IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


පාස්පෝට් කන්තෝරුව සඳුදා සිට බත්තරමුල්ලේ

වඩාත් කඩිනම් හා කාර්යක්ෂම සේවාවක් මහජනතාවට ලබා දීමේ අරමුණෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය ලබන සඳුදා (29) සිට බත්තරමුල්ල පිහිටි සුහුරුපාය නව ගොඩනැගිල්ලක පවත්වාගෙන යන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කොළඹ 10ල පුංචි බොරැල්ලේ, ආනන්ද රාජකරුණානායක මාවතේ පවත්වා ගෙන ගිය ආගමන විගමන දෙපාර්තමේන්තුව අද (26) සිට වසා තැබෙන අතර අද උදෑසන සිට එහි තිබු බඩු භාණ්ඩ ප්‍රවාහනයට සිරකරුවෝ පිරිසක් සහාය වූහ.

IMG_0511 IMG_0512a

 



අදහස් (0)

පාස්පෝට් කන්තෝරුව සඳුදා සිට බත්තරමුල්ලේ

ඇලෙක්ස් Saturday, 27 August 2016 12:33 AM

පමාවී හෝ කාලෝචිත වටිනා තීරණයක් ගැනීම ගැන ස්තුතියි. පුංචි බොරැල්ලේ, ආනන්ද රාජකරුණානායක මාවතේ සතියේ දිනවල ඇතිවන වාහන තදබදය නිසා වැඩකරන ජනතාවගේ වටිනා කාලයත් ඉතුරුවෙන නිසා මානසික සහනයක් ලැබෙනවා වගේම, ඒ කාලය වෙනත් දෙයකට යොදාගත හැකියි. ඉන්ධන ඉතිරියත් තව ප්‍රයෝජනවත් ගමනකට යොදා ගතහැකියි. රට සංවර්ධනයට මේකත් හොඳ ඉතිරියක්. (නි)

:       0       0

රමණි Saturday, 27 August 2016 03:12 AM

මේ ගොඩනැගිල්ලේ අාබාධිත සහ වයසක අයට පහසුකම් තියෙනවද. මට අපේ අම්මා දඹදිව වන්දනාවේ ගෙනියන්න බැරුව හිටියේ පාස්පෝට් එක හදාගන්න පුංචි බොරැල්ලේ තිබෙන පඩි ගොඩ නිසා. ලිෆ්ට් එකට යන්න කලින් ඒ පඩි නගින්න ඕනෑනේ. (නි)

:       0       0

ජනහිත Saturday, 27 August 2016 03:22 AM

මෙතෙන්ට ගිය කෙනෙක් විතරයි විඳපු දුක දන්නේ. මොනවා නැතත් හරියට හුස්ම ගන්නවත් එතන තිබුනේ නැහැනේ. අවශ්‍ය ලියකියවිලි කරගන්නත් එක්ක රජයේ තැපැල් කන්තෝරුවක් එතන පිහිටෙව්වොත් වඩා හොඳයි. ඔය තිබුන තැන නිසා පොදු පිටස්තර ජනතාවත් දුක්වින්ඳනේ. (නි)

:       0       0

මුණසිංහ Saturday, 27 August 2016 03:28 AM

තැන වෙනස් වුණාම හොඳ සේවයක් දෙන්නේ කොහොමද? එ්කට පිරිස් කාර්යක්ෂමතාව වැඩිවෙන්න එපායැ. (නි)

:       0       0

වසන්ජය Sunday, 28 August 2016 02:12 PM

පගාව ගත් පියන්ලා ඒකෙ හිටියා. අලුත් තැනට ගියා කියලා වෙනසක් වෙන එකක් නැහැ. ඔය කටයුත්ත දිස්ත්‍රික්ක වල ඇති ලොකු පොලිසි වලට පවරනවා නම් පහසුවක් වගේම ආරක්ෂාවක් වගකීමක් ඇතිවෙයි. දුරබැහැර අය කොළඹ රස්තියාදු වෙන්න උවමනාත් නැහැ (නි)

:       0       0

තිළිණ Saturday, 27 August 2016 04:39 AM

ජනතාවට වඩා ඵලදායී සේවයක් වෙනවා නම් හොඳයි (නි)

:       0       0

සාමා Saturday, 27 August 2016 05:02 AM

ස්වීඩන් වල නම් පාස්පෝර්ට් එක හදන්නේ පොලිසියෙන්. ආගමන විගමන දෙපාර්තමේන්තුවක් කියලා ජනතාවගේ කාලය නාස්ති කරන්නේ නැත. (නි)

:       0       0

පීරිස් Saturday, 27 August 2016 05:40 AM

තැන වෙනස් කළාට විතරක් මදි. ජරාව නොකා, අතයට පගාව අරන් පමණක් ඉක්මනට වැඩකරලා දෙන්නේ නැතුව, හැමට සාධාරන විදිහට උසස් සේවයක් කරනවා නම් තමයි හොඳ. (නි)

:       0       0

ශ්‍රියන්ත Saturday, 27 August 2016 06:17 AM

වචනයේ පරිසමාර්ථයෙන්ම වෙනවනම් ගොඩක් හොදයි සාධාරන විදිහට කාටත් එකවගේ (බ)

:       0       0

හේමන්ත Friday, 26 August 2016 11:22 AM

වටේ තිබුන පෙට්ටි කඩ එන්නේ නැහැ නේද? (නි)

:       0       0

සිසිර Friday, 26 August 2016 12:23 PM

තැන වෙනස්වුණාට වැඩ එසේමද දන්නේ නැහැ (නි)

:       0       0

ගයාන් Friday, 26 August 2016 12:34 PM

ගනුදෙනුකරුවෝ අපහසුතාවයට පත්නොකර ඕනෑ දෙයක් (නි)

:       0       0

සරත් Friday, 26 August 2016 12:46 PM

මෙයට හේතුවක් තියෙනවාද? (නි)

:       0       0

වසන්ත රත්නායක Saturday, 27 August 2016 10:00 AM

සාමා ලංකාවේ පොලිසිය හැදුවොත් හොදට හිටි (බ)

:       0       0

කමනි Saturday, 27 August 2016 10:08 AM

ආගමන විගමන දෙපාර්තුමේන්තුවක් මේ වගේ අප්‍රසන්න, අපිරිසිදු, පහසුකම් රහිත තැනක තිබුන එකම රට ලංකාව වෙන්නැති. ආගමන විගමන කියන්නේ ආබාධිතයන්ද ඇතුළු ලෝකය වටේම සිටින පුද්ගලයින් පැමිණෙන තැනක්. අලුත් ස්ථානයේ මේ පහසුකම් ඇති කියා මම හිතනවා. (බ)

:       0       0

මහාදේව Friday, 26 August 2016 01:46 PM

එතකොට ඒක වටේ හිටපු අර ලියන මහත්තුරු ටිකත් අලුත් තැනට යයිද?

:       0       0

නිමල් මඩවල Saturday, 27 August 2016 10:54 AM

මේ කාර්යාලයත් අැවිදිනෙකේ අවසානයක් නැහැ වගේ ,අවසානයට එ්කත් නවතින්නේ මැද පෙරදිග රටක තමා (බ)

:       0       0

බුද්ධි Saturday, 27 August 2016 11:27 AM

මෙම ආයතනය ගැන කව්රු මොනවා කිව්වත් මගේ අත්දැකීම් අනුව රටේ තියන රාජ්‍ය ආයතන වලට ලකුණු දෙන ක්‍රමයක් හැදුවොත් මම මේ ආයතනයේ නිලධාරීන්ට මගේ උපරිම ලකුණු ප්‍රමාණය දෙනවා. මගේ හිතවතෙක් ලේ නෑයෙක් මොකෙක් වත් නැතුව, කිසිම අතයට ගනුදෙනුවක් නැතිව මෙම නිලධාරීන් මගේ අවශ්‍යතාවයන්ට උපරිම සාධාරණය කළ අවස්ථා එමටය. ඔවුන්ට වඩාත් පහසුකම් සපිරි ස්ථානයක් ලැබීම වඩාත් ඉහල සේවයක් ලබාදීමට පහසු වනු ඇත. (බ)

:       0       0

රහීම් Friday, 26 August 2016 03:00 PM

මේක දැන් අැවිදින කන්තෝරුවක් වෙලා. කොටුව, බම්බලපිටිය, බොරැල්ල. දැන් බත්තරමුල්ල (නි)

:       0       0

නිහාල් Friday, 26 August 2016 03:50 PM

හොඳ වැඩක් වගේම මහජනතාවට හොඳ සේවයක් ලබාදෙනු ඇති බවට විශ්වාස කරනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 83 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 47 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 577 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 342 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1742 7

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 672 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39289 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site