(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදයට පිළියමක් ලෙස විදේශමන් බලපත්‍ර ලක්ෂ පහක් හදිසියේ මිලදී ගැනීමට රජය තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙම මිලදී ගැනීමට අදාළ කටයුතු ආරම්භ කර ඇති බවත් සඳුදා මෙය පුවත්පත්වලින් ප්‍රකාශයට පත්කරන බවත් ඔහු කීවේය.
විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමයට දින වෙන් කරවා ගත හැකි බව පැවසූ අමාත්‍යවරයා හදිසි අවශ්‍යතාව වෙනුවෙන් විදේශ ගමන් කඩිනමින් නිකුත් කිරීමට පහසුකම් සලසා ඇති බවත් සඳහන් කළේය.
ශ්රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.
පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා
ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පාස්පෝට් ලක්ෂ පහක් හදිසියේ මිලට ගනී
සාලිය Friday, 24 January 2025 09:14 AM
ක්‍රියාශීලී නැතිද ඔය ආයතනය?
Lalla Friday, 24 January 2025 02:37 PM
ක්‍රියාශීලී නොව නිද්‍රාවට පත් සහ ජරාව කෑම නිසාම අජීර්ණයට පත් නිකමුන් පිරුණ ආයතනයක්.... ආයතන ප්‍රධානියාට වඩා සුඛෝපභෝගීව ජීවත්වන අලබැහැපු සාමාන්‍ය නිලධාරීන් සිටින ආයතනයක්... තේරුම්ගන්න පුලුවන් ඇති නේද?
රට වැසියා Friday, 24 January 2025 09:34 AM
ප්‍රශ්න විසඳිම එකක්, තිබෙන ප්‍රශ්නය කුරුවල් කර ගෙන ඇදගෙන යාම තව එකක්, ආණ්ඩුවේ පාස්පෝර්ට් ජාවාරම නියමයි, සල්ලි දීලා පාස්පොර්ට් මිලදි අරගෙන ගිනි ගනන්වලට රටේ ජනතාවට විකුනනව! රට ක්ලින් වෙනකං බලා සිටිමු!!!
kamal Friday, 24 January 2025 02:18 PM
තවම පාස්පෝර්ට් ප්‍රශ්නේ අනනවා නේ. ඔය ආයතනේ අකාර්යක්ෂමයි. ඉල්ලුම වැඩිම කාර්යය මණ්ඩලය වැඩි කරලා වැඩ කරන වෙලාව දික් කරලා ජනතාවට සේවය සපයන්න නෙමෙයි ද ඔය ආයතන හදලා තියෙන්නේ. නැතුව නිලධාරින් සහ සේවාකයන්ට හිතන හිතන විදිහට වැඩ කරලා පඩි දෙන්ඩ ඕවා තියෙන්නේ. මට එක් දින සේවාවේ දිනයක් දීලා තියෙන්නේ ජුනි මාසේ අන්තිමට. හරිම ශෝක් රජයේ සේවයක්.
mahesh Friday, 24 January 2025 05:21 PM
පාස්පෝට් එකක් ගන්න මාස 6ක් බලන් ඉන්න ඕනෑනම් ආණ්ඩුවක් මොකටද?
de silva Friday, 24 January 2025 09:47 PM
මේ ඔක්කොම ප්‍රශ්න හදන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් , දැනට මාසෙකට දෙකකට කලින් ලක්ෂ 7 1/2 ලැබුණ , පාස්පෝර්ට් ලක්ෂ 5 ආවත් , මේ පෝලිම් දිගටම තිබේවි , දැන් මාර්ගස්ථ ක්‍රමේට ඇනවුම් කලත් මාස 6 බලන් ඉන්න ඕනේ , එහෙම නැතිනම් පගාව 40000-50000 දෙන්න ඕනේ , නිලධාරීන් පාලනය කරගන්න බැරි ආණ්ඩුවකින් පලක් තිබෙනවද ?
Nandalal DE SILVA - France Friday, 24 January 2025 10:24 PM
මේ රජය සූදානම් වෙන්නේ අපේ රටේ රැකියා ප්‍රශ්නය විසදීමට ගත් මාර උපාය මාර්ගයක් වගෙයි. රැකියා විරහිත හැමෝම විදේශ රටවලට අපනයනය කරා ඒ ප්‍රශ්නයටත් තිත තිබ්බනම් මාලිමාව කැහිපට ගහනවා. ඔය පාස්පෝර්ට් කොහෙන්ද ගෙවෙනවානේ. ඒවා ආරක්ෂද? කොපි කරන්න බැරිද? ටෙන්ඩර් දීලද ගත්තේ කියා දහසකිත් එකක් ප්‍රශ්න මගේ ආච්චි අහනවා. එයටත් රට යන්න හිතිලා වගේ?
sanath Saturday, 25 January 2025 11:43 AM
පාස්පෝර්ට් අවශ්‍ය පමණට ඇනවුම් කරලා ලබාගන්න පුළුවන් බව මේ පුවත බැලුවහම සනාථ වෙනවා , දැනට මස 2 පමණ පෙර ලක්ෂ 7 ,1/2 ලැබුන ,ඉදිරියට ලක්ෂ 5 ලැබෙනවා අවශ්‍ය පමණට වැඩිය 3 ගුණයක් පමණ රජයේ සේවකයෝ සිටිනවා , ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල රජයේ සේවකයෝ වාඩි වෙන්න පුටු නැතිව සිටිනවා , කරුණාකර මේගොල්ල පුහුණු කරලා , මේ පාස්පෝර්ට් ප්‍රශ්නේ ඉදිරි මාස 2-3 තුල විසදලා දමන්න රජයට බැරි මොකද දැන් ඉල්ලුම්පත්‍ර භාරදෙන්න දිනයක් ලැබෙන්නේ මාස 5 ක පස්සේ ? රජය අසමත් මොකද?