IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


පාසල් පහසුකම් ගාස්තුවලට ඇමති මැදිහත්වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාසල්වල පහසුකම් හා සේවා ගාස්තු අය කිරීම නැවැත්වීම  සම්බන්ධයෙන්  තමා මැදිහත් වන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  පාර්ලිමේන්තුවේදී අද (1) පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා  මේ සම්බන්ධයෙන්  මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මේ කාරණය ගැන පෙන්වා දීම ගැන විපක්ෂනායකවරයාට තමා ස්තූතිවන්ත වන බවද  අමාත්‍යවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම ප්‍රශ්නය මතු කරමින්  රටේ බොහෝ පාසල්   පහසුකම් හා සේවා ගාස්තු අය කිරීමට  පටන් ගෙන ඇති හෙයින්  රටේ ලොකු ආර්ථික ප්‍රශ්නයක්  පවතින අවස්ථාවක  මවුපියන් මත  මේ ආකාරයට බර පැටවීම අසාධාරණ බව   ප්‍රකාශ කළේ‍ය.

සමහර පාසල් පහසුකම් ගාස්තු සහ සේවා ගාස්තු සමග දරුවන් රැගෙන එන ලෙස දැනුම් දී ඇතැයිද  ඔහු සඳහන් කළේය.

දරුවන්ගෙන් මෙලෙස  මුදල් අයකිරීම කන්නන්ගර ප්‍රතිපත්තියට එකඟ දැයි ප්‍රශ්න කළ විපක්ෂනායකවරයා මෙලෙස මුදල් අයකිරීම අය කිරීම නවත්වන ලෙස දැනුම් දෙමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන්නැයි තමා අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද ප්‍රකාශ කළේය.



අදහස් (4)

පාසල් පහසුකම් ගාස්තුවලට ඇමති මැදිහත්වෙයි

D. Nanayakkara Wednesday, 01 December 2021 02:15 PM

දෙමාපියන්ට දරාගන්න අමාරුයි. එක ළමයෙකුගෙන් 4500ට වැඩි මුදලක් ගෙවන්න ඕනෑ.

:       0       1

සාරංග Wednesday, 01 December 2021 02:16 PM

මගේ දුව ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ... මෙවර ශිෂ්‍යත්වයට මුහුණ දෙනවා. පහසුකම් ගාස්තු වසර 2ම පන්දහස් ගණනක් ගෙවන්න කිව්වා. නැත්නම් විභාගයට අත්සන් කරන්න දෙන්නේ නෑ කිව්වා. අමාරුවෙන් ගෙවලා දැම්මා. නමුත් කිසිම පහසුකමක් නෑ. වැසිකිළි වල වතුර නෑ. මේවා බලන්න කවුරුත් නෑ...

:       2       2

Dissanayake Wednesday, 01 December 2021 02:20 PM

පාසල් ගාස්තු ගෙවන ලෙස දන්වා දරුවන් මගින් පණිවිඩ පාසලෙන් අපවෙත එවයි. අපද මේ දිනවල ඉන්නේ බොහෝ දුෂ්කර තත්වයක් මත... ඇත්තටම පාසල් පහසුකම් ගාස්තුව. විතරක් නොව දැනට පාසල් සංවර්ධන ගාස්තුද අය නොකරන ලෙස දන්වමි. අපට විතරක් නොව මුලු රටටම බලපාන කරුණක් නිසා මෙය වහාම නතර කිරීමට රජය වගබලාගත යුතුයි.

:       0       3

Lalith M Wednesday, 01 December 2021 07:23 PM

පහසුකම් ගාස්තුව අයකිරීම වරදක් නොවේ. තම දරුවන්ට එවැනි ගෙවීමක්වත් කරන්න බැරි අය දෙමාපියන් විය යුතුද? දරුවන් පෝෂණය කරන්නත් රජයට කියයි. එතකොට තව තව දේත් ඉල්ලයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 530 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 951 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 469 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1274 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 716 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3080 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1889 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site