IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


පාසල් යන කාලේ නම් මම ගොඩක් දක්ෂ ක්‍රීඩාවට

2016-12-12-ent-03

අද "සාරවිට" තරු කතා බහ තුළින් ඔබ හමුවන්නේ මොරින් ගුණතිලකය. මීට වසරකට පෙරදී නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පිවිස ඇති මොරින් මේ වන විට බොහෝපිරිසක් දන්නා අඳුනන මෝස්තර නිරූපිකාවක් බවට පත්ව සිටින්නීය. දැනට විවිධ කලා කටයුතු සඳහා සිය දායකත්වය සපයන ඇය සිය නිරූපණ දිවියේ ඉදිරි ඉලක්ක ගන අපිට මෙසේ පැවසුවෙමු.

 

නිරූපිකාවක් වෙන්නේ?

2016-12-12-ent-06පාසල් අධ්‍යාපනය නිමාවත් එක්ක. දැන් අවුරුද්දකට විතර කලින් තමයි නිරූපණ ක්ෂේත්‍රය මම සම්බන්ධ වුණේ. මුලින්ම මනාලියන්ගේ විලාසිතා දැක්මවලට දායක වුණා. අදටත් ගොඩක් කරන්නේ ඒ දේවල් තමයි.

 

නිරූපිකාවකට අමතරව වෙළෙඳ දැන්වීම්වලටත් පෙනී ඉන්නවා නේද?

ඔව්, දැනට වෙළෙඳ දැන්වීම් කිහිපයකටම මම දායකවෙලා ඉන්නවා. "ඩයලොග්", "හැටන් නැෂනල් බැංකුව" හා "තුර්කි ඔයිල්" කියන දැන්වීම් වල මම පෙනී ඉඳලා තියෙනවා. තව එක වෙළෙඳ දැන්වීමක් ඉදිරියට එන්න තියෙනවා.

 

ගීත රූප රචනා වලට එහෙම දායකවෙලා නැද්ද?

නැහැ. ඒත්, ආරාධනා නම් ගොඩාක් ලැබුණා. මම භාරගත්තේ නැහැ. මොකද මට අවශ්‍ය කරන්නේ හොඳ ජනප්‍රිය ගායකයෙකුගේ ගීත රූප රචනාවක් හරහා මිනිස්සු අතරට එන්නයි.

 

මොරින්ගේ පුංචි කාලේ හීනේ වුණේ?

පුංචි කාලේ ඉඳලාම ක්‍රීඩා විෂය තුළින් තමයි මම දක්ෂතා දැක්වූයේ. කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට තමයි මම පාසල් ගියේ. පාසලේ සියලු ක්‍රීඩා වලට මම දායක වෙලා ජයග්‍රහණ අත්කර ගෙන තියෙනවා. විශේෂයෙන්ම සමස්ත ලංකා මට්ටමින්. වසර 08ක් තිස්සේ දැල්පන්දු ක්‍රීඩාවට යොමු වෙලා හිටියා. 2012 අවුරුද්දේ විද්‍යාලීය ශිෂ්‍යභට කණ්ඩායමේ සැරයන්වරියක ලෙසත් මම කටයුතු කළා.

ඊට අමතරව සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ වසර 3ක් හොඳම නිළියට හිමි සම්මානය දිනාගෙන තියෙනවා. පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කිවුව මේ අවුරුද්දේ පාසලේ හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානයත් මට දිනාගන්න පුළුවන් වුණා. පාසල් යන කාලේ මගේ හීනේ වුණේ නාට්‍ය හා රංග කලා ගුරුවරියක් වෙන්න. ඒ හීනය ඉදිරියේදී සැබෑ කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

ඔය අතරේ ඔබ අවුරුදු කුමරිය තරගයකටත් ඉදිරිපත් වුණා නේද?

මේ අවුරුද්දේ ස්වාධින රූපවාහිනී නාළිකාව මගින් පවත්වපු "අවුරුදු කුමරිය" තරගයේ අවසන් තරගකාරියන් 15 දෙනා අතරට තේරුණා.

 

රඟපාන්න කැමති නැද්ද?

දැනටත් මට ආරාධනාවක් ලැබුණා. ඒක වැඩ කටයුතු ඉදිරියට පටන් ගන්නවා. අපි බලමු. ඉදිරියේදී මාව රංගන ක්ෂේත්‍රය තුළ දකින්නට ලැබෙයි. ලැබුණ චරිතය ගැන සඳහනක් කළොත් සෙල්ලක්කාර ගැහැනු ළමයෙකුගේ චරිතයක් ඒක.

 

මොනවද ඉලක්ක?

මගේ හීනේ ගුරුවරියක් වෙන එක. ඒ හීනය සැබෑ කරගන්න ඒක තමයි මගේ ලොකුම ඉලක්කය. ඊට අමතරව හොඳ බිරිඳක්, ගුණගරුක මවක් වෙන්න තමයි මගේ ඊළඟ ඉලක්කය වෙලා තියෙන්නේ.

 

උදවු කළ අය?

ගොඩක් ආදරයෙන් මතක් කරන්න ඕනා මගේ අම්මා තාත්තා දෙන්නා. විශේෂයෙන්ම මගේ අම්මා. හැමදේකදීම මා සමග සෙවණැල්ල වගේ මගේ අම්මා ඉන්නවා. මම මේ අවුරුද්දේ තමයි පාසල් අධ්‍යාපනයට සමුදුන්නේ. අපේ පාසලේ විදුහල්පතිනිය ඇතුළු ගුරු මණ්ඩලයේ සියලුමදෙනාව මතක් කරන්න අවශ්‍යයි.

 

2016-12-12-ent-05
2016-12-12-ent-04
2016-12-12-ent-01
2016-12-12-ent-02



අදහස් (0)

පාසල් යන කාලේ නම් මම ගොඩක් දක්ෂ ක්‍රීඩාවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 353 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 533 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 329 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 273 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 868 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 172 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site