(රංජන් කස්තුරි)
ගුරුවරුන්ට සහ අධ්‍යයන කාර්ය මණ්ඩලයට එන්නත් ලබා දීමෙන් පසු රට තුළ පාසල් පියවරෙන් පියවරට විවෘත කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
පාසල් වසා තබා සිසුන්ගේ අධ්‍යයන කටයුතු නිවැරදිව කළ නොහැකි බවද ලේකම්වරයා කීය.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පියවරින් පියවරට පාසල් විවෘත කිරීමට පියවර ගන්නා බවද මහාචාර්ය කපිල පෙරේරා මහතා කීවේය.
දරුවන් නිවෙස් වලට කොටු කර තැබිය යුතු නොවන අතර අධ්‍යාපන කටකටයුතුවලට අමතරව බාහිර ක්‍රියාකාරකම් සිදු කළ යුතු බවද ඒ සඳහා පාසල් විවෘත විය යුතු බව ද අධ්‍යාපන ලේකම්වරයා පැවසීය.
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
’’පාසල් ඉක්මනින් පටන් ගන්නවා’’
මැක්ස් Friday, 09 July 2021 04:57 PM
අහන්නත් සතුටුයි. හැබැයි ජෝසප් ස්ටාලින්ලා, මහින්ද ජයසිංහලා නම් විරුද්ධ වෙනවා සිකුරුයි.
Sri Lanka Friday, 09 July 2021 08:31 PM
ඔව්, නැතිනම් ළඟදීම ජනතාව කියයි අවුරුදු 02ක් පාසල් වහලා අධ්‍යාපන ඇමැති ඇතුළු හැමෝම නිකන් පඩි අරන් පිනට කනවා කියලා...
මුණසිංහ Friday, 09 July 2021 08:59 PM
ඉතා හොඳයි... ඒත් දරුවො ටික?
ලලිත් අම්බලන්ගොඩගේ. Friday, 09 July 2021 09:44 PM
මීට දශක දෙක තුනකට පෙර ලංකාවේ සෑම ගමකම කුඩා පාසලක් තිබුණා. මම අම්බලන්ගොඩ, අම්බලන්ගොඩ ගොඩහේනේ පාසලක් තිබුණා. දෙල්දූවේ පාසලක් තිබුණා. තිලකපුර පාසලක් තිබුණා. කොබෙයිතුඩුව පාසලක් තිබුණා. උෟරවත්තේ පාසලක් තිබුණා. ඔය විදියට ගමක් ගමක් පාසා පාසලක් තිබුණා. අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය විසින් පමණක් පාලනය කල එවැනි පාසල් 38 ක් දකුණු පළාත් සභාව විසින් වසාදමා තිබෙනවා. අවශ්‍ය නම් එම පාසල්වල සියලු නම් මම කියන්නම්... තෙවතාවක්ම මහ ඇමති හිටියේ අම්බලන්ගොඩ උපන් ෂාන් විජයලාල්... වසර 10 ක් එයා අධ්‍යාපන ඇමැති. ඒ වසා දමමු පාසල් ටික තිබුණා නම් ඒ ගම් වල සියලු ප්‍රාථමික ළමුන්ට පාසල් යන්න තිබුණා. කිසිම අවධානමක් නැතිව. මම හිතනවා ලංකාවේම තත්වේ ඕක තමයි කියලා. මම විදුහල්පතිවරයෙක්... මගේ වැඩ තහනම් කරලා, මම සේවයෙන් පහකලේ පාසල් ඉඩම මංකොල්ල කන්න ආපු දේශපාලකයින්ගේ සහ නිලධාරින්ගේ සුවච, කීකරු ගෝලයෙක් නොවූ නිසා. ගරු අධිකරණය මැදිහත් වී පාසල් ඉඩම බේරා දුන්නා. ඒක ලොකු පිංකමක්... ඒ නිසා ඉතා පරිස්සමෙන්.. කොහොම හරි දරුවන් වෙනුවෙන් පාසල් ඉක්මණින්ම ආරම්භ කරන්න කටයුතු කරන්න. නැතිනම් අධ්‍යාපනය විනාශ වෙනවා. මේ වනවිටත් පුංචි දරුවන් නන්නත්තාර වෙලා ඉවරයි. පාසලට දේශපාලනය එපා...