පාසල් ක‍්‍රිකට් සංගමයේ නව සභාපතිවරයා ලෙස කොළඹ ආනන්ද විදුහලේ විදුහපති එල්. එම්. ඞී. ධර්මසේන මහතා පත්විය. එම සංගමයේ වාර්ෂික මහ සභාව සහ නිලවරණය (2012/2013) ඉකුත්දා කොළඹ නාලන්දා විදුහලේදී පැවැත්විණි.
මෙම නිලවරණයේදී ප‍්‍රධාන ලේකම් ධූරයට සහ උප සභාපති ධූර 7 සඳහා ඡුන්ද විමසීමක් පැවැති අතර මෙවර මහා සභා රැස්වීම පැය 6 කට ආසන්න කාලයක් පැවතීම කැපී පෙනුණි.
දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහලේ ක‍්‍රිකට් භාර ආචාර්ය මෙන්ම පළමු පෙළ ක‍්‍රිකට් විනිසුරුවකු ද වන ඩිල්ෂාන් ද සිල්වා (140) සහ රාගම බැසිලිකා විදුහලේ ක‍්‍රිකට් භාර ආචාර්ය මංජුල වාස් (71) යන මහත්වරු ලේකම් ධූරයට තරග කළ අතර එහිදී ඩිල්ෂාන් ද සිල්වා මහතා වැඩි ඡුන්ද 69 කින් ජය ලැබීය.
උප සභාපති ධූර 7 සඳහා 10 දෙනකු ඉදිරිපත් වීම නිසා ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්විණි.
නව නිලධාරී මණ්ඩලය:
සභාපති - එල්. එම්. ඞී. ධර්මසේන මහතා (විදුහල්පති ) කොළඹ ආනන්ද විදුහල),
ප‍්‍රධාන ලේකම් - ඩිල්ෂාන් ද සිල්වා මහතා (දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල),
උප සභාපතිවරු (7) - ජගත් සේනාරත්න (විදුහල්පති - අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල), සරත්චන්ද්‍ර සිල්වා (විදුහල්පති - පානදුර රාජකීය විදුහල), මේජර් බී. ඒ. ඞී. වානගුරු (විදුහල්පති - දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල), මොහාන් වික‍්‍රමසිංහ (කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල), ජේ. ඕ. එස්. පණ්ඩිතරත්න (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) මංගල ජයරත්න (හඹරණ ඉසුරු පාසල) යන මහත්වරු සහ ඥන පොන්රාජ පියතුමා (විදුහල්පති - යාපනය ශාන්ත ජෝන් විදුහල),
උප ලේකම් - වසන්ත කාරියවසම් මහතා (කොට්ටාව ආනන්ද විදුහල),
භාණ්ඩාගාරික - නිහාල් ප‍්‍රනාන්දු මහතා (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල),
උප භාණ්ඩාගාරික - නිශාන්ත කුමාර මහතා (රත්ගම දේවපතිරාජ විදුහල),
ගණන්පරීක්‍ෂක - එන්. සී. දිසානායක මහතා (වයඹ රාජකීය විදුහල)
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාසල් ක‍්‍රිකට් නව සභාපති ආනන්ද විදුහල්පති ධර්මසේන