IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පාසල් දරුවෝ 125කට ගුවන් සවාරියක්

මත්තල ගුවන් තොටුපොළ ගුවනින් නිරික්ෂණය කරමින්   මව්බිම වටා ගුවන් සවාරියක් යාමට  මෙරට පාසල් සිසුන් එකසිය විසිපස් දෙනකුට අද (27) අවස්ථාව උදාවිය.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින්  තෝරාගත් දක්ෂ දරුවන් සියදෙනෙක් ද,  සිවිල් ගුවන් සේවය පිහිටුවා වසර 100 ක් පිරීම නිමිත්තෙන් පැවති චිත්‍ර තරගයකින් ජයග්‍රහණය කළ දරුවන් විසිපස් දෙනෙක් ද මෙම ගුවන්ගමනට සහභාගී වූහ.

ඔවුන්   ගුවන් ගමනක අත්දැකීම සහ ගුවන් ක්ෂේත්‍ර පිළිබඳ දැනුම ලබා දීමේ අරමුණින්  ශ්‍රී  ලංකන් ගුවන් සමාගම  විසින් මෙම අවස්ථාව දුන්නේය.

ගුවන්ගමන සඳහා සියළු දරුවන් හට විශේෂ ගුවන්ගමන් බලපත්‍රයක් සකස් කර දී තිබූ අතර  ගුවන්ගමනක් සඳහා අවශ්‍ය ලියකියවිලිද ඔවුන් අතට පත්කරනු ලැබීය.

මගීන් 150 කට ගමන් කළ හැකි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ඒ320-200 ගුවන්යානය අද පෙරවරු 9.45 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගමන් අරැඹුවේ දරු දැරියන්ගේ සතුටු සිනහ සහ ඔල්වරසන් හඩ මැද්දේය.

මෙම බොහෝ දරුවන් කිසිදා ගුවන් තොටුපොළක් දැක නොතිබූ බවත් මෙය සිහිනයක් සැබෑ වූවාක් මෙන් දැනෙන බවත් මෙම දරුවෝ ගුවන් යානයේ කවුළු වලින් සිරි නරඹමින් පැවසූහ.

කපිතාන් සජිත් විජේසිංහ සහ කපිතාන් ප්‍රවීන් වෙත්තමුණි යානයේ ප්‍රධාන  ගුවන් නියමුවෝ වූහ. කටුනායක සිට මුහුදු මට්ටමින් අඩි දොලොස්දාහක් උඩට නැංවූ ළමුන් රැගත් ගුවන් යානය මහනුවර,  නුවරඑළිය, බංඩාරවෙළ, කාසල් රී ජලාශය, වික්ටෝරියා, රන්දෙනිගල, ලුණුගමිවෙහෙර, පිදුරුතලාගල, ශ්‍රී පාදස්ථානය දබලාගෙන මත්තල ගුවන්තොටුපොළ උඩින් පියාසර කළ අතර මෙම  ස්ථානයදීම අඩි 7000 ත් 5000ත් අතර උඩින් යානය රඳවාගනිමින් දරු දැරියන්ට එම ස්ථාන ගුවනින් නිරික්ෂණය කිරීමේ අවස්ථාව ලබාදුන්හ.

ජීවිතයේ ප්‍රථම වතාවට ගුවන්ගමනක අසිරිය විඳි දරුවෝ ගුවන්යානය හරවන  අවස්ථාවලදී උද්දාමයෙන් කෑගැසූහ.

මත්තල ගුවන්තොටුපොළ ගුවනින් නිරික්ෂණය කිරීමට අවස්ථාව සලසා දුන් ගුවන්නියමුවෝ පසුව හමිබන්තොට වරාය, තංගල්ල, මාතර, ගාල්ල දකුණු මුහුදු තීරය ඔස්සේ කොළඹට පැමිණ පැයකුත් විනාඩි විස්සක සාර්ථක ගුවන් ගමනක් අවසන්කොට යළි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළගා වුහ.

දරුවන්ට වරින්වර ගුවන් නියමු කුටියට යෑමට ඉඩ ලැබිණි

ශ්‍රී ලංකන් ගුවන්සමාගමේ  පුහුණු කළමනාකාර ප්‍රිමල් ද සිල්වා, පුහුණු උපදේශක ෂෙවෝන් රුද්‍රගු යන මහත්වරුද සහභාගී වූහ. එහි ප්‍රධාන ගුවන්සේවකයින් ලෙස ගිහාක් එලිකේවල සහ ශිරාෂ් රෂ්මි ද කටයුතු කළ අතර  අධීක්ෂණ නිලධාරීණීය  ලෙස  ශිරෝමාලා රත්නායක ද  ගුවන්සේවිකාවන්  ලෙස  ලක්ෂිකා පෙරේරා මාන්ස් රොහාන් සහ ඩිලක් ගුරුසිංහ දමේ ගමනට එක් වුහ.

පපපපපප

මත්තල ගුවන් තොටුපොළ

හම්බන්තොට වරාය



අදහස් (0)

පාසල් දරුවෝ 125කට ගුවන් සවාරියක්

කුරුවිට Sunday, 27 January 2013 09:53 PM

මේ පුංචි සිත්වලට මොන තරම් සතුටක් දැනෙනවා ඇද්ද ? (ස)

:       0       0

ගාමිණි Sunday, 27 January 2013 03:40 PM

ළමයින්ට ලැබුණු විශිෂ්ට අවස්තාවක් (දී)

:       0       0

හසිත Monday, 28 January 2013 11:15 AM

හොඳ වැඩක්. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ස්තූතියි (ස)

:       0       0

තිස්ස Sunday, 27 January 2013 03:41 PM

අගය කළ යුතු හොද වැඩක්. (නි)

:       0       0

බුද්ධික Sunday, 27 January 2013 10:07 PM

නියමයි. හොද වැඩක්. (නි)

:       0       0

නිසාම් Sunday, 27 January 2013 03:47 PM

මෙවැනි අවස්ථාවන් තව තවත් අපේ දරුවන්ට දියයුතුයි. (නි)

:       0       0

නලීන් Sunday, 27 January 2013 03:50 PM

අපේ දරුවන්ට හොද අවස්ථාවක්. ගොඩක් හොදයි. (නි)

:       0       0

පෙරේරා Sunday, 27 January 2013 03:50 PM

ඉතා වටිනා වැඩක්. (නි)

:       0       0

විභූති Sunday, 27 January 2013 03:53 PM

හොද වැඩක්. (නි)

:       0       0

පෙඩ්‍රික් Sunday, 27 January 2013 03:55 PM

බොහොම හොඳ වැඩක්. (ත)

:       0       0

සමර Sunday, 27 January 2013 03:58 PM

නියමයි (දී)

:       0       0

චමත් Sunday, 27 January 2013 03:58 PM

මෙන්න හොඳ වැඩක් ...පුංචි පුංචි සමනලුන්ට පියාඹන්න ලැබිලා. දැක්කම අපිටත් සතුටුයි (ස)

:       0       0

මොහොමඩ් Sunday, 27 January 2013 10:35 PM

ගුවන් සේවයටත්, මෙය සංවිධානය කළ අයටත් අපේ උත්තමාචාරය! (නි)

:       0       0

ජනක Sunday, 27 January 2013 10:41 PM

ස්තූතියි ශ්‍රී ලංකා එයාර් ලයින්. (නි)

:       0       0

ඉන්ද්‍රා Sunday, 27 January 2013 04:13 PM

මෙම අවස්තාව ලබා දුන් සැමට බොහොම ස්තුතියි...දරු පැටවුන්ගේ සතුට මිල කල නොහැකියි .(ස)

:       0       0

සුධීර Monday, 28 January 2013 04:28 PM

නියමයි ශ්‍රී ලංකන් එයාර් ලයින්! (නි)

:       0       0

චමින්ද Sunday, 27 January 2013 11:04 PM

ඒක නම් ඉතාම හොද වැඩක්. දරුවන්ට තම රට ගැන ආඩම්බරයක් ආදරයක් ඇති වෙන මේ වගේ වැඩ වර්ධනය කරන්න ඕනෑ. (නි)

:       0       0

ඉෂාරා Sunday, 27 January 2013 11:05 PM

ඉතා හොද අදහසක්. මගේ හදපිරි ස්තූතිය පුදනවා. (නි)

:       0       0

අනුර Sunday, 27 January 2013 04:30 PM

අපේ රට කොයි තරම් වාසනාවන්තද . ජනාධිපතිතුමාට පින් සිදුවේවා (ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Sunday, 27 January 2013 04:30 PM

කලාතූරකින් අසන්නට දකින්නට ලැබූනූ වැදගත් අවස්ඵාවකි.....!! ශ්‍රී ලංකන් ගුවන් සේවාව මගින් ප්‍රථමවතාවට මවූබිමේ පාසැල් දරැදැරියන්ට අමතක නොවන විශේෂ ගුවන් චාරිකාවක් සළසා දූන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට බෙහෙවින්ම ස්තුති පූදකරන අතර, එම අවස්තාව සංවිධානය කළ කාර්ය්‍ මංඩලයට මූළු මහත් ජනතාවගේ ගෞරවය හා උත්තමාචාරය ලැබේවා....

:       0       0

ඩොනල්ඩ් Sunday, 27 January 2013 04:37 PM

ළමයි හොදට සතුටු වෙන්න ඇති (දී)

:       0       0

සුජීව Sunday, 27 January 2013 04:40 PM

ඉතාම හොද වැඩක්. (නි)

:       0       0

අනුර Sunday, 27 January 2013 11:26 PM

අවංකවම ආඩම්බරයි අපේ රට ගැන. (නි)

:       0       0

සුසන්ත Sunday, 27 January 2013 11:41 PM

ඉතා ‍හොදයි. (නි)

:       0       0

සිල්වා Sunday, 27 January 2013 04:53 PM

දැන් නම් කාටවත් මුකුත් අනන් මනන් කතා කියන්න බැහැ. (නි)

:       0       0

සඳනි Monday, 28 January 2013 12:28 PM

ඉතාමත්ම අගය කළයුතු හොද කාර්යයක් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයට සහ මේ සඳහා මූලිකත්වය ගත් සැමටම ස්තුතියි. තවත් මෙවැනි අවස්ථාවන් පාසල් දූදරුවන් වෙත ලබා දීමට ශක්තිය ‍ධෛර්ය ලැබේවා. (ස)

:       0       0

ලලිත්-කටාර් Sunday, 27 January 2013 04:56 PM

ඉතාමත් අගය කළ යුතු වැඩක්. (නි)

:       0       0

රුසල් Monday, 28 January 2013 12:07 AM

මෙවැනි වැඩ නිසා දරුවන් මවුබිමට ආදරය වෙනවා. (නි)

:       0       0

තිසල් Monday, 28 January 2013 12:11 AM

ගමේ ළමයින්ට සිනහා මුසු මුහුණින් යුතුව හොදින් සැළකූ ඔබ සැමට මාගේ ප්‍රණාමය! (නි)

:       0       0

රෝහිත Sunday, 27 January 2013 05:15 PM

වාසනාවන්ත ළමයි. මම ඔවුන්ට සුභ පතනවා. (නි)

:       0       0

තාරක Monday, 28 January 2013 12:30 AM

ඉතා හොද වැඩක්. මෙයට දායක වූ සියල්ලන්ටම ස්තූතියි. (නි)

:       0       0

ජීව Sunday, 27 January 2013 05:30 PM

අපේ දරුවන්ට කවදාවත් නොලැබෙන අවස්ථාවක්. ගොඩක් හොඳයි, සතුටුයි. (නි)

:       0       0

ගිහාන් Monday, 28 January 2013 01:42 AM

මින්පෙර නොකළ උතුම් ක්‍රියාවක්. ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

පෙරේරා Monday, 28 January 2013 01:46 AM

මේ ගමනට ළමුන් තෝරාගැනීමේදී ගොඩක් අක්‍රමිකතා වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. (නි)

:       0       0

සම්පත් Monday, 28 January 2013 02:04 AM

සෑම දිනකම සිත කළකිරෙන පුවත් අහලා දැකලා එපාවෙලා හිටියෙ. මාස ගානකට පස්සෙ දැකපු මේ පුවතින් සිතට පුදුම සතුටක් දැනෙන්නෙ. අපේ අනාගත පරපුර දිරි ගන්වන මෙවැනි වැඩ සටහන් දිගින් දිගටම කරන්න වාසනාව ශක්තිය ලැබේවා කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

අතුල Sunday, 27 January 2013 05:46 PM

මේක ඉතා හොද කාර්යයක්. (නි)

:       0       0

ඉර්ෆාන් ධර්මා -ඇමෙරිකාව Monday, 28 January 2013 02:04 AM

ඉතා හොද අත්දැකීමක්. විශේෂයෙන් ගුවන් නියමු කුටිය පියාසර කරද්දී දැකගන්න ලැබීම ඉතාම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. (නි)

:       0       0

අත්තනායක Sunday, 27 January 2013 05:49 PM

ඉදල හිටලා ළමයින්ට ලැබෙන අවස්තාවක් (දී)

:       0       0

නාමිලා Monday, 28 January 2013 02:23 AM

මේ ලෙසටම ලංකා මාතාවගේ සියලුම දරුවන්ට අවස්ථාව ලැබෙනවා නම්... (නි)

:       0       0

රෝහණ ඉලෙමෙරුම Sunday, 27 January 2013 06:08 PM

හරිම වැදගත් සිදුවීමක්.. අගය කළ යුතුයි. (ත)

:       0       0

සුරංග Sunday, 27 January 2013 06:14 PM

හොද වැඩක්. (නි)

:       0       0

වීරසිංහ Monday, 28 January 2013 06:24 PM

ඉතාම හොදයි. මේ තෝරාගැනීම පිළිබද නිරවුල්තාවයක් නැති බවයි පෙනී යන්නේ සංවිධානයේ.. (නු)

:       0       0

නුවන් Sunday, 27 January 2013 06:18 PM

මේ ලබාදුන් අවස්ථාව මම අගයකොට සළකමි. ඔබට ස්තූතියි! (නි)

:       0       0

ජයී තිසර Monday, 28 January 2013 03:51 AM

වාසනාවන්ත ළමයින් කණ්ඩායමකට මෙවැනි හොඳ අත්දැකීම් රැසක් ලබාදුන් සැමටම ඉතාමත් ස්තූති කරමි. මේ ළමයින්ගෙන් බොහෝ දෙනෙක් ගුවන් නියමුවන් හෝ ගුවන් සේවක, සේවිකාවන් ලෙස අනාගතයේදී තම ජීවන වෘත්තීය තෝරා ගැනීමට ළමාවියේ මේ ලද අත්දැකීම් ආධාර වීමට ඉඩ තිබේ. (නි)

:       0       0

ලයන් Sunday, 27 January 2013 06:25 PM

හරිම උතුම් වැඩක්. ඒ දරුවෝ මොනතරම් සතුටු වෙන්න ඇද්ද? ගුවන් නියමුවන් දෙන්නත් ඉතාම උසස් විදියට වැඩේ කරලා තියෙනවා. මේකට සම්බන්ධ වුණ සියලුම දෙනාට ගෞරව කරනවා. (නි)

:       0       0

සිසිර Monday, 28 January 2013 04:19 AM

උතුම් දෙයක්. (නි)

:       0       0

නයනී Sunday, 27 January 2013 06:38 PM

වැඩේ නම් හොඳයි. (නි)

:       0       0

අශාන් Monday, 28 January 2013 05:15 AM

අලුත් අද්දැකීමක් (දී)

:       0       0

ගයාන් Thursday, 31 January 2013 04:09 PM

පොඩි දරුවන් මේ වගේ දේවල් වලට කැමතයි . (දී)

:       0       0

චානක Monday, 28 January 2013 07:16 AM

අපේ අනාගත දරු පරපුරේ අනාගතය වෙනුවෙන් කළ හොද ආයෝජනයක්. (නි)

:       0       0

සරත් Monday, 28 January 2013 07:27 AM

ඒක හොද වැඩක් (දී)

:       0       0

සෑමි Friday, 01 February 2013 08:57 PM

සතුටුයි , පිටිසර ළමයි ටිකක් වැඩිපුර ගිනියන්න, එයාල ගොඩක් සතුටු වෙයි.(නදී)

:       0       0

කෙවින් Sunday, 27 January 2013 07:02 PM

විශිෂ්ට ක්‍රියාවක්. (නි)

:       0       0

සුමති Monday, 28 January 2013 07:48 AM

ඉදිරිය හොදයි. ඔහොම යමු. (නි)

:       0       0

කලුගල්ල Monday, 28 January 2013 07:54 AM

අවංකවම ආඩම්බරයි අපේ රට ගැන. මින්පෙර නොකළ උතුම් ක්‍රියාවක්. ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

ඩිකී Sunday, 27 January 2013 07:26 PM

ඉතාමත් හොඳ වැඩක්. අනේ අපේ රටේ ඉන්න අනෙක් ළමයින්ටත් ඔහොම යන්න ලැබෙනවානම්. (ත)

:       0       0

රුවන් Monday, 28 January 2013 08:21 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ගුවන් පථය පරීක්ෂා කරන්න ඉස්සෙල්ලද මේ දරුවන්ව යැවුවෙ? (නි)

:       0       0

ඉෂාර Monday, 28 January 2013 08:25 AM

පෙරේරා මහත්තයා ක්‍රමිකව ළමයි තෝරලා ඔහොම ගමනක් එක්කගෙන යන්නකො එහෙනම්. (නි)

:       0       0

අනුර Monday, 28 January 2013 08:35 AM

ඉතා වටිනා වැඩක්. මේ පුවතින් සිතට පුදුම සතුටක් දැනෙන්නෙ. අපේ අනාගත පරපුර දිරි ගන්වන මෙවැනි වැඩ සටහන් දිගින් දිගටම කරන්න වාසනාව ශක්තිය ලැබේවා කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා! (නි)

:       0       0

අරුණ Sunday, 27 January 2013 07:34 PM

හරිම සතුටුයි. (ත)

:       0       0

ඉරෝෂ් Sunday, 27 January 2013 07:37 PM

හොඳ වැඩක්. (ත)

:       0       0

සංජු Sunday, 27 January 2013 07:37 PM

ඇත්තටම මේක හොද වැඩක්. (නි)

:       0       0

නිරාන් Monday, 28 January 2013 08:49 AM

ගොඩක් වටිනා ක්‍රියාවක්. සමහර උත්සව සඳහා විශාල මුදලක් වැය කරනවාට වඩා මෙවැනි දේ කරන එක ඇත්තටම හොඳයි (ස)

:       0       0

උපුල් Sunday, 27 January 2013 07:38 PM

හොඳ වැඩක් අපේ ස්තුතිය. (ත)

:       0       0

කේ හේමසාර හිමි Sunday, 27 January 2013 07:39 PM

අනේ වාසනාවන්. (ත)

:       0       0

පෙරේරා Sunday, 27 January 2013 07:38 PM

අපි මීටපස්සේ නීවාඩුවට එන්නේ මත්තලටමයි. (නි)

:       0       0

මංජුල Sunday, 27 January 2013 07:51 PM

දරුවන් ආසයි මේ වගේ වැඩ වලට (දී)

:       0       0

දිනේෂ් Monday, 28 January 2013 01:59 PM

ජනාධිපතිතුමාට පින් ! (නි)

:       0       0

කුමාර Tuesday, 29 January 2013 05:59 AM

අදහසත් හොඳයි, වැඩෙත් හොඳයි .(ස)

:       0       0

කමල් Sunday, 27 January 2013 08:04 PM

අති විශිෂ්ඨයි ශ්‍රීලංකා ගුවන් සේවය. ගොඩක් උතුම් ක්‍රියාවක්. (ත)

:       0       0

මදුරංග Sunday, 27 January 2013 08:14 PM

මේක ඉතා හොද කාර්යයක්. (ත)

:       0       0

විමලසිරි Sunday, 27 January 2013 08:26 PM

ඉතා හොදයි. (නි)

:       0       0

ජෝන් Sunday, 27 January 2013 08:32 PM

මේකට ළමයි තෝරා ගත් විදියත් බොහොම විවෘත්ත වුණානම් ඇත්තෙන්ම හොඳ දෙයක් (ස)

:       0       0

හිල්ම් Sunday, 27 January 2013 08:36 PM

සන්තෝසයට කරුණක් (දී)

:       0       0

ඩයස් Thursday, 31 January 2013 01:43 AM

හොද දේවල් කරනකොට ඒවා දකිනකොට ඈලජික් වෙන පිරිසක් ඉන්නවනේ. ඒ අයටයි කියන්නේ. තමන්ගේ පපු කුහරයෙ කැකෑරෙන කුහකකම ඒ අහිංසක දරුවන් විදපු සතුටට ගාවන්න එපා. ඒක හෙණ ගහන අපරාධයක්. වැහිවෙලාවට එළියට යන්නත් එපා. (නි)

:       0       0

නිත්‍යා Monday, 28 January 2013 10:07 AM

දරුවන්ට ලැ‍බුණ හොඳ අවස්තාවක්.(ස)

:       0       0

අල්විස් Tuesday, 29 January 2013 07:48 PM

ගොඩක් වටිනා ක්‍රියාවක්. සමහර උත්සව සඳහා විශාල මුදලක් වැය කරනවාට වඩා මෙවැනි දේ කරන එක ඇත්තටම හොඳයි. අවංකවම ආඩම්බරයි අපේ රට ගැන (නි)

:       0       0

රොෂාන් Monday, 28 January 2013 09:16 PM

කාලෙකින් අහන්න ලැබුණු සිත සතුටු කරවන පුවතක්. (නි)

:       0       0

රොශාන් Monday, 28 January 2013 10:11 AM

මෙච්චර හොඳ වැඩක් කරලත් කට කැඩිච්ච කතා කියන අයත් ඉන්නවනේ (ස)

:       0       0

බණ්ඩා Sunday, 27 January 2013 08:57 PM

අති විශිෂ්ඨයි ශ්‍රී ලංකා ගුවන් සේවය. ගොඩක් උතුම් ක්‍රියාවක්. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 28 January 2013 09:21 PM

මේ මුදල් වියදම් කරලා ළමයින්ගේ බඩ කට පුරවන විදියේ ක්‍රමයක් ගෙනාවනම් මීට වඩා හොදයි.. අද ලංකාවෙ දුප්පතුන්ට උග්‍ර දරිද්‍රතාවයක් තියෙනවා..!(නු)

:       0       0

රෝයි Saturday, 02 February 2013 12:16 AM

සුපිරි වැඩක්. ජය වේවා! (නි)

:       0       0

ඉන්දික Sunday, 27 January 2013 09:28 PM

යානේ එන්ජිම ගැන හොදට බලලා නේද ගියේ? (නි)

:       0       0

ශාන් Monday, 28 January 2013 10:37 AM

සමහරුන්ට මැජික් (ස)

:       0       0

වසන්ත Sunday, 27 January 2013 09:52 PM

බොහොම හොඳ වැඩක්. අපේ ජනපතිතුමා හරිම කාරුණිකයි (ස)

:       0       0

කුරුවිට Sunday, 27 January 2013 09:53 PM

සිරි ලංකා මවගේ අනාගතේ " රැදී ති‍බෙනුයේ දරුවෝ අතේ " ඔබලාට සැමදා ජය (ස)

:       0       0

පී. කලරත්න Tuesday, 29 January 2013 02:20 PM

මම කරනවා හොඳ වැඩක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 748 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1604 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2326 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5980 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4096 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1053 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site