(අංජුල මහික වීරරත්න)
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විදේශ ගමන් බලපත්‍ර හිඟය මගහරවා ගැනීම සඳහාගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ නිර්දේශය අනුව "පී " කාණ්ඩයේ විපය රහිත හිස් විදේශ ගමන් බලපත්‍ර 1,100,000ක් වත්මන් සැපයුම්කරු වෙතින් සපයා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කරනු ලැබ ඇත.
ඒ අනුව, මේ වන විට පවත්නා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය ඉවත් කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු පැය පුරාම ක්‍රියාත්මක කිරීම මඟින් දිනකට ගමන් බලපත්‍ර 4,000ක් බැගින් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් සැලසුම් කර තිබේ.
ඒ සඳහා අවශ්‍ය අතිරේක කාර්ය මණ්ඩලය, එම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලබා ඇති නිලධාරින්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව මත කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීම මඟින් සහ දැනට රජයේ සේවයේ නිරත නිලධාරින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විමසමින් අනුයුක්ත කර ගැනීම මඟින් සලසා ගැනීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාස්පෝට් මුද්‍රණයට අමතර කාර්ය මණ්ඩලයක්