IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


පාස්පෝට් කන්තෝරුව සුහුරුපායට

කොළඹ ,පුංචි බොරැල්ලේ ,ආනන්ද රාජකරුණානායක මාවතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලයය ලබන 29 වැනිදා සිට බත්තරමුල්ලේ සුහුරුපායට රැගෙන යාමට නියමිතය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සිකුරාදා (26) දින සිට වසා තැබෙන බවත් 29 දින ගුවන් ගමන් බලපත‍්‍ර එක්දින සේවාව ක‍්‍රියාත්මක නොවන බවත් කියති. 



අදහස් (0)

පාස්පෝට් කන්තෝරුව සුහුරුපායට

අසංග Tuesday, 23 August 2016 11:36 AM

වසන්ජය, හැම දෙයකටම පහුගිය ආණ්ඩුවද පාලි. නිකන් ගොන් කතා කියන්න එපා. (අ)

:       0       0

දිලිප් Monday, 22 August 2016 07:48 AM

මෙයනම් ඉතාම කාලෝචිත පියවරක්. දැනට පවතින කාර්යාලයේ පිහිටීම අපහසුවක් මෙන්ම අධික තදබදයකටද හේතු විඇත. ඉඩපහසුව ඇතිව විධිමත්ව එය වෙනත් ස්ථානයකට ගෙනයාම දැනට පවතින ස්ථානයේ නොයෙකුත් කණ්ඩායම් විසින් අසරණ මිනිසුන් නොමඟ යවමින් හා සූරාකමින් කරගෙන යන වංචනික ක්‍රියාවන් මර්දනය සඳහාද හේතු වනු ඇත. (නි)

:       0       0

රූපසිංහ Monday, 22 August 2016 08:20 AM

මෙම නව ගොඩනැගිල්ල අවට පෙට්ටි තේ කඩ වගේ ස්ථාන, ටයිප්සෙටින් ෆොටෝ කොපි වගේ ස්ථාන පුංචි බොරැල්ලේ මෙන් ඇතිවීමට ඉඩ නොතබන්නේ නම් මැනවි. මෙම පෙරකී සේවා ස්ථාන වඩාත් ක්‍රමවත්ව සහ මනා අයුරින් කරගෙන යාමට වගකිවයුත්තන්ගේ අවධානය යොමු වේ නම් වඩාත් හොඳයි. (නි)

:       0       0

වීරසේන පස්යාල Monday, 22 August 2016 09:17 AM

පිට පළාත් වලින් එන අහිංසකයන් ගසාකන නම් වැරදියට ෆෝරම් පුරවන වගේම හොර සාම විනිසුරුවන්ටත් ඒ පැත්තට එන්ට දෙන්න එපා (බ)

:       0       0

අනුර Monday, 22 August 2016 09:44 AM

දැනට පවත්නා ගුදන්ගිල්ලේ අපි ඇතුලේ සිටිද්දී වායු සමීකරණය පස් වරක් කැඩුන දහස් ගානක් ඇතුලේ ඉන්දැද්දී දෙන්නෙක් එහි කලි ගලවමින් සවිකරමින් අලුත්වැඩියා කිරීමට අසාර්ථක උත්සාහයක යෙදෙනවා දැක්ක විදේශිකයන්ද පැමිණෙන මේ ස්ථානය උසස ලෙස පවත්වා ගත යුතුය (අ)

:       0       0

සාමා Monday, 22 August 2016 09:50 AM

මෙම නව ගොඩනැගිල්ල අවට පෙට්ටි තේ කඩ බුලත් විට සුරුට්ටු බීඩි සරුවත් ලොලි පොප් ලැවරිය කඩ වගේ ස්ථාන, ටයිප්සෙටින් ෆොටෝ කොපි වගේ ස්ථාන පුංචි බොරැල්ලේ මෙන් ඉදිකරන්න පාස්පෝර්ට් වෙන තැනක දෙන්න මේවා නැතිව අපිට හරියන්නේ නැහැ (බ)

:       0       0

රජිත් මංජුල Monday, 22 August 2016 10:38 AM

මම ඉන්න ඉතාලියේ දවසින් පාස්පෝට් නිකුත් කරන ක්‍රම වේදයක් නෑ අන්තර් ජාලයෙන් විස්තර යොමුකරලා ප්‍රදේශයේ පොලිස් ස්ථානයෙන් සතියක් ඇතුලත ලබාගත්ත හැකි. සෙනගත් නෑ ආප්ප කඩත් නෑ තෝස කඩත් නෑ කිසිම වංචාවක් වංචා කාරයන්ට ජනතාව අහුවෙන්නෙත් නෑ. (ර)

:       0       0

නිලූ Monday, 22 August 2016 10:44 AM

ඉතාම කාලෝචිත ක්‍රියාවක්. මේ වෙනුවෙන් කටයුතු කල හැමෝටම ගොඩක් ස්තුති කරන්න කැමතියි. (ර)

:       0       0

අරවින්ද Monday, 22 August 2016 10:47 AM

ඔය පාස්පෝර්ට් නිකුත් කරන එක ප්‍රාදේශීය සභා වලට අනුබධිත කාර්යාල වලින් කරන්නේ නැත්තේ ඇයි? එහෙම කරනම් ඈත පළාත් වල ඉන්න අයට ලොකු පහසුවක් වනවා නේද? දැන් තියන හරියට අනුරාධපුරේ, තිරිකුනාමලේ, මාතර, යාපනය, වැනි දුර පළාත් වල ඉන්න හැමෝම කොළඹට එන්න ඕනේ පාස්පෝර්ට් එකක් ගන්න. මේ තරම් විද්‍යුත් මාද්‍ය, පරිගණක බාවිතා වෙන මේ යුගයේ ඇයි ජනතාවට මේ වගේ පහසුවක් ලබා නෙදෙන්නේ? (ර)

:       0       0

කෙනත් (USA ) Monday, 22 August 2016 06:07 PM

අරවින්ද කියන දේට මාත් එකඟයි, සම පළාතකම පළාත් පාලන ආයතන මගින් මේ සේවාව කලානම් ලොකු සහනයක්, දැන් යාපනේ මිනිහත්, නුවර මිනිහත් , හම්බන්තොට මිනිහත් හැමෝම කොලබට එන්න ඕන ගමන් බලපත්‍රය ගන්න. අඩුම ගානේ කොලබ, නුවර , ගාල්ල , යාපනේ වගේ ප්‍රධාන නගර පහ හයකවත් දැම්මනම් ලොකු සේවයක්. විස නිකුත් කිරීම වුණත් මෙහෙම කලොත් විදේශික සංචාරකයන්ටත් සැහෙන්න පහසුවක් (අ)

:       0       0

ප්‍රසන්න බණ්ඩාර Monday, 22 August 2016 06:32 PM

හොඳ අදහසක් අරවින්දගේ ඒ මගින් සුරා කන්න බැරිවේවි

:       0       0

වසන්ජය Friday, 26 August 2016 06:26 AM

අසංග මගේ මිත්‍රයා පහුගිය ආණ්ඩුව ගැන කිව්වම තද වුනේ මොලයක් නැති නිසයි (බ)

:       0       0

වසන්ජය Monday, 22 August 2016 10:12 PM

කුකුල් කොටුවක් වගේ තිබුනේ ..පහුගිය ආණ්ඩුවේ ලොක්කෙකුගේ බිල්ඩිමක් වෙන්න ඇති .කුලිය කීයක් ගෙව්වද කියලත් හොයා බැලිය යුතුය (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1 0

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 431 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 330 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 631 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 1255 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 559 1

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39253 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25622 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site