IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


පාසල් අවුලට බේත් නියම කරයි

ගම්පහ   පාසලක සිදුවීයැයි කියන වංචා සහ අවුල් සහගත තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන දෙකක් සිදු කළ බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකය සහ ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයය එම විද්‍යාලයයේ විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පතිවරු ද, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයෙක් එම විද්‍යාලයයෙන් ඉවත් කරන ලෙස නිදේශ කර පළාත් අධ්‍යාපන ලේකම්ට වාර්තා බාර දී ඇත.

පළාත් අධ්‍යාපන ලේකම් ජයන්ති විජයතුංග මහත්මිය පැවසුවේ මේ වන විට ඒ සම්බන්ධයෙන් කටයුතු කෙරීගෙය යන බවයි. හැකි ඉක්මණිනේ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඕ පැවසුවාය.

 මේ පාසල ගම්පහ  මිශ්‍ර පාසලක් ලෙස සංවර්ධන කළ යුතු හොඳම පාසල් ලෙස අධ්‍යාපන බලධාරීහු කියති.

පළාත් විශේෂ විමර්ශන ඒකකය සිය විමර්ශනයේදී 28 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහක් කරගෙන ඇත. 2012 උසස් පෙළ සිසුන් ඇතුළත් කර ගැනීමේ ලේඛණය ඇතුළු ලේඛණ කිහිපයක් ද විමර්ශන කන්ඩායට භාරයට ගෙන තිබේ.

චක්‍රලේඛයන්ට පරිබාහිරව ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දෙමාපිය සංවිධානයක් පිහිටුවාගෙන මුදල් එකතුකරමින් එම මුදල් පාසල් සංවර්ධන සමිති අරමුදලට බැර කර නැතැයි පළාත් විශේෂ විමර්ශන ඒකකය අනාවරණය කරගත් අතර ක්‍රීඩා පුහුණුකරු විදුහල්පති සමග යහපත් සම්බන්ධතාවක් පවත්වා නොගැනීමෙන් අර්බුදයක් ඇති වී ඇති බව ද ආනරවරණය වී ඇත.

2012 වසරේ උසස් පෙළ පන්තිවලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී පහසුකම් හා සේවාගාස්තු වලට අමතරව රුපියල් 1400ක මුදලක් එකතු කරගෙන ඇති අතර ඒ සඳහා රිසිට් පතක් නිකුත් කර නැත. පාසල් සංවර්ධන සමිතිය වෙනුවෙන් රුපියල් 1400ක මුදලක් අයකරගෙන ඇති අතර ඒ සඳහා නිසි අනුමැතියක් ගත් ලිපි විදුහල්පති විසින් ඉදිරිපත් නොකළ බව ද, අංක 2008/17  දරණ චක්‍ර ලේඛය උල්ලංඝණය කර ඇති බව ද පළාත් අධ්‍යාපන බලධාරීහු කියති.

පසුගිය වසරේ 13 ශ්‍රේණියේ විනෝද චාරිකාවට දෙමාපියන් සහභාගී වී නැති අතර ශිෂ්‍යයන් සහ ශිෂ්‍යාවන් දෙපිරිස එකම බස් රථයක ගමන් ගෙන ඇත. කලාප අධ්‍යාපන කාර්යාලයෙන් විධිමත් අවසරයකින් තොරව මේ චාරිකාව යාම මගින් අධ්‍යාපන අමාත්‍යංශයේ අංක 2/ක්‍රිවිබ/49 හා 1992.06.23 දරණ චක්‍රලේඛය උල්ලංඝණය කර ඇති බව විමර්ශන කණ්ඩායම නිගමනය කරයි.

එමෙන්ම විද්‍යාලයට ත්‍රීරෝද රථයක් මිලදී ගැනීමේදී දෙමාපියනට බලපෑම් කර ඇති බව ද, දෙමාපියන් තම දරුවනට වෙනස්කම් වේයැයි බියෙද් මුදල් පරිත්‍යාග කර ඇති බව ද ආනාවරණය වී ඇත.

මේ අතර ගම්පහ කලාප  අධ්‍යාපන කාර්යාලයේ විෂය අධ්‍යක්ෂවරු සහ ගුරු උපදේශකවරු 44 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් එම විද්‍යාලයට ගොස් තවත් විමර්ශනයක් සිදු කර ඇති අතර විදුහල්පතිගේ පරිපාලනය අවිධිමත් බව ද  කුමන හෝ හේතු නිසා නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙදෙනා නිසි ලෙස රාජකාරි ඉටු නොකරන බව ද ඔවුන් නිගමනය කර ඇත.

මේ නිසා විද්‍යාලයේ විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පතිවරු ද, අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයකු ද පාසලෙන් මාරු කරන ලෙස නිර්දේශ කරන විමර්ශන කණ්ඩායම ආදි සිසුන් පාසලේ අභ්‍යන්තර කළමනාකරණයට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා මැදිහත්වීම සිදු කර ඇති හෙයින් අවවාද කර ලිපි යැවීමට ද නිර්දේශ කර තිබේ.



අදහස් (0)

පාසල් අවුලට බේත් නියම කරයි

ලාල් Wednesday, 27 March 2013 12:33 AM

පාසල් වල විතරක් ප්‍රශ්න ඇති කර ගන්න එපා (දී)

:       0       0

ඇලෙක්ස් Wednesday, 27 March 2013 12:41 AM

පරණවිතාන මහත්තයලා වගේ විදුහල්පතිවරු කෝ? (නදී)

:       0       0

වරුණ Wednesday, 27 March 2013 07:36 AM

විනය පරීක්ෂන, විද්වත් කමිටු, ත්‍රිපුද්ගල කම්ටු, බෙල්ල මුලින් හොරු අල්ලලා දුන්නත් ප්‍රතිචාර නැහැ.(නදී)

:       0       0

ස්කාගස් Wednesday, 27 March 2013 07:44 AM

නාත්තන්ඩිය පැත්තෙත් විදුහලක් තිබෙනවා. අනේ කවුරුහරි ඒ ගැනත් ටිකක් හොයලා බලනවද? (නි)

:       0       0

බන්දුල Wednesday, 27 March 2013 09:17 AM

වහං බෙහෙත් දීලා සුව කරන්න ඕන ප්‍රශ්නයක් (දී)

:       0       0

ආරියරත්න Wednesday, 27 March 2013 09:25 AM

නුවර සරසවි උයන මහ විදුහල ගැනත් හොයන්න. මේ විදියටම නිති විරෝධී වැඩ වෙනවා.(නදී)

:       0       0

අජිත් Wednesday, 27 March 2013 09:40 AM

අනේ මේ බියගම කලාපයේ පාසල් ටික විමර්ෂණය කරන්නකෝ (ස)

:       0       0

බණ්ඩාර Wednesday, 27 March 2013 10:12 AM

ලංකාවේ ගොඩක් පාසල් වල මුදල් ගන්න නිසා මේ ගැන දැන්වත් සොයා බලන්න වටිනවා. (නි)

:       0       0

රනුක Wednesday, 27 March 2013 04:36 PM

කොහොම හරි නැවත නොහදෙන්නම බෙහෙත් දෙන්න (දී)

:       0       0

ලසන්ත Wednesday, 27 March 2013 10:20 AM

ලෝකේ කමිටු අටවලා ප්‍රශ්ණ යට ගහන එකම රට මේක.(නදී)

:       0       0

ප්‍රදීපා Wednesday, 27 March 2013 12:47 PM

ගම්පහ විතරක් නෙවෙයි කොළඹ ජනප්‍රිය පාසල් වලත් මේ දේ වෙනවා. එත් හොයලා බලන්න කවුරුත් නැහැ. දරුවන්ට වෙනසක් වෙන නිසා කිසිම දෙමව්පියෙක් මේ ගැන කතා කරන්නෙත් නැහැ. මේ වගේ පොඩි ගණන් නෙවෙයි දෙගුණයක් අය කරනවා අපේ ළමයින්ගෙන්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1450 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 601 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 425 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 685 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 440 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1237 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site