IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පාසලේ ප්‍රශ්නෙකට ලෙඩුන්ගෙනුත් පළිගනිති

මාතර වැල්ලමඩම මහින්ද රාජපක්ෂ විදුහලේ පරිපාලනයට එරෙහිව මව්පියෝ පිරිසක් මාතර වැල්ල මඩම පාර අවහිර කරමින් අද (23) උද්ඝෝෂණයක් ඇරඹූහ.

උද්ඝෙෘ්ෂකයෝ හදිසි ලෙඩුන් ගෙන යන ගිලන් රථ පවා අවහිර කළහ.

1 2 3 4 5 mathara viber-image



අදහස් (0)

පාසලේ ප්‍රශ්නෙකට ලෙඩුන්ගෙනුත් පළිගනිති

උද්දික Thursday, 23 June 2016 05:38 AM

ගිලන් රථ අවහිර කරලා මොනවද මේ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ? මහාමාර්ග අවහිර කරන එක විලාසිතාවක් අපේ අයට. ආණ්ඩුව සහ පොලීසිය මේ සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ගයක් ගතයුතුය (නි)

:       0       0

ලුම්බිණි Thursday, 23 June 2016 05:56 AM

පාර අවහිර කරමින් කරන උද්ඝෝෂණ ඉතාමත් අසාධාරණයි. ප්‍රශ්නයකට සාධාරණ විසඳුමක් ඉල්ලමින් අසාධාරණ දේවල් නොකළ යුතුයි. ආණ්ඩුව සහ පොලීසිය මේ සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ගයක් ගතයුතුයි. (නි)

:       0       0

උපාලි Thursday, 23 June 2016 06:00 AM

උද්දික, ඔබ හරි. හැබැයි අපි ඔහොම හිතුවට පාරවල් අවහිර කරලා මහජනතාවට කරදර කරලා හරි ඉල්ලීම් දිනාගන්න එක හරි කියලා හිතන පිරිසකුත් ඉන්නවා. බලන්නකො මේ ප්‍රවෘත්තියටම ඉස්සරහට ලැබෙන ප්‍රතිචාර කොහොමද කියලා. (නි)

:       0       0

ටෙෂාන් Thursday, 23 June 2016 06:19 AM

ලංකාවේ මිනිස්සු මෙච්චර ම්ලේච්ඡයි කියලා දැනගත්තේ අද. (නි)

:       0       0

චතුරි Thursday, 23 June 2016 11:14 AM

මෙවැනි තත්වයට. මිනිසුන් වැටෙන්නේ ඒ අයගේ දුප්පත් අසරණකමට. ඒ මිනිසුන්. වෙනුවෙන් වෙන් කරන. මුදල්. ප්‍රභූලා හොරෙන් කනවා. ,ඊට පසු මේ මිනිසුන්ට කාගේ පිහිටක්ද (බ)

:       0       0

මිස්සක Thursday, 23 June 2016 06:18 AM

මහින්ද රාජපක්ෂ නම ගෑවුණොත් ප්‍රශ්නයක් වගේ මේ දවස් වල. (නි)

:       0       0

පෙරේරා Thursday, 23 June 2016 06:19 AM

ලෙඩුන්ට ප්‍රතිකාර කරන්න කැපවුණ දොස්තරලා රෝහල් පිටින් රෝගීන්ව පරදුවට තියලා තමුන්ගේ අවශ්‍යතා කරගන්න රටේ, මේ මිනිස්සු තමුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ගිලන් රථයක් අවහිර කරන එක පුදුමයක් නෙමෙයි (නි)

:       0       0

සරණපාල Thursday, 23 June 2016 06:23 AM

මොවුන්ට දඬුවම් කරන්න. අර ගිලන් රථයේ ඉන්න ලෙඩාට අනතුරක් වුණා නම්? (නි)

:       0       0

ශාන් Thursday, 23 June 2016 06:34 AM

ඕනෑදේටයි එපාදේටයි හැමදේකටම පාරට බහිනවා. මේවට නිසි දඬුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Thursday, 23 June 2016 06:40 AM

උද්ඝෝෂණය කරනවා කියලා අනිත් අයට හිරිහැරවෙන විදියට සහ අන් අයගේ අයිතිවාසිකම් සහ නිදහසට බාධාවෙන විදියට කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය. මහාමාර්ගය හරස් කරගෙන උද්ඝෝෂණය කරන අයගේ කවුරුහරි ඥාතියෙකු, මවක, බිරිඳ හෝ දරුවකු ඔය මාර්ගය ඔස්සේ හදිසියේ රෝගීවෙලා ගෙන ගියා නම් ඔවුන් බාධා කරයිද? කීයටවත් නැහැ. කිසිම හිතක් පපුවක් නැති අය (නි)

:       0       0

බණ්ඩාර Thursday, 23 June 2016 06:42 AM

පාර අවහිර කරන එක සාධාරණයි කියලා කියන්නේ නැහැ. නමුත් මේ විදුහල්පතිවරයා ළමුන්ගේ ජීවිත එක්ක කරන සෙල්ලම ඉතාම භයානකයි නේද? අදහස් ප්‍රකාශ කරනවිට ගැටලුව ගැනත් දැනගැනීම වඩාත් උචිතයි නේද? (නි)

:       0       0

රොහාන් Thursday, 23 June 2016 06:48 AM

මේවා සම්පුර්ණ වැරදි වැඩ. මේවා පසුපස දේශපාලන හස්තයන් ඇති. අපි මෙවන් නුසුදුසු කටයුතු හෙළාදකිමු (නි)

:       0       0

උදය Thursday, 23 June 2016 06:51 AM

මෙතන තියෙන්නේ නීතිවිරෝධී රැස්විමක්. මෙය විසුරුවා හැරීමට පොලිසියට බලය තිබෙනවා නේද? (නි)

:       0       0

රවී Friday, 24 June 2016 04:01 AM

දැක්කා නොදැක්කා මෙහෙමත් මිනිස්සු නොදැක්කා. මෝඩ උගත් පිරිසක් (නි)

:       0       0

සෑම් Thursday, 23 June 2016 07:17 AM

මීට වසර විසිපහකට විතර පෙර චීනයේ එවකට පීකිං නගරයේ 'ටියානන්මාන්' චතුරශ්‍රයේ තිබුණු උද්ඝෝෂණයට වෙච්ච දේ අපේ මිනිසුන්ටත් යන්තමට හරි මතක් කරලා දුන්නා නම් ජීවිතේට කවදාවත් කිසිවෙකුට හිරිහැර වෙන විදියට උද්ඝෝෂණ කරන්නේ නැහැ. අපේ රටේ යහපාලනය නිසා ලැබී තිබෙන නිදහස පාවිච්චි කරන්න නොදන්නා පිරිස වැඩියි. (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 23 June 2016 07:29 AM

නිදහස අසීමිත වුණාමත් එයින් ලැබෙන පලවිපාකත් උපරිමයි. හැබැයි පසුගිය රජය සමයේ මෙහෙම උද්ඝෝෂකයෝ හා උද්ඝෝෂණ දකින්න ලැබුනේ නැතිතරම්. බලන්න ඒකෙත් වෙනස නේද? (නි)

:       0       0

රොහාන් දයාදර Thursday, 23 June 2016 07:27 AM

උද්ඝෝෂණ ප්‍රංශයේ වගේ තහනම් කළයුතුයි. දැඩිනිති පනවන කටයුත්ත රජයේ දැඩි වගකීමක් බව මම තරයේ විශ්වාස කරමි. ඉදිරියේදී මොන රජයක් රට පාලනය කළත් එය පොදු නීතියක් වියයුතු වේ (නි)

:       0       0

සිරි Thursday, 23 June 2016 07:32 AM

මොන හේතුවකටවත් ගිලන් රථ අවහිර කිරීම අනුමත කරන්න බැහැ (නි)

:       0       0

සුනිමල් Thursday, 23 June 2016 07:30 AM

මේ පාරවල් වහන විලාසිතාව මුළු රටපුරාම තහනම් කරන උසාවි නියෝගයක් ගෙනෙන්න ඕනෑ. සියලුම මාර්ග සේවය අතිවශ්‍ය ස්ථාන ලෙස නම් කරන්න ඕනෑ. මහජනයාට හිරිහැර නොවන විදියට තිබිය යුතුයි. සුළු කොටසකගේ ප්‍රශ්න මුළු රටේම ප්‍රශ්න නොවේ. (නි)

:       0       0

කසුන් Thursday, 23 June 2016 07:32 AM

මෙවැනි ආකාරයෙන් ජනතාවගේ එදිනෙදා ජන ජීවිතය කඩාකප්පල් කිරීම සාධාරණද, අසාධාරණද ප්‍රශ්න කිරීමට වඩා වැදගත් වෙන්නේ මුල් අවස්ථාවේදීම මෙවැනි දෑ ඇතිවීමට හේතු කාරණා සොයාබලා උද්ඝෝෂණය ආදියට මිනිසුන් තල්ලු නොකරන තත්වයට බලධාරීන් සොයාබලා කටයුතු කිරීමයි (නි)

:       0       0

දිනේසා Thursday, 23 June 2016 07:59 AM

දැන් උද්ඝෝෂණ ශ්‍රී ලංකාවේ... ස්ටයිල් එකක්... වෙලා ඉදිරියේදී අබු සැමි අරගලය කටත් පාරවල් වහලා උද්ඝෝෂණ කරාවි මේවාට නීති දැන් ඉතා දැඩි අවශ්‍ය තාවයක් උද්ගත වී ඇත. (ම)

:       0       0

ජයම්පති Thursday, 23 June 2016 08:10 AM

හැම දාමත් කියනවා වගේ අසරණ මිනිස්සු තමයි දුක් විඳින්නේ. මේ හැම එකක්ම පිටුපස දේශපාලනය තියෙනවා ඒ නිසා පොලිසියත් බයයි. (බ)

:       0       0

දුමින්ද Thursday, 23 June 2016 08:07 AM

රට පාලනයක් නැති නැවක් වගේ (බ)

:       0       0

සහන් Thursday, 23 June 2016 02:20 PM

මේ පාසලට එන්නේ දෙවුන්දර, වැල්ලමඩම, කොට්ටෙගොඩ පැතිවල ළමයි. වැඩිපුරම ළමයින් මේ පාසලට දැම්මේ මහරජතුමාට කඩේ ගිය අයගේ. මේ පැතිවල ඉන්න මිනිස්සු හැමදේටම ගන්නේ මාළු මන්නය (නි)

:       0       0

විදුවර Thursday, 23 June 2016 08:17 AM

මාර්ග අව්හිර කරන්නේ අවදානය ලබාගන්න සහ ප්‍රශ්නයට ඉක්මන් විසදුමක් ලබන්න වුනාට පාරේ යන මිනිස්සු මේවාට වගකියන්න උවමනාද ? (ම)

:       0       0

ඔස්මන් Thursday, 23 June 2016 08:18 AM

මෙහෙම ගියෙත් අපිට හෙලිකොප්ටර් වලින් තමයි ගමන් බිමන් යන්නවෙන්නේ (ම)

:       0       0

නිලන්ති Thursday, 23 June 2016 08:34 AM

ගිලන්රථ වලට යන්න නොදුන්න එකනම් අනුමත කරන්න බැහැ. (ර)

:       0       0

පියසේන Thursday, 23 June 2016 08:53 AM

මිනිස්සු පාර්ලිමේන්තුව, ඇමැතිලාගේ ගෙවල් අමාත්‍යංශ අවහිර කරගෙන උද්ගෝෂණ කරන්නේ නැත්තේ ඇයි හැබෑට? ඒක ඔයිට වඩා ප්‍රායෝගික නැද්ද? නැත්නම් බයද? (ර)

:       0       0

සේන Thursday, 23 June 2016 09:00 AM

ඉතාමත් කනගාටු දායක තත්වයක් මිනිස්සු මෙච්චර පහත් තත්වයකට වැටෙන්න හොද නැහැ. (ර)

:       0       0

චන්දන Thursday, 23 June 2016 10:25 AM

මේවා සංවිදානය කරන අයගේ මෝඩකම. කලාප අද්‍යාපන කාර්යාලය වටලන්න ඕන දේ වෙන්නේ නැත්නම්. අමාරු ලෙඩෙකුටවත්, දුර පළාතක ඉදලා එන කෙනෙකුටවත් මේ ප්‍රශ්නය අදාලත් නැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට වැසි
2024 ඔක්තෝබර් මස 04 28 0

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 2040 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 1056 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 916 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 714 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 2441 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38819 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site