආණ්ඩුවෙ ඉහළ තැන්වලට ලැබුණෙ පහුගිය දවසෙලු... ඊටපස්සෙ වහාම ලස්ස දෙක ගෙවීම නතර කරන්න නියෝග ලැබිල. තමන්ට මාසිකව ලැබුණ මුදල නොලැබීම නිසා පරලවුණ මන්ත්‍රී මහත්තුරැ පස්දෙනා ඒකට හේතුව දැනගන්න පාර්ලිමේන්තු අමාත්‍යංශයට එකපාරටම කඩා පාත්වෙලා ලොකු ඝෝෂාවක් කළාලු... ඒ ඝෝෂාවට සවන් දීපු අමාත්‍යංශයෙ ලොක්කො මෙයාල සල්ලිත් අරන් වාහනත් ගත්ත කතාව ගැන ලැබුණ පැමිණිලිත් නියෝගත් කියල දුන්නලු...
දෙකෙන් එකක් අතෑරල ආවොත් ප්‍රශ්නය විසඳන්නම් කියලත් කීවලු...
මේ මන්තිරි ගොල්ල කටින් ගහල සල්ලි වාහනයි අත්පත් කරගන්න ගහපු ගේමට ඒ හින්ද ලොකු පොල්ලක් වැටිලලු...
මේ කතාව ආණ්ඩුවෙ ඉහළම කස්ටියත් දන්නව කියලයි ආරංචි...
දැන් හැමෝම බලන්නෙ කව්ද මේ ජරමරේ කරපු පස්දෙනා කියලයි...
මෙයින් එක්කෙනෙක් දොම්පෙට යන පාර දන්න කෙනෙක්ලු: ඊළඟට හාමි.. කෙනෙකුයි රත්න කෙනෙකුයි ඉන්නව. බූරැවන් ගැන ප්‍රසිද්ධ දිස්තිරික්කෙ කේතලෙන් මල්ලක් ගේන පැත්තෙ ජ්‍යෙෂ්ඨ මන්තිරි කෙනෙක්ලු අනික. බදුලු බණ්ඩාරවෙල පැත්තෙ මහත්තයෙකුත් මේ පස්දෙනා අතරේ ඉන්නවා කියනවා...
මුන්නැහේල පස්දෙනාම අලිපාටියෙ කියලත් තතු දත් අය දන්නවා...
70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පස්දෙනාම සූරයෝ