IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පාසලට තීන්ත ගන්න ගිහින් දැරිය උසාවියේ

රුපිල් තුන්සිය විස්සක් වටිනා පොල් ගෙඩි අටක්  සොරකම් කළැයි සැකපිට හොරණ මහෙස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ දහතුන් හැවිරිදි පාසැල් දැරියක රුපියල් 50000 ක ශරීර ඇප මත මුදා හරින්නැයි  හොරණ වැඩ බලන මහෙස්ත්‍රාත් මානෙල් ගුණතිලක මහත්මිය නියෝග කළාය.

පාසලේ තීන්ත ගෑම සදහා ඉල්ලා සිටි රුපියල් 800 සෙවීමට ඇය පොල් සොයා අසල වත්තකට ගොස් ඇතැයි ඇය වෙනුවෙන් නොමිලේ පෙනී සිටි නීතීවේදීන් වන තුෂාර ගුණරත්න සහ රොෂාන් දෙහිවල යන මහත්වරු කියා සිටියහ.

හොරණ අරමනාගොල්ලේ කේ.ජී චන්ද්‍රසිරි පැමිණිලිකරුය.



අදහස් (0)

පාසලට තීන්ත ගන්න ගිහින් දැරිය උසාවියේ

ඩයස් Thursday, 07 February 2013 04:07 AM

ඈත්තෙන්ම මෙම දෑරිය ගස්බඩගාලා පොල් කඩලානෑ. වෑටුන පොල් අහුලාගෙන තිබෙන්නේ, නමුත් අනුන්ගේ දේ අනුන්ගෙයි. ලංකාවේ බහුතරයක් බොදු බතිමතුන්, අංගුලිමාල ජාතකය අනුව ඈහිලි 1000ක් කෑපුවේ ගුරු ගෞරවය සදහායි. රුපියල්800 ක් මේ දුප්පත් දරුවාට මහමෙරක් ලෙස හෑගීම සාධාරණ්යි. පාසලට තීන්ත ගාන්න එක ලමයකුගෙන් 800 උනොත් එම පාසලේ ලමයින් ගානෙන් 800 වෑඩිකලොත් කීයක් ලෑබෙනවාද කියලා මාධ්යට කියලා නෑ. නමුත් හෑම විදුහල් පති කෙනෙක්ම 1 වසර ලමයින් ඈතුලත් කර ගෑනීමේදී යම්කිසි මුදලක් අයකර ගන්නවා. එයට අද වෙනතුරු නීතියක් සම්මත වෙලා නෑ. සම්මත උනත් ක්‍රියාවට නගලානෑ. විදුහල් පතීන්ගේ පූද්ගලීක වත්කම් ප්‍රකාශ අදවෙනතුරුත් ලබාගෙන නෑ. ගොඩනෑගිලි අරමුදලට මොකද වෙන්නෙ කියලා කව්ද හොයා බලන්නේ. තීන්ත ගන්න ශ්‍රමදාණයක් දමා ලමයෙකෙග්න් රු.100ක් ලබා ගත්තත් වෑඩේකරන්න පුලුවන්. දෙමව්පියන් දරුවන් වෙනුවෙන් ඒ තරමට කෑපවෙනවා. බාලවයස් දරුවෙකුට මේ ලබපු කටුක අත්දෑකීමක් අපි තරයේ හෙලාදකිනවා. මන්දයත් අපටත් මෙවෑනි දරුවන් සිටින නිසා. කොස් ගෙඩි දෙකේ එස්.පී මහත්තයට කියපු දේ තමා මේ පෑමිනිල්ලටත් කියන්න තියෙන්නේ. තොපට දරුවෝ නෑද්ද?(නදී)

:       0       0

තිසේරා Wednesday, 06 February 2013 04:13 PM

උසාවියේ කාලය,ජනතාව ගේ මුදල් නාස්තිකරන මේවගේ මෝඩ නඩු දාන අයට විරුද්ධව වෙන නීතිය ක්‍රියාත්මක කරලා වියදම පැමිණිල්ලෙන් සහ පොලිසියෙන් අයකර ගන්න ඕනා. කොස් ගෙඩිදෙකේ නඩුව වගේ මයි මෙකත් (ස)

:       0       0

සුනිල් Thursday, 07 February 2013 04:11 AM

දුවේ, ඔයා මේ සිද්ධියෙන් කම්පා වෙන්න එපා. හොදට ඉගෙන ගෙන මේ දුර්ජන සමාජයෙන් මිදිලා ලෝකේ හොද රටකට යන්න.(නදී)

:       0       0

සමන් Wednesday, 06 February 2013 04:17 PM

මේවා අහනෙකාට ඇග හිරි වැටෙනවා. මේ ළමයා පාසැල් යන්න ඕන නිසා මේ දේ කරන්න ඇති. ආයෙත් මේ දරුවා කොහොමද පාසැල් යන්නේ. මිනිස්කම මෙච්චරම පිරිහිලාද ? කවිරුවත් හිටියේ නැද්ද මේක සමතයකට පත්කරන්න. මේ දෙවැන් අවස්ථාව ඒක පාරක් කොස් ගෙඩි දෙකක්. හරක් නිදහස් කරන රටක් නේද මේ.(නදී)

:       0       0

පාලිත Wednesday, 06 February 2013 04:26 PM

අපි මේ ළමයාට දොස් කියන එක වැරදි (දී)

:       0       0

ෂෙහාන් Wednesday, 06 February 2013 04:26 PM

පිටිගල, ඉතාලියේ බාලවයස් කාරයින් අත්අඩංගුවට ගන්න බැරි එක හරි. ඒ වුනාට බාලවයස්කාරයින්ට මෙහෙ තියෙන නිදහස ගොඩක් වැඩියි. අවුරුදු 15, 16 ළමයින්ට රෑට එලියට යන්න ශ්‍රී ලාංකික දෙමමවිපියෝ ඉඩ නොදුන් අවස්ථානල ඒ ළමයි පොලිසියට කතා කරලා දෙමවිපියන්ට අවවාද කරවලා බලෙන් එලියට යනවා රෑ තිස්සේ. ගොඩක් දෙමවිපියෝ කරගන්න දෙයක් නැතිව ඉන්නේ. මෙහෙ ළමයි ලොකු උනහම එයාලට ඕන දේ කරන හින්දා නීතියෙනුත් ළමයින්ට ගහන්න බැහැ.(නදී)

:       0       0

ලියනගේ Thursday, 07 February 2013 05:10 AM

හැදිගාලා හදන කිරිහොද්දෙයි. හැදි නොගාලා හදන කිරිහොද්දෙයි අර්ථය ඔයාලා දන්නවනේ. ළමයෙක් වරදක් කෙරුවනම් දඩුවම් කරන්න ඕනේ. නැත්නම් වැරැද්ද තේරුම් ගන්නේ නැහැ. නමුත් මේ දරුවා පාසල් යන පොඩි එකෙක් . දඩුවම දීලා තියෙන ක්‍රමය තමයි වැරදි.(නදී)

:       0       0

පහන් Wednesday, 06 February 2013 04:53 PM

මගේ හිතට එන ඒවා ලියුවොත් මව සුදුවෑන් එකක දාගෙන යයි . එකක් කියන්නම් කට්ටියම එකතුවෙලා ඒ ළමයාගේ උසාවියට තිබුණ බය ඇරියා. ඒක විශාල වරදක්. (නි)

:       0       0

ආනන්ද Wednesday, 06 February 2013 05:34 PM

මේ පැමිණිලිකරුට තමන්ගෙම දරුවෝ ඉන්නවද?(නදී)

:       0       0

ආනන්ද Wednesday, 06 February 2013 05:39 PM

මේ පැමිණිලි කරුගේ ඥාතියෙක් වෙන්න ඇති රිසානාව මැරුවේ.(නදී)

:       0       0

චාමික Thursday, 07 February 2013 03:46 PM

මට එන කේන්තිය කියන්න වචන නෑ .(ස)

:       0       0

සෙනරත් Wednesday, 06 February 2013 05:56 PM

මේ ළමයා ලැජජාවට මොනවා කරගනීවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ඇතීනා Wednesday, 06 February 2013 05:57 PM

මම දන්නා විදියට මේ ග්‍රීසියේ වුණත් ඔහොම කරන්න බැහැ. අවුරුදු 13 ක ගැහැණු ළමයෙක් මේවා කාට කියන නඩුද? පාසල් ගුරුදෙගුරු, සංවර්දන සමිති මේවාට වගකිව යුතුයි. අධ්‍යාපන ඇමතිතුමාද මේ ගැන සොයා බැලිය යුතුයි. විදුහල්පතිතුමනි, දැන්වත් අහිංසක නැති බැරි දරුවන් ගැන පෙරට වඩා අවධානයෙන් ඉන්න. (නි)

:       0       0

සිවන්ත Wednesday, 06 February 2013 06:04 PM

අහිංසක දුප්පත් අයට හැමදාම වෙන්නේ මේ දේ තමයි.(නදී)

:       0       0

සුමනා Wednesday, 06 February 2013 06:08 PM

කෝට් ගනන් හොරකම්කරන ලොකු මිනිස්සුන්ට කිසිම දඩුවමක් නැහැ. රජ සැප විදිනවා. අහිංසක දරුවන්ව උසාවි දානවා.(නදී)

:       0       0

දිමුල්කා Wednesday, 06 February 2013 06:13 PM

උසාවි ගිනියන්න තිබුනේ ඒ දැරිය නෙමෙයි. එයා ඉගෙනගන්න පාසැලේ විදුහල්පතිතුමාව සහ පන්තිබාර ගුරුතුමියව. ඔවුන්ට අසරන අයගේ දුකක් තේරෙන්නේ නැහැ.(නදී)

:       0       0

අජිත් Thursday, 07 February 2013 10:17 AM

ඉතා සංවේදී කතාවක් (දී)

:       0       0

බන්දුල Wednesday, 06 February 2013 07:17 PM

මෙයා අර කොස් එස්.පී.ගේ සහෝදරයෙක්වද්ද? (නි)

:       0       0

අජිත් Thursday, 07 February 2013 10:27 AM

අගහිග කම පාසලට කියුවානම් ඉවරයි නේ (දී)

:       0       0

වමත් Wednesday, 06 February 2013 01:42 PM

වරදට දඩුවමක දෙන්න ඕනේ, ඒත් මේ තරම් එකක් දුන්න එක වැරදි (දී)

:       0       0

වරුණ Wednesday, 06 February 2013 01:42 PM

ඒ තරම් දඩුවම් කරන්න එපා, අසරණ කමටනේ එහෙම කලේ (දී)

:       0       0

ඉන්දික Wednesday, 06 February 2013 01:51 PM

පොල් ගෙඩි අටට 50,000ක්? බිංදු ගාණ වැරදිලා වද්ද? (නි)

:       0       0

ගිරිගෝරිස් Thursday, 07 February 2013 11:33 AM

එලකිරි අදහසක් දාස මහත්තයෝ !!!! (ස)

:       0       0

ලියෝ Wednesday, 06 February 2013 01:54 PM

මොනවා කියන්නද කියලා තේරෙන්නෙ නැහැ. (නි)

:       0       0

කිත්සිර Wednesday, 06 February 2013 01:54 PM

මේ මහත්තය රෙදි ඇඳගෙනද මේ පැමිණිල්ල දිගට ගෙනියන්නේ? (ස)

:       0       0

නිරාන් Wednesday, 06 February 2013 01:56 PM

පේනවා නේද ආසියාවේ ආශ්චර්‍යය. මිනිස්සු මේ තරම් අසරණ වෙච්ච කාලයක් ඉතිහාසේ පුරාවටම නෑ (ස)

:       0       0

පෙරේරා Wednesday, 06 February 2013 08:16 PM

දරුවෝ නැතුව ඇති. නැත්නම් පෞද්ගලික තරහක් පිරිමහන්න ඇති. (නි)

:       0       0

සාරදා Wednesday, 06 February 2013 01:58 PM

නඩු නැතුවට නඩු . අධ්‍යාපන ඇමතිතුමනි මේ මොකද වෙන්නේ ?? (ස)

:       0       0

කපිල Wednesday, 06 February 2013 02:00 PM

අහිංසක දරුවෝ උසාවි ගෙනියන්න එපා (ස)

:       0       0

ඉසන්ක Wednesday, 06 February 2013 02:01 PM

ගුරුවරු දැන ගන්න ඕන නැති බැරි ළමයින්ට සල්ලි රැගෙන ඒම අනිවාර්ය නොකර සිටීමට... පවු අසරණ ළමයා... නැවත පාසල් ගියාම එහි රැදීම පහසු කාර්යයක් නොවනු ඇත... (ස)

:       0       0

හරූෂා Wednesday, 06 February 2013 02:02 PM

රටේ ලෝකේ කොච්චර අපරාධ වෙනවද ඒව හෙලාකරන්නකෝ..(ස)

:       0       0

දර්ශන Wednesday, 06 February 2013 02:06 PM

පොඩි වරදක් කලොත් උපරිම දඩුවම් දෙනවා, ඒත් කෝටි ගණන් වංචා කරන අය‍‍ට මුකුත්ම නෑ (ස)

:       0       0

ලක්ෂාන් Wednesday, 06 February 2013 08:32 PM

පාසල් නඩත්තුව කරන්නේ රජයෙන්. ළමයින්ට තීන්ත ගාන්න සල්ලි ‍ගේන්න කියන්නේ මොකටද එහෙනම්? (නි)

:       0       0

නවුශාඩ් Wednesday, 06 February 2013 02:08 PM

මේ අසරණ දැරිය කොහොමද ආයෙත් පාසල් යන්නේ ? පාසලේ උදවියක් වගකියන්න ඕනි (ස)

:       0       0

ශිවා Wednesday, 06 February 2013 02:10 PM

මේවට උසාවි යන්න ඕනද ?අහිංසක දරුවන්ට සමාව දීලා පාසලට සල්ලි ටික ‍ගෙව්වනම් හොඳයි නේද ? (ස)

:       0       0

ඇතීනා Thursday, 07 February 2013 07:06 PM

බලාගෙන යනකොට දැන් ඔය පාසල් සංවර්ධනය මර්දනය කරන්නයි වෙන්නෙ, මේ වගේ සිද්ධීන් දිහා බලද්දී. (නි)

:       0       0

ශිරාස් Wednesday, 06 February 2013 02:10 PM

රුපියල් 800 නැති ළමයා 50000 ශරීර ඇප ගෙවන්නේ කොහොමද ?? (ස)

:       0       0

පිටිගල Wednesday, 06 February 2013 08:44 PM

මේ අහිංසක දරුවා මෙයට යොමුවන්න ඇත්තේ අනවශ්‍ය තරගයක් නිසා. කවිද මේකට වග කිව යුත්තේ.(නදී)

:       0       0

රත්න Wednesday, 06 February 2013 02:13 PM

අර කොස් ගෙඩි 2 දෙවැනි කොටස ද? කෝටි ගණන් පිල්ලි ගහන අයට නඩුත් නෑ, දැම්මත් සාක්කිත් නෑ. අසරණයාට රු 50,000 ක ශරීර ඇප.නීතියට ගියකල? (ස)

:       0       0

පිටිගල Wednesday, 06 February 2013 08:52 PM

මේ කුඩා දැරිවිගේ දෙමවිපියන්ට කතාකරල තරයේ අවවාද කරල සමතයකට පත් කරන්න මෙතන හිටි කාටවත් බැරි උනාද?(නදී)

:       0       0

ජානක Wednesday, 06 February 2013 02:14 PM

දැන් ගොඩක් පාසැල්වල තින්ත ගාන වගේ වැඩවලට සල්ලි එකතු කරනවා. මොකද රජයෙන් ඕවට සල්ලි පාස් කරන්නේ ගොඩක් කල් ගිහිල්ලා. ඉතින් දුප්පත් ළමයි කොහොමද සල්ලි ගෙවන්නේ.(නදී)

:       0       0

පිටිගල Wednesday, 06 February 2013 02:16 PM

ඉතාලියේ බාලවයස්කරුවන් අත්අඩංගුවට ගන්න නීතියෙන් බෑ . වරදක් වුණොත් පොලීසියෙන් ගෙදරට ඇවිත් දෙමාපියන් සමග සාකච්ඡා කරනවා (ස)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 06 February 2013 02:18 PM

සහ ගහනව අහිංසක දරුවන්ට මෙහෙම කරනවට,අධ්‍යාපනය වෙනුවෙන් 6% නෙමේ ඊට වැඩියෙන් සල්ලි දුන්නත් පාසල්වලට සල්ලි එකතු කරන එක නවතින්නෙ නෑ, ඒ ගැන බලන්න කෙනෙකුත් නෑ. මම හිතන සහ දන්න හෑටියට දේශපාලනේ ගාවට වැඩියෙන්ම හොරකම් වෙන්නේ පාසල්වල කියලයි (ස)

:       0       0

කුස් Thursday, 07 February 2013 12:34 PM

හොරකම කියන කතාව මෙතනදී අමතකකරන්න වෙනවා. මොකද පාසැල් සංවර්ධනයට මුදල් මේ වන විට දෙමාපියන්ගෙන් අයකරන නිසා දරුවෝ පුදුම විදිහට අසරණ වෙනවා. ඒ දරුවා ඒ රුපියල් 800 ගෙව්වේ නැත්නම් පන්තියෙන් එළියට දානවා. ඒක දරුවෙක්ට වෙන අතවරයක් නෙවෙයිද? ඒ වගේ අවස්ථාවක 13න් හැවිරිදි(ඒක හරිම වැදගත් 13යි කියන්නේ 8-9 වගේ වසර) දරුවෙක්ට තමන්ගේ ගැටවර පෞර්ෂය වර්ධනය වන අවධියකදී කොච්චර බලපානවද? මම දන්න විදිහට පාසලෙන් ඉල්ලන මුදල් නොගෙවීම මත පාසලෙන් දරුවන්ට කොච්චර පීඩනයක් එල්ලකරනවද? මේ වන විට පාසැල් සංවර්ධනය රජය විසින් දෙමාපියන්ට සහ පාසලට පටවලා තියනවා. මේකේ සම්පූර්ණ වරද දරුවගේ නෙවෙයි. ඒ වගේම නීතිය? (නි)

:       0       0

සිල්වා Wednesday, 06 February 2013 02:22 PM

ඔය හොරන පැත්තේ මොන තරම් පොල්වතුවල පොල් වැටිලා යනවද? පොල් ගෙඩි 8 වගේද මේ දරුවගෙ නමට ඇතිවූ කැලල. පාසැල් ගමනත් අවසන් කරයි. මේ දරුවන් රැකබලාගන්න ඕනේ. (නදී)

:       0       0

සිසිර Wednesday, 06 February 2013 02:22 PM

නඩු අහන්නේ කවුද ?? (ස)

:       0       0

බණ්ඩාර Wednesday, 06 February 2013 02:24 PM

දුක හිතෙන කතාවක් (දී)

:       0       0

බැසිල් Wednesday, 06 February 2013 09:20 PM

පවි, අහිංසක දුප්පත් කෙල්ල.(නදී)

:       0       0

ඉසුරන්ගි Wednesday, 06 February 2013 02:25 PM

වරදට දඩුවම (දී)

:       0       0

ලලිත් Wednesday, 06 February 2013 02:28 PM

වරදක් නේ කලේ, දඩුවම් දෙන්න (දී)

:       0       0

ඉසුරන්දි Wednesday, 06 February 2013 02:28 PM

මේවා උසාවි දාන්න දේවල් නෙමෙයි. හරිනම් කරන්න තිබ්බේ ඒ දරුවාගේ දෙමාපියන් දැනුවත් කර ළමයට අවවාධ දෙන එකයි (ස)

:       0       0

බන්දුල Wednesday, 06 February 2013 09:36 PM

මහත්තයෝ ඔහේ පොල් ගස් යටින් යනකොට පරිස්සමින් යන්න .මොකද මේ වැඩේ ආනිසංසයට ඔළුවට පොල් ගෙඩියක් වැටෙන්න පුළුවන් .(නදී)

:       0       0

ඉසුරු Wednesday, 06 February 2013 02:29 PM

තීන්ත අරන් ආවනම් ඉවරයිනේ (දී)

:       0       0

සදුන් Wednesday, 06 February 2013 02:31 PM

කොතනද මෙතන වරද තියෙන්නේ (දී)

:       0       0

නිශා Wednesday, 06 February 2013 02:31 PM

ගෙවල් වල අගහිඟ නිසා පාසලෙන් ඉල්ලන ඉල්ලන සැරේට සල්ලි දෙන්න බොහෝ ළමයින්ට අපහසුයි. එවිට ළමයි මේ තත්වයට පත් වෙනවා. එයට පාසල වගකිවයුතුයි. (ස)

:       0       0

අසෝක Wednesday, 06 February 2013 02:31 PM

සේරටම කලින් මේ වගේ දරුවන්ට දරන්න​ බැරි තරම් බරක් පටවපු පාසල් නිලධාරින්ට​ දඩුවම් කල යුතුයි. (ස)

:       0       0

බන්දුල Wednesday, 06 February 2013 02:33 PM

පාසල් සංවර්ධන සමිතිය මොකද කරන්නේ (ස)

:       0       0

සුනිල් Wednesday, 06 February 2013 09:46 PM

අධ්‍යාපනයට සමිබ්න්ධ මේවාට වග කියන්න ඕනේ කවිද.?(නදී)

:       0       0

සුනිල් Wednesday, 06 February 2013 02:35 PM

කවුද මකට වග කියන්නේ (දී)

:       0       0

චමී Wednesday, 06 February 2013 02:39 PM

ඕවට සල්ලි නොදුන්නම ළමයින්ට විදින්න වෙන කරදර එමටයි. ඒවට විසදුමක් දෙනවානම් හොඳයි (ස)

:       0       0

ෂෙරීෆ් Wednesday, 06 February 2013 10:16 PM

මට එකපාරටම මතක් වුණේ අර කොස් ගෙඩි දෙකේ කතාව. (නි)

:       0       0

මාශා Wednesday, 06 February 2013 02:40 PM

මට මේක දකින කොට මතක් වෙන්නේ මනුතාපය. පාන් ගෙඩියක් හොරකන්කළ වරදට හිරෙ ගියා. කෝටිගණන් හොරකන් කල මිනිසුන් යහතින් එළියේ. මේ අහිංසක ළමයට දඩ. නීතිය මකුළු දැලක් වගේලු . කුඩා උන් අහුවෙනවා. ලොකු උන් කඩාගෙන යනවා. (ස)

:       0       0

බෙනට් Wednesday, 06 February 2013 02:40 PM

නිදහස් අධ්‍යාපනයනම් නි‍යමෙට වැඩ (ස)

:       0       0

පෙරේරා Wednesday, 06 February 2013 02:45 PM

ගිය වැඩේ විතරක් කලානම් ඉවරයිනේ (දී)

:       0       0

අශේන් Wednesday, 06 February 2013 02:49 PM

පුදුම වැඩක් නේ (දී)

:       0       0

සුනිල් Wednesday, 06 February 2013 03:14 PM

දඹුලු ගිහින් තලගොයිත් මරා ගෙනම එන්න ගිහින් (දී)

:       0       0

හනීෆා Wednesday, 06 February 2013 03:33 PM

මට මේ දැරිවියගේ විස්තර එවන්න. මට මුදලින් උදවු කරන්න අවශ්‍යයි. (නි)

:       0       0

තිලකගේ Wednesday, 06 February 2013 03:37 PM

මෙවැනි මානුෂික පුශ්නයකදී මීට වැඩිය සංවේදී යුතුයි. බලධාරීන්ගේ ඇස් ඇරෙන්නත් එක්ක අර ළමයට අපි පුළුවන් හැටියට උදවු කරමු. දුරකතන අංකයක් පල කරන්න. (නි)

:       0       0

ලංකාසිරි Wednesday, 06 February 2013 11:58 PM

අයියෝ! මේවා අහනකොට මරාගෙන මැරෙන්න හිතෙනවා. (නි)

:       0       0

තස්මි කුවෙටර්‍ Wednesday, 06 February 2013 03:37 PM

ලංකාවෙ තියන්නෙ පුදුමාක්කාර ර්‍නිතියක්. (ස)

:       0       0

ජීව Thursday, 07 February 2013 01:26 AM

මේ සම්බන්ධයෙන් නඩුකාරතුමාටත් යමක් කරන්න තිබුණා. දෙපැත්තටම අවවාද කරලා එවෙලෙම නඩුව අහක දාන්න හැකියාව තිබුණා නේද? (නි)

:       0       0

ක්‍රිස්ටි Wednesday, 06 February 2013 03:49 PM

නියමයි! (ස)

:       0       0

ඕෂද Thursday, 07 February 2013 01:45 AM

දරුණු අපරාද සිදුවන රටක මෙවැන් බාලවයස්කාර දැරියක් උසාවි ඇරියේ ඇයි? සමත කරන්න බැරි වුනාද? (නදී)

:       0       0

ලියෝ Thursday, 07 February 2013 01:46 AM

පවුකාර වැඩක්. තීන්ත ගාන්න ඇයි රුපියල් අටසීයක් මේ නැතිබැරි ළමයින්ගෙන් ඉල්ලුවේ. ළමයගේ වයස පෙනුනේ නැද්ද?(නදී)

:       0       0

කමල් Wednesday, 06 February 2013 03:52 PM

මේවට ප්‍රතිචාර දාන අය සියයට අසූපහක්ම පිටරට ඉන්න අයනේ. ජීවත් වෙන අය තමයි දන්නේ ජීවන වියදම. පවි අහංසක මිනිස්සු.(නදී)

:       0       0

සචිනි Wednesday, 06 February 2013 03:57 PM

පව් (ස)

:       0       0

පහන් Wednesday, 06 February 2013 03:57 PM

නොමැත ඇසක කදුලක් නොවටුනොත් රොඩු කැබැල්ලක් දකින්නු නොහැක ලේබිදුවක් නොමලොත් මකුනෙක් මදුරුවෙක් මැරුණත් මේපුරේ මේ මනරම් සමේ උපදින්න මතුවාසනා ....- නන්දා මාලනී (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1319 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 816 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2057 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 411 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 701 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1752 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site