IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


පාසලකට දරුවෙක් දාන්න කියා සල්ලි වංචා කරලා

(මොහොමඩ් ආසික්)

මහනුවර නගරයේ ජනප්‍රිය  පාසැලකට  2020 වසරේදී සිසුවකු ඇතුළත් කර දෙන බව   පවසමින් රුපියල් ලක්ෂ තුනක් ලබා ගෙන එම මුදල වංචා කළ බව කියන පුද්ගලයෙකු කටුගස්තොට පොලීසිය මගින් අද (26) අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් කුළුගම්මන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් ඔහු ගේ දරුවා මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසැලකට ඇතුලත් කර දෙන බව පවසමින් 2020 වසරේදී මෙම සැකකරු විසින් රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා ගෙන ඇත.

එලෙස ලබා ගත් මුදල වංචා කර ඇති බවත් පවසමින් පසුගිය පෙබරවාරි මාසයේදි කටුගස්තොට පොලීසියට පැමිණිලි කර ඇති අතර ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය මැණික්හින්න ප්‍රදේශයේ පදිංචි සැකකරු  අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

අත් අඩංගුවට ගත් සැකකරු තවත් පුද්ගලයින්ගෙන් මෙලෙස මුදල්  වංචා කර ඇත්දැයි පරීක්ෂා කරගෙන යන බවත් සැකකරු අද 26 වනදා දිනයේම  අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය කියයි‍

 

 



අදහස් (0)

පාසලකට දරුවෙක් දාන්න කියා සල්ලි වංචා කරලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාළුන්ට දැල්දාන්න ගිය එක්දරු පියා දියේ ගිලී මරුට
2024 ඔක්තෝබර් මස 15 86 0

කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .


සුදු සැරයටි පළමු කොඩිය ජනපති ලේකම්ට
2024 ඔක්තෝබර් මස 15 106 0

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා


උදුල් ප්‍රේමරත්නට-බිරියට පහර දුන් අය අධිකරණයට ගේන්න නියෝග
2024 ඔක්තෝබර් මස 15 555 0

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ බිරිද ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන


නුවරදී කොටු වුණු’’ඔන්ලයින් චීන්නු’’හම්බන්තොටත් ඉදලා
2024 ඔක්තෝබර් මස 15 328 0

අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්


උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2024 ඔක්තෝබර් මස 15 98 0

නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය


කැකනදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 15 535 0

මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 487 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1462 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site